සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ක්‍රීඩා 28 කට වාර්තාගත ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ සංඛ්‍යාවක් රොක් වෙති | සිළුමිණ

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ක්‍රීඩා 28 කට වාර්තාගත ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ සංඛ්‍යාවක් රොක් වෙති

 බන්දුල ජයමාන්න

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දක්වනු ලබන අංකුර ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ දස්කම් පාසල් නිවාසාන්තර තරගාවලියේ සිට ජාතික තලය දක්වා ඔසවා තැබීම අරමුණු කරගෙන මෙකී ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කෙරුණි.

තිස් තුන්වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වැඩිම අවධානයක් දිනා ගනු ලබන මලල ක්‍රීඩා තරගාවලිය 11 සිට 15 දක්වා දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලියේ සහ සහාය දිවීමේ තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ සියලුම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේදී සිය දක්ෂතා නැවත උරගා බැලීමට දියගම ක්‍රීඩාංගණයට රොක් වෙති.

වලල සහ මාරිස්ස්ටෙල්ලා

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වලල ඒ රත්නායක බාලිකාවන් පසුගිය වසරේ මලල ක්‍රීඩා බාලිකා ශූරතාවත් සමඟ 11 වතාවක් මෙකී උළෙලේ විශිෂ්ට දස්කම් දක්වද්දී, මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය පසුගිය වසර නිමා කරන විට අඛණ්ඩවම හත්වතාවක් මලල ක්‍රීඩා ශූරතාව දිනා ගෙන තිබේ.

ලාංකේය පාසල් මලල ක්‍රීඩා කෙත නිරන්තරයෙන්ම සිය කුසලතාවන්ගෙන් පෝෂණය කරනු ලබන වලල ඒ රත්නායක විද්‍යාලය 87 වැනි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලියේ දැක්වූ දස්කම් අතරට මෙකී තරගාවලියේ දී ද පැමිණීමට හැකිවුවහොත් සෙසු විද්‍යාලයන්ට එය ප්‍රබල අභියෝගයක් වනු ඇත. බාලක අංශයෙන් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලියේදී මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයට ප්‍රබල අභියෝගයක් වූ ශාන්ත බෙනඩික්ට් සහ වලල ඒ රත්නායක විද්‍යාල අතර මෙවර තියුණු සටහනක් අපේක්ෂා කළ හැකිය.

පසුගිය වසරේ මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ හසිනි ප්‍රබෝධා මෙවර 20 න් පහළ බාලිකා තුන්පිම්ම ඉසව්වට තරග කරන විට එකී වසරේ දක්ෂතම ක්‍රීඩකයා සහ පැනීම් ශූරයා වූ චමල් කුමාරසිරි පාදයේ ආබාධයකට ලක්ව මෙවර තරගාවලියට ඉදිරිපත් නොවූ බව අප කළ විමසුමකදී පැවැසීය.

ලාංකේය පාසල් මලල ක්‍රීඩා පිටියේ රන් කෙල්ල යැයි විරුදාවලිය ලත් අඹගමුව මහා විද්‍යාලයේ යමානි දුලාංජලී සුපුරුදු පරිදි මෙවර ද මීටර් 200, 400, 400 කඩුලු තරණය, මීටර් 100ය4 සහ 400ය4 ඉසව් පහම නියෝජනය කරයි. බෝගම්බර පැවැති 32 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මෙකී ඉසව් පහටම පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර එහිදී ඇයට රන් පදක්කමක් මඟ හැරුණේ මීටර් 400ය4 තරගයේදී පමණි. එහිදී යමානි රන් පදක්කම් හතරක් සමඟ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

යමානිගේ මේ දක්ෂතා නිසා ම දිවීම් ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද හිමිකර ගැනීමට සමත් වුවාය. මීට අමතරව කඩුලු තරණ ඉසව්වල උදිත චන්ද්‍රසේන, විසි කිරීමේ ඉසව්වල ඩිල්ෂාන් රණසිංහ, දක්ෂතම ක්‍රීඩකයන්ට හිමි සම්මාන හිමිකර ගත්හ.

වලල බාලිකාවන් සමස්ත මලල ක්‍රීඩා තරගාවලියේ රැස් කළ ලකුණු (231) සංඛ්‍යාව බාලක- බාලිකා දෙඅංශයෙන් ම විද්‍යාලයක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයකි.

බාලිකා අනුශූරතාව රත්නපුර සුමන බාලිකාවන්ට හිමිවන විට බාලක අනුශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට හිමි විය. යමානි දුලාංජලීගේ පදක්කම් පහෙන් පෙරට පැමිණි අඹගමුව මහා විද්‍යාලය ප්‍රබල පාසල් රැසක් අභිබවා යමින් මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා තෙවැනි ස්ථානය හිමිකර ගනිද්දී, බාලක තෙවැනි ස්ථානය වලල ඒ. රත්නායක විද්‍යාලයට හිමිවිය.

 

පසුගිය වසරේ කණ්ඩායම්

ශූරතා දිනාගත් පාසල්

 

වෙනත් වසරවල සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අවසන් අංගය වන මලල ක්‍රීඩා ඉසව්වලට තරගාවලිය එළැඹෙන විට කණ්ඩායම් තරග සම්පූර්ණයෙන්ම පවත්වා නිම වුවද මෙවර සියලු තරග සති දෙකක් වැනි කාලයක් තුළ පවත්වා නිම කිරීමට සැලසුම් කර තිබේ. මේ තිස් දෙවැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ශූරතා දිනා ගත් පාසල් පිළිබඳ මතක සටහනකි.

 

ශූරතා

මලල ක්‍රීඩා

බාලක - මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය මීගමුව

බාලිකා - වලල ඒ. රත්නායක විද්‍යාලය.

ටෙනිස්

බාලක - ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස

බාලිකා – විශාඛා විද්‍යාලය කොළඹ.

මල්ලවපොර

බාලක - මාරපොල විද්‍යාලය මිනුවන්ගොඩ.

ටයිකොන්ඩෝ

බාලක - සිරිසුමන විද්‍යාලය බදුල්ල/ශාන්ත සෙබස්තියන් විද්‍යාලය කටුනේරිය.

බාලිකා - මල්වල නවෝද්‍යා විද්‍යාලය රත්නපුරය.

ජූඩෝ

බාලක - වික්‍රමබාහු ජාතික පාසල ගම්පොල.

බාලිකා - ජිනරාජ බාලිකා විද්‍යාලය ගම්පොල.

බර එසවීම

බාලක/ බාලිකා රාජකීය ම. ම.

පොළොන්නරුව.

අයෝමය සිසුවා

බාලක - හින්දු ජාතික පාසල පුස්සැල්ලාව.

පැසිපන්දු

බාලක - රාජකීය විද්‍යාලය කොළඹ.

බාලිකා - යහපත් එඬේරාගේ කන්‍යාරාමය කොළඹ.

බැඩ්මින්ටන්

බාලක - ආනන්ද විද්‍යාලය කොළඹ.

බාලිකා - විශාඛා විද්‍යාලය කොළඹ.

පාපැදි

බාලක - ක්‍රිස්තුරාජ ජාතික පාසල වැලිවේරිය

බාලිකා - ශාන්ත ආනා විද්‍යාලය බොරලැස්ස.

නෙට්බෝල්

බාලිකා - ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය කුරුණෑගල

ජිම්නාස්ටික්

බාලක - ආනන්ද විද්‍යාලය කොළඹ

බාලිකා - පිලියන්දල ම. ම. විද්‍යාලය.

බොක්සිං

බාලක - විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨය හොරණ.

සැහැල්ලු පන්දු ක්‍රිකට්

බාලක - කින්නියා ම. ම. විද්‍යාලය කින්නියා.

බාලිකා - සිද්ධාර්ථ ම. ම. විද්‍යාලය එප්පාවල.

ඇරොබික් ජිම්නාස්ටික්

බාලක - ශාන්ත ජෝන් විද්‍යාලය නුගේගොඩ.

බාලිකා - මහාමායා බාලිකා විද්‍යාලය කඩවත.

වොලිබෝල්

බාලක - රාජසිංහ විද්‍යාලය රුවන්වැල්ල

බාලිකා - ගලිගමුව ම. ම.විද්‍යාලය කෑගල්ල.

කරාතේ

බාලක - ද මැසිනොද් විද්‍යාලය කඳාන.

බාලිකා - ශාන්ත ජෝශප් විද්‍යාලය කෑගල්ල.

ත්‍රෝබෝල්

ශූරතාව - කුරුවිට ම. ම. විද්‍යාලය කුරුවිට.

බාලිකා - ජේ. එම්. කුමාරදාස විද්‍යාලය වැල්ලවාය.

හොකී

බාලක - රාජකීය විද්‍යාලය කොළඹ.

බාලිකා - ජනාධිපති විද්‍යාලය නාවල.

කැරම්

බාලක - ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මහනුවර.

බාලිකා - ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය.

පාපන්දු

බාලක - හමිඩ් අල් හුසේනියා විද්‍යාලය කොළඹ.

බාලිකා - මලියදේව බාලිකා විද්‍යාලය කුරුණෑගල.

චෙස්

බාලක - කිංග්ස්වුඩ් විද්‍යාලය මහනුවර.

බාලිකා - විශාඛා විද්‍යාලය කොළඹ.

එල්ලේ

බාලක - ආඬිඅම්බලම විද්‍යාලය.

බාලිකා - කන්දාලේ සිංහල රජයේ මහා විද්‍යාලය කොට්ටන්තිව්.

පිහිනුම්

බාලක - ශාන්ත ජෝශප් විද්‍යාලය කොළඹ.

බාලිකා - විශාඛා විද්‍යාලය කොළඹ.

අර්ධ මැරතන්

බාලක - ජනාධිපති විද්‍යාලය අඹගස්දෝව.

බාලිකා - කුලියාපිටිය ම. ම. විද්‍යාලය.

කබඩි

බාලක - ශාන්ත මරියා විද්‍යාලය කෑගල්ල.

බාලිකා - මෙතෝදිස්ත විද්‍යාලය යාපනය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.