රාත්‍රී නිදාගැනීමට පෙර කිරි බීමට පුරුදු වීමෙන් ලැබෙන වාසි | සිළුමිණ

රාත්‍රී නිදාගැනීමට පෙර කිරි බීමට පුරුදු වීමෙන් ලැබෙන වාසි

කාන්තාවන් කිරි පානය කරන්න පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ සිරුරේ හැඩය මනාව පවත්වා ගෙන නිරෝගී ජීවිතයක් හිමි කර ගැනීමටයි. බොහෝ දුරට අපි පුරුදු වෙලා ඉන්නේ උදෑසන කිරි වීදුරුවක් පානය කරන්න විතරයිනේ. ඒ වුණත් පසුගිය දිනක ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයක් මඟින් තහවුරු වුණා රාත්‍රී නින්දට යාමට පෙර කිරි වීදුරුවක් පානය කළොත් එමඟින්මිනිස් සිරුරට අමතර උත්තේජනයක් ලැබෙන බව. එසේ නම් මේ ඒ පිළිබඳවයි.

හෘදයාබාධ වළක්වා ගත හැක.

හෘදයාබාධ වැළදී ඇති රෝගීන් කිරි පානය කිරීමේ දී ( low fat or non fat ) කිරි වර්ගයක් තෝරා ගත යුතු ය. එමඟින් මෙම රෝගීන්ගේ කො‍ලෙස්ට්‍රරෝල් මට්ටම පාලනය කර ගත හැක. තව ද ප්‍රෝටීන් අධික ප්‍රමාණයක් අඩංගු වීමෙන් සිරුරේ අස්ථි පද්ධතියට අවශ්‍ය ශක්තිය මැනවින් ලබා දේ.

සිරුරට අමතර ශක්තියක්

පුද්ගලයෙකුට ඇතිවන කායික හා මානසික රෝග බොහෝමයක් මඟ හරවා ගැනීම සඳහා සෑම රාත්‍රීයකදීම නිදා ගැනීමට ප්‍රථමයෙන් කිරි වීදුරුවක් පානය කිරීම සුදුසු බව විදෙස් වෛද්‍යවරුන් සනාථ කර ඇත. එසේ සිදු කිරීමේන් පසුදින අවදිවන පුද්ගලයකුට ජවසම්පන්න ලෙස තම වැඩ කටයුතු සිදු කළ හැක.

සුව නින්දක්

සෑම දිනකම රාත්‍රී නින්දට යාමට ප්‍රථමයෙන් කිරි වීදුරුවක් පානය කිරීමට පුරුදු වන්නේ නම් මානසික ව්‍යාකූලතාවන්ගෙන් තොරව නිදා ගත හැක. එමඟින් මනසට රුධිරය සැපයීම ක්‍රමවත්ව සිදු වී සිරුරේ ක්‍රියාකාරීක්වයට අත්‍යවශ්‍ය හෝමෝන ක්‍රමවත්ව ස්‍රාවය වීම ද සිදු කරයි. මෙමගින් උදරය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ බොහොමයක් අවම කර ගත හැක. එමෙන් ම සමබර ආහාරවේලක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිරුර අසීමිත ලෙස මහත් වීම දවළක්වා ගත හැක.

සිරුරේ බර අඩුවෙයි

රාත්‍රී නින්දට පෙර කිරි පානය කිරීමේ දී මේදය රහිත කිරි වර්ගයක්( low fat or non fat ) තෝරා ගැනීමට සැළකිලිමක් විය යුතු ය. එමෙන් ම එක කිරි වීදුරුවක් පමණක් රාත්‍රීයේ දී පානය කිරීමට ද මතක තබා ගත යුතු ය. එක් වීදුරුවකට වඩා කිරි පානය කිරීමෙන් වෙනත් රෝගාබාධ ඇතිවීමට පුළුවන් බව විදෙස් වෛද්‍යවරුන් තම පරීක්ෂණ මඟින් සොයා ගෙන ඇත. එහෙත් සිරුරේ බර පාලනය කිරීම සඳහා රාත්‍රීයට කිරි පානය කිරීමට උනන්දුවක් දක්වන්නන්ට තම පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත සතියකට කිරි පානය කළයුතු ප්‍රමාණය තීරණය කර ගත හැක.

ආහාර ජීර්ණ පද්ධතියට හිතකරයි

ආහාරජීර්ණ පද්ධතිය ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා හේතුවෙන් උදරයේ ඇතිවන සංකූලතා අවම කිරීම සඳහා රාත්‍රී නින්දට යාමට ප්‍රථමයෙන් කිරි පානය කිරීම සුදුසුබව වෛද්‍යවරු සොයා ගෙන තිබේ.

දියවැඩියා රෝගීන්ට වඩාත් යහපත්

type 2 දියවැඩියා තත්ත්වය හෝ වැඩිහිටි කාන්තාවන්ට වැළදී ඇති දියවැඩියා තත්ත්වය වළක්වා ගැනීම සඳහා රාත්‍රි නින්දට පෙර කිරි පානය කිරීම සුදුසු වේ. මෙම දියවැඩියා රෝගීන් තම කිරි වීදුරුවට සීනි අඩංගු නොකිරීමට මතක තබා ගත යුතු ය.

අන්තර්ජාලය ඇසුරෙනි.

මදාරා මුදලිගේ 

Comments