රෝස මල්වලට ආස බව එයා දන්නවා | සිළුමිණ

රෝස මල්වලට ආස බව එයා දන්නවා

සිංහල සිනමාවේ නිළි රැජනගේ පවුලේ සාමාජිකාවක ලෙස රංගනයට උපන් හපන්කම් ඇති නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකා පසුගිය18 වැනිදා සිය උපන්දිනය සැමරුවා. රසඳුනේ අපිත් ඇයට සුබ පතන්න උදෙන්ම ඇගේ නිවහනට ගියා. ඒ ගිය මොහොතේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවුණා. කුතුහලයෙන් පිරුණු ඒ දේවල් ඇත්තද බොරුද කියල දැනගන්න වගේම ඇගේ අලුත්ම තොරතුරු අද ඔයාලට දැනගන්න පුළුවන්.

 සෙනාලි දැන් කීවෙනි උපන්දිනය ද සමරුවේ?

එහෙමත් කියන්න පුළුවන්ද...?

රතු රෝස මල් පොකුරක් නේද මුලින්ම ලැබුණේ?

ඔව්. උපන්දින දවසේ මට මුලින්ම ලැබුණේ රතු රෝස මල් පොකුරක්.

දැන් කාගෙන්ද රතු රෝසමල් හම්බ වුණේ?

මගේ හොඳ යාළුවෙක්ගෙන්. එයා දන්නවා මම රතු රෝස මල් වලට කැමැතියි කියලා.

ඒ හොඳ යාළුවා, සෙනාලිට ගොඩක් සුවිශේෂී කෙනෙක් වගේ?

මගේ හැම යාළුවෙක්ම සුවිශේෂී නේ. ඉතින් මට ඒ යාළුවත් ගොඩක් සුවිශේෂියි.

මේ පාරත් B'day party එකක් ගත්තේ නැද්ද?

මගේ යාළුවෝ ටික එකතු වෙලා ලොකු Plan එකක් ගහලා මාව පන්සල් එක්කගෙන ගියා.එදා හවස මම කාමරේට ඇතුළුවෙනකොට කාමරේ බැලුන් වලින් පුරවලා, මගේ ෆොටෝස් මුළු කාමරේ පුරාම එල්ලලා. ලොකු කේක් එකක් ගෙනැත් මට කපන්න දීලා මාව Surprice කළා.

කියන්නම ඕන B'day දවස එනවට මම හරි ආසයි.ඒ දේවල් සමරන වෙලාවේදී මම පොඩි ළමයෙක් වගේ. හරියට පොඩි බබාගේ උපන්දිනේ වගේ. මේ පාර B'day එකට රෑ 12 ඉඳන් මගේ ෆෝන් එකට calls, sms ගොඩක් ඇවිත් තිබුණා.

සමහර අය මගේ ෆෝන් එකට ගන්න ගොඩක් උත්සාහ කරලා තිබුණා. ඒ නිසාම බැනුණුත් ඇහුවා. හිතන්නෙවත් නැති අය මාව මතකේ තියාගෙන, මගේ B'day එක මතක තියාගෙන මට කතා කළා. ගොඩක් සතුටුයි.

ඒ අයගේ කාර්යබහුල ජීවිතෙන් මං වෙනුවෙන් කාලයක් වෙන්කර එකට ගොඩක් ස්තුතියි කියලා කියනවා. විශේෂයෙන් මට wish කළ හැමෝටම මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා.

ලංකාවට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

අවු. 3, 4 ට කලින් සිරි පැරකුම් චිත්‍රපටය පටන් ගත්තට පස්සේ නිතරම වගේ ආවා ගියා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණ නිසා මාස 6 ට කලින් ලංකාවට ආවේ. ඒ ආව ගමන තමා මෙහෙ නැවතිලා වැඩකටයුතු කරගෙන යන්නේ.

'සිරි පැරකුම්' සිනමා නිර්මාණයෙන් පස්සේ කිසිම සිනමා නිර්මාණයක ඔබව දකින්න ලැබුණේ නැහැ?

ඔව්. ආරාධනා ගොඩක් ලැබුණා. 'සරිගම' චිත්‍රපටය, තවත් හොඳ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් මගේ ඉගෙනීමේ කටයුතු නිසා මට ඒ දේවල් වලට එන්න බැරි වුණා.

හොඳ චිත්‍රපට ඒ නිසා මඟ හැරුණා. හැබැයි ඒ දේ මඟ හැරුණට මගේ අධ්‍යාපන කටයුතු හරහා මම ඉදිරියට ගියා. ඒ නිසා අර 'දුක' මේ 'සතුට' නිසා මඟ හැරුණා. මේ දවස්වල එක චිත්‍රපටයකට සම්බන්ධ වෙලා ඉන්නවා.

අධ්‍යාපන කටයුතු එක්ක ආපහු එංගලන්තෙට යනවද?

මම ජීව විද්‍යා වෛද්‍ය අංශයෙන් විද්‍යාඥවරියක් වෙන්න තමා මගේ undergratuate එක කළේ. ඉතින් ඒ පැත්තෙන් මට 1 st class එකක් ලැබුණා. graduation එකට මම ලබන මාසේ සහභාගි වෙන්න තියෙනවා.

ඒ නිසා ඒ වෙනුවෙන් යනවා. ඉතින් දැන් මම උපාධියක් තියෙන ජීව විද්‍යා වෛද්‍ය අංශයේ විද්‍යාඥවරියක් . මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මාස්ටර් එකක් හරි phd එකක් හරි කරන්න.මම ඉගෙන ගත්ත දේ තුළින් ලංකාවට සේවයක් කරන්න කැමැතියි.

ඒක තමා ලොකුම ආසාව. මම ලංකාවට ආදරෙයි.ඉතින් එංගලන්තේ අවු.15 ක් 16 ක් ජීවත් වුණත් ලංකාවට එනවා කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ.

නමුත් ඉගෙනීම වෙනුවෙන් අවු.3 ක් 4 ක් වගේ ලොකු කාලයක් දුන්න නිසා දැන් පොඩ්ඩක් කලාවට ඒ කියන්නේ මගේ ආසාවට ඉඩ දෙනවා කියලා තීරණය කළා.

'හාර කෝටියට' ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ගොඩක් සතුටින් වගේම ආසාවෙන් මම ඒ චරිතේ කරන්නේ. දැන් නම් ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා.

පසුගිය දවසක ඔබ පැවසු දෙයක් සමාජ ජාල හරහා දක්නට ලැබුණා. ඒ ඔබ 'රංගනයේදී නිරුවත් වෙන්න කැමැතියි කියලා'

ඒක බොරුවක්. මම පෞද්ගලිකව සුදානම් නැහැ ඒ වගේ චරිතයකට පණ පොවන්න. අපි නිළියක් විදියට ඒ වගේ චරිතයක් කරද්දී බලන කෙනාට ඇත්ත වගේ දැනෙන්න ඕන නේ.

එතකොට මම හිතන් නැහැ මට පුළුවන් කියලා රඟපාන්න ඇත්ත වගේ. මොකද මට බයක්, සුදානම් නැති බවක් මුහුණෙන් පෙනෙයි මම රංගනයේ ඉඳිද්දී. ඒ නිසා මම ඒකට සුදානම් නැහැ. නමුත් එහෙම කලා කටයුත්තක් දිහා මම වැරැදියට බලන්නේ නැහැ. මොකද ඒ කලා කටයුත්තෙදි ඒ කතන්දරයට, ඒ දේවල් අවශ්‍ය නම් ඒවා භාවිතා කරන එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. නමුත් මම ගැන නෙමෙයි මම මේ කියන්නේ. පොදුවේ කලාව ගැනයි කියන්නේ.

 

Comments