නාරාහේන්පිට අක්කර 30ක සුපිරි හරිත නගරයක් | සිළුමිණ

නාරාහේන්පිට අක්කර 30ක සුපිරි හරිත නගරයක්

ඉදිරි වසර තුන ඇතුළත නාරාහේන්පිට කිරි මණ්ඩල මාවත ප්‍රදේශයේ අක්කර 30 ක සියලු පහසුකම් ඇති හරිත නගරයක් ඉදිකරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදී මේ ප්‍රදේශයේ පාසල්, සාප්පු, රෝහල් හා පරිසර හිතකාමී නිවාසවලින් සමන්විත වූ හරිත නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

ඊට අමතරව නාරාහේන්පිට ප්‍රදේශය නව දුම්රිය මධ්‍යස්ථානයක් ලෙස ද සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ.

දැනට නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ පිහිටුවා ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩල ගොඩනැඟිලි ඉන් ඉවත් කරන අතර ඒවා කෙරවලපිටියේ ඉදිකරන නව ප්‍රවර්ජන නගරයේ ස්ථාපිත කෙරේ.

මෙම ප්‍රවර්ජන නගරයෙන් වරායට ගුවන් තොටුපළට ප්‍රධාන සැපයුම් ද ලබාදීමට සැලසුම් කර ඇත. මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ‍උපදෙස් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.

Comments