වෘත්තීය පුහුණුලාභීන්ට නිපුණ දිරිය ශිෂ්‍යාධාර | Page 2 | සිළුමිණ

වෘත්තීය පුහුණුලාභීන්ට නිපුණ දිරිය ශිෂ්‍යාධාර

පූර්ණකාලීන වෘත්තීය පුහුණුලාභීන් සඳහා 'නිපුණ දිරිය' නමින් මාසික දීමනාවක් ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බව දැනගන්නට තිබේ. පවුලේ ආදායම සැලකිල්ලට ගෙන ශිෂ්‍යධාරයක් ලෙස හඳුන්වා දෙන 'නිපුණ දිරිය' සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව මණ්ඩලය, කාර්මික පුහුණු කිරීමේ ආයතනය, කාර්මික විද්‍යාල හා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල යන ආයතනවල වෘත්තීය පුහුණුලාභියෝ සුදුසුකම් ලබති. දැනට වසරකට එම ආයතනවලින් වෘත්තීය පුහුණුව ලබන ආධුනිකයන් ගණන ලක්ෂය ඉක්මවයි.

අන්තර්ජාතික ශ්‍රම වෙළෙඳපොළට වෘත්තීය පුහුණු ලාභීන් වැඩි පිරිසක් යොමු කිරීමේ අරමුණින් මේ වැඩපිළිවෙළ ක්‍රියාමත්මක වේ. එමෙන්ම එක් එක් පුද්ගලයාගේ වෘත්තීය නිපුණතාව, හඳුනාගෙන ඔවුන්ගේ ජීවන මට්ටමට සුදුසු රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමද මෙමඟින් බලාපොරොත්තු වේ. 

Comments