කුරුලෑ මඩින්න සිව්වනක් පිළියම් | සිළුමිණ

කුරුලෑ මඩින්න සිව්වනක් පිළියම්

කුරුලෑ රූපය ගැන කරදර වෙන ගැහැනු පිරිමි කාටත් වද දෙන ගැටලුවක්. යොවුන් වියේ මුල් අවදියේ පසුවන දැරියන්ට මෙන් ම පිරිමි ළමුන්ගේත් හිතට වද දෙන කුරුලෑ මතු වන්නේ ඒ වයසට සිරුරේ සිදුවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසයි. සි‍රුරේ ඇති මේදවාහිනී ග්‍රන්ථිවලින් පමණට වඩා මේදය වෑහීම කුරුලෑ ඇතිවීමට හේතු වෙනවා. යොවුන් වියේ පසුවන්නන් මෙන්ම කුරුලෑ වැඩිපුර තිබෙන කාටත් මෙය මනසට වද දෙන ගැටලුවක්. බොහෝ දෙනා සිතන්නේ කුරුලෑ සඳහා ඖෂධීය ප්‍රතිකාර කළ යුතු බවයි. එහෙත් කුරුලෑ මර්දනය සඳහා නිවසේදීම කළ හැකි සරල පිළියම් ද තිබෙනවා. ඒ අතරින් වැදගත් පියවර කිහිපයක් මේ.

සීනි, පිපිඤ්ඤා යුෂ මිශ්‍රණය

කුරුලෑ ඇති වීම ගැන කලබල නොවන්න. එය ඔබේ සිරුරෙහි කාලීනව සිදුවන ස්වාභාවික ජීව විද්‍යාත්මක සංසිද්ධියක් බව පළමුව සිතන්න. එලෙස හෝමෝන ක්‍රියාකාරීත්වය ඒ කාලයට පමණක් සීමා වන හෙයින් පමණට වඩා ඒ ගැන සිතමින් තැවීම නිශ්ඵලය. කුරුලෑ ඇති වී ස්වභාවිකවම පුපුරා යයි. එතෙක් ඉවසන්න. නිතර අතපත ගෑමෙන් වළකින්න. කුරුලෑ මිරිකා සැරව ඉවත් කිරීමට යාමෙන් මුහුණේ තුවාල ඇති විය හැකිය. එසේ වූ විට ඇතිවන තුවාල කැලැල් ඇතැම්විට ජීවිත කාලය පුරාම පැවතීමට ඉඩ තිබේ. සීනි, පිපිඤ්ඤා යුෂ මිශ්‍රණය ‍හෝ දෙහි යුෂ මිශ්‍ර පිරිසුදු කාරක යොදා ගන්නා.

ගණකමැති ස්ක්‍රබ් හෝ සැර පිරිසුදු කාරකවලින් අතුල්ලා සේදීම නුසුදුසුය. රසායනික ද්‍රව්‍ය ඔබගේ හමට හානිකරයි. කැලැල් මැකීමට උපකාරී වන හෙයින් දෙහි හෝ ලෙමන් යුෂ භාවිතා කළ හැකිය. සීනි සහ ඔලිව් ඔයිල් ස්ක්‍රබ් එකක් යෙදීමද පිපිඤ්ඤා යුෂ තැවරීමද සුදුසුය. මුහුණ පිසදමන තුවා හොඳින් සෝදා පිරිසුදු කර ගැනීම ඉතා වැදගත්ය. සීනි සහ දෙහි යුෂ මිශ්‍රණයෙන් අතුල්ලා මුහුණ පිරිසුදු කරගන්න.

‍පොල්තෙල් සහ ඔලිව් තෙල්.

තෙල් ආහාරයට ගැනීමෙන් කුරුලෑ ඇති වේය යන මතය මිත්‍යාවකි. කුරුලෑ ඇතිවෙන්නේ සම මත ඇති සිදුරු පමණට වඩා මේද ග්‍රන්ථිවලින් වෑහෙන තෙල්වලින් වැසී යාමෙන් සහ බැක්ටීරියා ආසාදන වීමෙනි. ඇතැම් තෙල් සහිත ආහාර ගැනීමෙන් කුරුලෑ වැඩි වන බව ඔබට දැනේ නම් එම ආහාර ගැනීමෙන් වළකින්න. එහෙත් ඔලිව් ඔයිල්වල විටමින් ඒ සහ ඩී අඩංගු වන හෙයින් එය සමට හිතකරය. පොල් තෙල් වලින් සිරුර පිරිමැදීමෙන් එහි ඇති සුවකිරීමේ ගුණය පහසුවෙන් ම ඔබේ හම සුවපත් කරවයි.

දැඩි හිරු රැස් මගහරින්න.

තද අව්වට නිරාවරණය වීමෙන් වළකින්න. හිරු එළියෙහි පවතින පාර ජම්බුල කිරණ ඍජුවම සම මත පතිත වීමෙන් සම වියැළෙයි. අව පැහැ ගැන්වෙයි. හිරු එළියේ ගැවසෙන විට හිරු ආවරණ ආලේපයක් ගැල්වීම සුදුසය. හොඳින් අතපය වැසෙන ඇඳුම් සහ කුඩයක් භාවිතා කරන්න.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.