ගජබා සුපර්ෙක්‍රාස් කිරුළ හෙලිබීස්ට | සිළුමිණ

ගජබා සුපර්ෙක්‍රාස් කිරුළ හෙලිබීස්ට

ශ්‍රී ලංකාවේ මෝටර් රථ හා යතුරු පැදි ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කරලීම වෙනුවෙන් හෙලිබීස් දැඩිව කැපවී සිටී. එය රටේ ඉහළම ක්‍රීඩාලෝලී ආකර්ශනයක් සහිත ක්‍රීඩාවක් බවට පත්කිරීම වෙනුවෙන් ඔවුන් නිබඳව වෙහෙසෙයි.

හෙලිබීස් (Hellibees) ධාවන කණ්ඩායමේ ආරම්භය සිදුවූයේ යතුරුපැදි ධාවන තරගවලට ඉමහත් කැමැත්තක් දක්වන ධාවකයන් දෙදෙනකු හා යතුරු පැදි සම්බන්ධයෙන් එබඳුම වූ උද්යෝගයක් සහිත වූ පුද්ගලයකු, එම ක්‍රීඩාවට දැක්වූ ආදරයේ ප්‍රතිඵලයක් ලෙසය.

පසුගියදා, අනුරාධපුර සාලියපුර ධාවන පථයේ දී නිමාව දුටු ‘ගජබා සුපර්ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියේදී ඉහළම දක්ෂතා පෙන්වමින් හොඳම කණ්ඩායම ලෙස ඇගයුමට පාත්‍ර වූයේ හෙලිබීස් කණ්ඩායමයි. ක්ෂේත්‍රයේ නාමධාරී කණ්ඩායම් ගණනාවක් පසුපසට ඇද දමමින් ‘හෙලිබීස්’ කණ්ඩායම එම ඉහළ තත්ත්වය කරා ඔසවා තැබීමේ දී ඉෂාන් දසනායක, ජනක ඩයස්, මයිකල් විජේසූරිය, මිනුක රත්නායක, නිසල මලින්ද පෑ දක්ෂතා සෑහෙන උපකාරී වූ වග ප්‍රශ්න විරහිත ය.

තරගාවලියේ දක්ෂත ම කණ්ඩායම වූ ‘හෙලිබීස්’ හි ඉහළ දක්ෂතාවන් මෙන් ම එය නියෝජනය කළ ධාවකයන් ප්‍රදර්ශනය කළ විනයානුකූල තරග රටාව ද සාලියපුර ධාවන පථයට එක්රැස් වූ දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීණ්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර විණි. හුදු තරග ජයග්‍රහණයට එහා ගිය වෘත්තීයමය ක්‍රීඩා රටාවක් ‘හෙලිබීස්’ කණ්ඩායම වෙතින් එහිදී නිරතුරුව ම දක්නට ලැබුණි. මේ වන විට ශ්‍රී ලංකාවේ මෝටර් රථ හා යතුරුපැදි ධාවන ක්ෂේත්‍රයේ ආධිපත්‍යය නතු කරගෙන සිටින ‘හෙලිබීස්’ කණ්ඩායම කවුරුන් ද ඔවුනගේ ඉතිහ­ාසය, පසුබිම කුමක් ද යන්න දැනගැනුම ක්‍රීඩා‍‍ලෝලීනට පාඩු නොවේ.

හෙලිබීස් (Hellibees) ධාවන කණ්ඩායමේ ආරම්භය සිදුවූයේ යතුරුපැදි ධාවන තරගවලට ඉමහත් කැමැත්තක් දක්වන ධාවකයන් දෙදෙනකු හා යතුරු පැදි සම්බන්ධයෙන් එබඳුම වූ උද්යෝගයක් සහිත වූ පුද්ගලයකු, එම ක්‍රීඩාවට දැක්වූ ආදරයේ ප්‍රතිඵලයක් ලෙසය. එම සුසංයෝගය, ආකර්ෂණීය නව සබඳතාවක් දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයට රැගෙන ආවේය. ඒ මීට වසර තුනකට පමණ ඉහතදීය. සැබවින්ම එය රසවත් කතාන්දරයක් ම ය.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ හා යතුරු පැදි ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ නැංවීම හෙලිබීස් හි මූලික දර්ශනයයි. සුවිශේෂී නව අවස්ථාවන් නිර්මාණය කරමින් තම ඉහළම හැකියාවන් වෙත ළඟාවීම වෙනුවෙන් යතුරුපැදි හා මෝටර් රථ ධාවකයන්ට අවශ්‍ය සහාය ලබාදීම එහි අරමුණයි. තම හැකියාවන් දේශීයව හා අන්තර්ජාතිකව ප්‍රදර්ශනය කරලීමට ධාවකයන්ට ඉඩ ලබාදීම තුළ මව්බිමට කීර්තිය හා ගෞරවය ඔවුන් රැගෙන එනු දැකීම හෙලිබීස් හි අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ හා යතුරු පැදි ක්‍රීඩාවේ දිශානතිය වෙනස් කරලීම වෙනුවෙන් හෙලිබීස් දැඩිව කැපවී සිටී. එය රටේ ඉහළම ක්‍රීඩාලෝලී ආකර්ශනයක් සහිත ක්‍රීඩාවක් බවට පත්කිරීම වෙනුවෙන් ඔවුන් නිබඳව වෙහෙසෙයි. බලාපොරොත්තු තැබිය හැකි ධාවකයන්ව තෝරා ගනමින් ඔවුනට හොඳම යන්ත්‍ර ලබාදෙමින් හෙලිබීස් බලාපොරොත්තු වනුයේ දේශීය යතුරුපැදි හා මෝටර් රථ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටම කරා ඉහළ නංවමින් අනතුරුව ජාත්‍යන්තර තරග සඳහා අපගේ ධාවකයන්ට හා රියැදුරන්ව සම්බන්ධ කෙරුමටය.

ධාවන පුහුණු වැඩසටහනක් ඔස්සේ තරුණ ධාවකයන්ගේ හැකියාවන් මුවහත් කරලීම වෙනුවෙන් හෙලිබීස් නිරතුරුවම වෙහෙසෙනුයේ ප්‍රවීණ යතුරුපැදි ධාවන ශූර නෙඩ් ඩැනියෙල් ගේ විශේෂඥ දැනුම ඒ වෙනුවෙන් යොදාගනිමිනි. මේ වන විට හෙලිබීස් හි ඇතැම් ධාවකයන් ජාත්‍යන්තර තරග සඳහා තම සහභාගීත්වය එක්කිරීම මෙම කෙටිකාලය තුළ ඔවුන් හිමිකරගෙන ඇති සාර්ථකත්වය පෙන්වන කැඩපතක් බඳුය.

සුපැහැදිලිවම හෙලිබීස් ධාවන කණ්ඩායම යනු ක්‍රියාශීලී කණ්ඩායමක එකතුවකි. තිරයෙන් පිටුපස හිඳිමින් 100කට වඩා වැඩි පිරිසක් ඉදිරිය බලායෑමට අවශ්‍ය ජවය ශක්තිය මේ වෙනුවෙන් ඔවුනට සපයනු ලබයි. තරගයට පෙර සූදානම, ප්‍රවාහනය, සන්නාමකරණය ආදි වූ බොහෝ ක්‍රියාකාරකම් සඳහා ඔව්හු සම්බන්ධවී සිටිති. තාක්ෂණික සහ සැපයුම් කාර්යමණ්ඩලය, ඉසව් හා ප්‍රවාහන සම්බන්ධිකාරකවරුන්, සන්නාම කළමනාකරුවන්, මහජන සබඳතා, නිර්මාණාත්මක කාර්ය මණ්ඩලය ඇතුළු මේ සියලු දෙනා හෙලිබීස් ධාවන කණ්ඩායමේ සුමට ක්‍රියාකාරීත්වය සහතික කරලීම වෙනුවෙන් එකට එක්ව කටයුතු කරන අතර, ඔවුන්ගේ එම දායකත්ව පංගුව නොවන්නට මෙතරම් සාර්ථකත්වයක් කෙටිකාලයක් තුළ අත්පත් කරගැනුම හෙලිබීස්ට පහසු නොවනු ඇත. මේ වන විට දේශීය යතුරුපැදි හා මෝටර් රථ ක්‍රීඩාව තුළ ඉහළම, රිද්මයේ පසුවන යතුරුපැදි ධාවකයන් 14 දෙනකු හා රියැදුරන් 08 දෙනකු හෙලිබීස් කණ්ඩායම නියෝජනය කරති. ඒ සෑම කෙනෙකුම පාහේ ජයග්‍රාහකයන් බවට පත්ව සිටීම සුවිශේෂත්වයකි.

සැබැවින්ම හෙලිබීස් ධාවන කණ්ඩායමේ කොඳුනාරටිය වනුයේ ඔවුන ගේ උපදේශකයන් හා ෂෙරාන් ප්‍රනාන්දු, ෂිරේන්ද්‍ර ලෝරන්ස්, සන්ජේ කුලතුංග, හරීන් ද සිල්වා, විජේරත්න, නීල් ඩැනියෙල්, රීසා ඔ‍ෙඩයාර්, ෆෙරොස් ඕමාර්, රත්වනේ ද ලිවේරා, ආචාර්ය රාධිකා ජිනදාස, රොබට් ජයතුංග හා කුමාර් සංගක්කාර බඳු සුප්‍රකට පුද්ගලයන් වෙතින් ඒ වෙ හිමිවන්නා වූ ආශ්වාදජනක පෙළඹවීම්ය.

චන්දිම ගුණරත්න, ඇන්ඩෘ චොක්සී, ලියාම් ලෝරන්ස්, මයිකල් විජේසූරිය, ක්ලෙමන්ට් සෙනෙවිරත්න, ජනක ඩයස්, සංජීව ද මෙල්, ධනුෂ්ක සුරවීර හෙලිබීස් කණ්ඩායම නියෝජනය කරමින් මෝටර් රථ තරග සඳහා සම්බන්ධව වන අතර නෙඩ් ඩැනියෙල්, ෂොයෙල් ඩැනියෙල්, සංගීත් සූරියගේ, ලකිත ශාමල්, හංසිකා අබේසිංහ, මොහොමඩ් ශෂාන්, ෂිරාන් සැමුවෙල්, ජින් ලියනගේ, නිසල මලින්ද, ඉෂාන් දසනායක, බානුක රත්නායක, අෂේන් නෙත්තිකුමාර, මිනුක රත්නායක, රිවිනු රත්නායක එහි යතුරු පැදි ධාවන කණ්ඩායම නියෝජනය කරති. විශේෂයෙන්ම යතුරුපැදි ධාවන තරගාවලදී හෙලිබීස් තම ‘මුද්‍රාව’ මේ වන විට රට තුළ ඉහළින්ම සටහන් කර ඇත්තේ, පසුගිය කාලයේ පැවැති තරගාවලි වලදී ජයග්‍රහණ රැසක් තම කුසලතා කැබිනෙට්ටුවට එකතු කර ගනිමිනි.

එම සියලු වික්‍රමයන් සිදුකෙරුම උදෙසා ‘හෙලිබීස්’ වෙත තම නිර්ලෝභී අනුග්‍රාහකත්වය පිරිනමමින් ඊට ශක්තියක් වීමට රටේ නාමධාරී ආයතන ගණනාවක් ඔවුන් සමඟ සම්බන්ධ වී සිටිති. ගණනින් එය තිස් ගණනකි.

මේ අතර හෙලිබීස් කණ්ඩායම ඉතා කෙටි කාලයක් තුළ මෝටර් රථ හා යතුරු පැදි ක්‍රීඩාව තුළ ලැබූ සාර්ථකත්වය දුටු ඔරේන්ජ් සමාගම මෙරට කරාටේ ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් එක්වන ලෙස ඉල්ලීමක් කරන ලදී. ඊට ධනාත්මක ප්‍රතිචාරයක් “හෙලිබීස්” කණ්ඩායම දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස කරාටේ ක්‍රීඩකයන් තිස්දෙනකු සඳහා පුහුණුවීම් කටයුතුවලට අවශ්‍ය සහාය ලබාදීම හෙලිබීස් මේ වනවිට සිදුකරනු ලබයි. ප්‍රකට පුහුණුකරු ආර්. ජේ. එඩවර්ඩ්ගේ ගුරුහරුකම් යටතේ 2020 ඔලිම්පික් උලෙළ ඉලක්ක කර ගනිමින් ඔව්හු පුහුණුවීම් කටයුතු සිදුකරනු ලබති.


චාමර ලක්ෂාන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.