ජනමාධ්‍ය විද්‍යාලයෙන් පුහුණු පාඨමාලා රැසක් | Page 2 | සිළුමිණ

ජනමාධ්‍ය විද්‍යාලයෙන් පුහුණු පාඨමාලා රැසක්

මෙරට ජනමාධ්‍ය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය විසින් නව සහතික පත්‍ර පාඨමාලා කිහිපයක් ම සැප්තැම්බර් මස අවසානයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

වෘත්තීමය රූපවාහිනි ප්‍රවෘත්ති කැමරා ශිල්පියෙකු වීම සඳහා වන සහතික පත්‍ර පාඨමාලාව සතියේ දිනවල දී හෝ සති අන්ත දිනයක දී හැදෑරීමට හැකියාව ඇත.

එම පාඨමාලාවේ දී ප්‍රවෘත්ති වාර්තාකරණය, කැමරා සහ එය ප්‍රායෝගිකව හැසිරවීම, කැමරා කාච හැසිරවීම, රූප භාෂාව, බහු කැමරා භාවිතය ද සංස්කරණය, තාක්ෂණය හා ආලෝකකරණය ඇතුළු ප්‍රවෘත්ති කැමරා ශිල්පියෙකු වීමට අවශ්‍ය පූර්ණ දැනුමක් ලබා ගත හැකිය.

මේ අතර උසස් පෙළ විභාගය අවසන්ව නිවසේ සිටින සිසු සිසුවියන් සඳහා ජනමාධ්‍ය පිළිබඳ මූලික දැනුමක් ලබා සන්නිවේදන ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුම ලබා ගත හැකි ජනමාධ්‍යකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ද ඇරඹීමට නියමිතව ඇත. උසස් පෙළ හැදෑරූ දරුවන්ගේ අනාගත අධ්‍යාපන හෝ වෘත්තීය සැලසුම කුමක් වුවත් සන්නිවේදන කුසලතා ඔප්නංවාගෙන දහස් ගණනක් අතර ප්‍රමුඛයෙකු වීමට මෙමඟින් කදිම අවස්ථාවක් සැලසේ.

නිර්මාණාත්මක සන්නිවේදනය, රූපවාහිනි, ගුවන්විදුලි සහ මුද්‍රිත මාධ්‍ය, සමාජ ජාල, නව මාධ්‍ය සහ ජංගම දුරකථන යොදා ගනිමින් කෙරෙන වාර්තාකරණය ඇතුළු විෂයයන් කිහිපයක් ඔස්සේ ජනමාධ්‍ය හැදෑරීමට මෙම පාඨමාලාව ඔස්සේ අවස්ථාව සැලසේ.

මෙයට අමතරව භාෂා පරිවර්තනය සහ භාෂණ පරිවර්තනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ද හඳුන්වා දී ඇති අතර එහිදී වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු ලෙස පුහුණුව ලැබීමට හැකිය. ව්‍යවස්ථාවට අනුව සියලුම රජයේ සේවකයන් රාජ්‍ය භාෂා පිළිබඳ දැනුමකින් සමන්විත විය යුතු නිසා ඔවුනට ද ගැළපෙන අයුරින් පාඨමාලාව සකස් කර තිබේ.

මෙම පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු 0115353635 ඔස්සේ හෝ [email protected] යන ඊමේල් ලිපිනය හරහා ලබා ගත හැකිය. වෙබ් අඩවිය www.slcj.lk 

 

Comments