ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න පාසල් ක්‍රිකට් සංගම්වල සහාය | සිළුමිණ

ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න පාසල් ක්‍රිකට් සංගම්වල සහාය

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් සඳහා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් නිසි පරිදි සංචිතයකට ඇතුළත් නොවීම ද හේතුවක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරින් හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශයට කැඳවා තිබුණි.

පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සහ නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ. පසුගිය කාලයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් පාසල් සංචිත පත් කිරීමේදී සහ ඔවුන් අතරින් ජාත්‍යන්තර කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී සිදු වූ විවිධ අකටයුතුකම් ක්‍රීඩාවේ ඇද වැටීමට හේතු වී ඇති බව පාසල් ක්‍රිකට් සංගමය නිලධාරිහු ද අවධාරණය කරති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ පාසල් මට්ටමින් දක්ෂ ක්‍රීඩකයන් නිර්මාණය කර දීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය සතුව ඇති බැවින්, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කොට එහි ද උපදෙස් ලබා ගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා විශේෂ වැඩපිළ‍ිවෙළක් දියත් කිරීමට තමා නායකත්වය ලබාදෙන බවයි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.