ශ්‍රී ලංකා වාර්තා ත්‍රිත්වයක් | සිළුමිණ

ශ්‍රී ලංකා වාර්තා ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 95 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූයේ නව ශ්‍රී ලංකා වාර්තා ත්‍රිත්වයක් ද සමඟිනි. මීට අමතරව නව තරග වාර්තා අටක් සහ තරග වාර්තාවක් සමකිරීමක් ද සිදුවිය.

මෙවර ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ යුද හමුදාවේ උපමාලි රත්නකුමාරිය. ඇය මීටර් 400 ඉසව්ව තත්පර 53.63 කින් නිමා කළාය. දක්ෂතම ක්‍රීඩකයා වූයේ ගුවන් හමුදාවේ මංජුල කුමාරය. හෙතෙම උස පැනීම ජය ගත්තේ මීටර් 2.21 ක දක්ෂතාවයක් දක්වමිනි. ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට (කේවල ඉසව්) පිරිනමන ශූරතාවත් ඔහුට හිමි විය. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 කට වැඩි පිරිසක් සහභාගි වූහ. පැවැති මුළු ඉසව් ගණන 18 කි. ශූරතාවලිය පැවැති දින ගණන 03 කි.

 නව ශ්‍රී ලංකා වාර්තා

අනිතා ජෙගදීස්වරන් කාන්තා රිටි පැනීම - මීටර් 3.47

ලක්ෂිකා සුගන්ධි කාන්තා සත්ප්‍රයාම - ලකුණු 4879

අජිත් කරුණාතිලක පිරිමි දස ප්‍රයාම - ලකුණු 7096

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.