කෑම සොයන කුරුල්ලනේ... | සිළුමිණ

කෑම සොයන කුරුල්ලනේ...

ඊතල මෙන් පියා සලන               කුරුල්ලනේ
පුංචි නෙත්වලින් බල බල           විමසිල්ලෙන්
පුංචි හොටේ දික් කර කර කෑම     සොයන්නේ
ගසෙන් ගසට පැන පැන රංචු       ගැසෙන්නේ

පුංචි හොටෙන් තැන තැන කොළ පෙරළන්නේ
පුංචි හොටේ දිගු කරමින් පණුවන්   අහුලන්නේ
වටපිට බලමින් රස කර කෑම          ගිලින්නේ
සතුටින් කීචි බීචි නාද                   නගන්නේ

එනිදු සුපසන් ප්‍රේමසුන්දර
5 ශ්‍රේණිය ‘බී’,
කේරි විද්‍යාලය,
කොළඹ 08. 

Comments