සිතේ කැඩ­පත ගතේ සැඟ­වෙත | සිළුමිණ

සිතේ කැඩ­පත ගතේ සැඟ­වෙත

ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ ‍තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගන්න. ලග්නයට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශියයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්; ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට ‍මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.

වෘශ්චික රාශියේ සඳු තැන්පත්ව සිටියදී උපන් කාන්තාව බෙහෙවින්ම මතභේදාත්මකය.මැය කුමන හෝ ආකාරයකින් ප්‍රසිද්ධියට පත්වන චරිතයකි. බොහෝ විට ප්‍රකට වන්නේ දෝෂ සහිතක්‍රියා කලාපයන් සම්බන්ධයෙනි. උඩඟු එමෙන්ම ඊර්ෂ්‍යාකාරී සිතිවිලි හේතු ‍කොට ගෙන අන් අය අතර මත භේදයට ලක්වේ. සඳු ග්‍රහයා වෘශ්චික රාශියේ දී නීච තත්ත්වයට පත්වේ. සඳුගේ සොමි ගුණය සහ අධ්‍යාත්මික පවිත්‍රතාව හීන වේ. වෘශ්චිකයේ සඳු සිටියදී උපන් කත ආධ්‍යාත්මික අංශයෙන් පොහොසත් නොවන නමුත් ධන ධාන්‍ය වස්තු සම්පත් ආදී ලෞකික අංශයෙන් සාර්ථක වේ.

ආත්මාර්ථකාමය,කපටිකම සහ පලිගැනීම් යනාදියට බිය නොවන හෙයින් ඇය කෙසේ හෝ තම අරමුණ ඉටුකර ගනී.ලැජ්ජාව සහ බිය ‍නොහඳුනන තැනැත්තියකි.

මැය දක්ෂ ඔත්තුකාරියකි. එමෙන්ම රහස් සෙවීමටද හපනියකි. තම ලිංගික ආකර්ෂණය නොමසුරුව යොදා ගනිමින් පරසිත් හඳුනා ගැනීමට ද දක්ෂය. ලොව දක්ෂ ඔත්තුකාරියන් කිහිප දෙනෙකුගේම කේන්දරවල සඳු නීච ව වෘශ්චික රාශියේ තැන්පත්ව සිටින අයුරු මා දැක ඇත.

අනුන්ගේ රහස් සොයන නමුත් තමා සතු සියල්ල් සඟවා ගෙන ක්‍රියාකිරීමටද උපන්ගෙයි දක්ෂ තැනැත්තියකි. මැයට මිතුරු - මිතුරියන් ද අඩුය.ඇත්තේම නැති තරම්ය. කාමාතුර වන අතරම ලිංගික ක්‍රියාවෙහි සෑහීමකට හෝ වෙහෙසට හෝ පත් නොවේ.විනෝදාත්මක,සැප සම්පත් පිරි ජීවිතයක් ගෙවන නමුත් මතු භවය අඳුරු විය හැක. සඳු සිත පිළිබඳ කාරක ග්‍රහයාය.එමෙන්ම සඳු නීච වූ විට අදහස් ඉතා විෂම ස්වභාවයක් ගනී.අහංකාරය,පලිගැනීම,පාවාදීම සහ ලැජ්ජා බිය රහිත බව හට ගත්තේ ද ආධ්‍යාක්මික ගුණය හීන වන්නේ ද ඒ නිසාය.

මනස් කාන්ත කෙසේ කළඹකට සහ කළු ආකර්ෂණීය දෙනෙතක් මිහිවේ. මුහුණ වියළී ගිය සඳවත මෙනි.ඡවි වර්ණය ඇති නමුත් කිසිවිටෙක වටකුරු පැහැපත් මුහුණක් හිමි නොවේ.අරුණ පැහැයෙන් යුත් සම රෝගකාරකය.ඔසප් චක්‍රය සහ යෝනි මාර්ගය ආශ්‍රිත අසාත්මිකතාවන්්ට නිතර ගොදුරු වේ.

සඳු නීචව උපන් කාන්තාවගේ සාමාන්‍ය ගති සොබාවය මෙසේ වන නමුත් සඳුගේ නීචය භංගවන්නේ නම් එය රාජ යෝගයක් ලෙස සුබ පල ලබා දෙයි.

ගුරු - ආදී සුබ ග්‍රහයෙකු සමඟ සංයෝගව ‍හෝ එවැනි සුබ ග්‍රහයකු ගේ දෘෂ්ටියක් පතිත වන්නේ නම් පෙර ලක්ෂණ වෙනස් වේ.මෙවැනි තත්ත්වයක දී සඳු තැන්පත් නැකත- භාවය -සහ විශේෂයෙන්ම නවාම්ශයේ සඳු තැන්පත්ව සිටින ආකාරය සියුම්ව පරීක්ෂා කළ යුතුය.

නීච සඳු‍ට කෲර/පාප ග්‍රහයකුගේ දෘෂ්ටිය වැටෙන්නේ ද ,අසුබ නැකතක හා අරිටු ස්ථානයක තැන්පත්ව සි‍ටින්නේ ද නවම්ශයේ දීත් ඒ එසේම වන්නේ ද එසේ නම් එම තැනැත්තිය පාප ස්ත්‍රියක ලෙස නිගමනය කළ හැක.

එහෙත් සඳුගේ නීචය භංගවන්නේ ද,සුබ ග්‍රහ දෘෂ්ටියක් යොමු වන්නේ ද,සුබ නැකතක තැන්පත්ව සි‍ටින්නේ ද නවාම්ශයේ ද එසේම වන්නේ ද ඇය යහපත් කාන්තාවකි‍.දයාබර මවක් සහ සෙනෙහෙබර බිරිඳක් වන්නීය.ඔබේ කේන්දරයේ සඳු වෘශ්චික රාශියේ තැන්පත්ව සිටී නම් කලබල නොවී අනෙක් සාධක පිරික්සා බලන්න.සඳුගේ නීචය භංග වන්නේ නම් ඔබට රැජිණක ලෙස ජීවත්විය හැකිය.

යම් හෙයකින් සඳුගේ නීචය සමඟ අනෙක් සාධක ද නරක අතට පවතින්නේ ඉතා කලාතුරකිනි.තුන් සිත පහදවාගෙන දන් දීම,සිල් රැකීම,සෑම දිනකම කෙටි භාවනාවක‍ යෙදීමෙන් අසුබ දුරුකරගත හැකිය. මෛත්‍රී භාවනාව ඉතා ප්‍රශස්ථය.බෝධියක් හෝ පූජනීය ස්ථානයක විනාඩි 30ක පමණ කාලයක් සිත එකඟ කරගෙන ලෝකය හා සත්ත්වයාගේ අනිස්ථිර ස්වභාවය මෙනෙහි කරන්න.ඊර්ෂ්‍යාව ,පළිගැනීම,අහංකාරය,ඔබ නරකාදියට කැඳවන මාරු දූතයන් බව වටහා ගැනීම මැනවි.ඔබට ලෝකය පෙනී යන්නේ ඇති සොබාවයෙන් නොවේ. ඒ සඳහා (Astrological Remedies)විශේෂ ජ්‍යොතිෂ චිකිත්සාවන් සඳහා යොමු වීමද මැනවි.එවිට දෙ‍ලොවම යහපත් කර ගත හැකිය.තම අඩු පාඩු හඳුනා ගෙන ඒවා එළඹ සිටි සිහියෙන් නිවැරදි කර ගැනීමට උත්සාහ දරන කාන්තාව නිසැකයෙන්ම රැජිණක් බව මතක තබා ගන්න. 

 

Comments