ගම්මිරිස් සැර අඩුවීම! | සිළුමිණ

ගම්මිරිස් සැර අඩුවීම!

ගම්මිරිස් අර්බුදය මේ වන විට දීප ව්‍යාප්ත වී ඇත. කුමන ආකාරයේ ගැටලු උද්ගත වුවත් ගම්මිරිස් ගොවියන්ට සිදු වූයේ ව්‍යසනයකි. ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 1500කට වෙළෙඳ පොලේ අලෙවි වෙද්දී ගම්මිරිස් ගොවියෝ ගම්මිරිස් වගාව කෙරෙහි උනන්දු වූහ. ඇතැමුන් තමන්ගේ මූලික බෝගය ගම්මිරිස් බවට පත් කරගත්හ. ඉන් ලාභ ලැබීමටත් ඒ අනුව තමන්ගේ ජීවිකාව ගෙන යාමටත් ඔවුහු ගම්මිරිස් වගාව පිටි වහලක් කරගත්හ. පවුලේ ව්‍යාපාරයක් ලෙස ගම්මිරිස් වගාව පවත්වාගෙන යන්නෝද සිටිහ. තවමත් ප්‍රාථමික ක්‍රම යොදා ගනිමින් ගම්මිරිස් කර්මාන්තයේ නිරත වූ ඔවුහු තම ඉලක්ක ආදායම ගම්මිරිස් වගාව කරගනිමින් ජීවන වෘත්තිය ගෙන ගියහ.

ලංකාවේ 2016 දී ගම්මිරිස් වගා කළ සම්පූර්ණ බිම් ප්‍රමාණය හෙක්ටයාර්යාර් 30,000කි. 2017 දී මෙය හෙක්ටයාර් 32000 දක්වා වැඩි විය. එහෙත් 2015 දී ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 27000කි. මෙය 2016 දී මෙට්‍රික් ටොන් 18000 දක්වා අඩු විය. කෙසේ වෙතත් 2017 වර්ෂයේ දී ගම්මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 20000 දක්වා නැවත වැඩි විය. ලෝක මට්ටමින් ගත් කල ගම්මිරිස් නිෂ්පාදනයෙන් සීයයට පනස් හතක් ලෝක වෙළෙඳපොළට සපයන්නේ වියට් නාමයෙනි. මේ නිසා ලෝක වෙළෙඳපොළට වැඩි සැපයුමක් කරන නිෂ්පාදකයා වශයෙන් වියට්නාමය ඉදිරියෙන් සිටී. සෙසු සැපයුම්කරුවන් වන ඉන්දියාව, ඉන්දුනීසියාව, ලංකාව අතර ගම්මිරිස් වෙළෙඳපොළෙන් වැඩි ප්‍රතිශයක සැපයුම්කරුවා ලෙස පෙනී සිටීමට තවමත් හැකිව ඇත්තේ වියට්නාමයටය.

මේ දිනවල මෙරට ගම්මිරිස් ගොවීන් මෙන්ම සාමන්‍ය ජනයා ද ගම්මිරිස් ගැන කතාවේ. ඒ ගම්මිරිස් මිල සම්බන්ධයෙනි. ඇත්තටම පසුගිය දිනවල සැලකිය යුතු මිලක් අත් කරගෙන තිබුණ ගම්මිරිස්වලට සිදු වූයේ කුමක් ද? මේ පිළිබඳ විවිධ පාර්ශවයන්ගෙන් අපි විමසුවෙමු. ඔවුන්ගේ අදහස් මෙසේ සටහන් කරමු.

මේ වනවිට වියට්නාමයේ ගම්මිරිස් අස්වැන්න වැඩිවී ඇති බැවින් අන්තර්ජාතික වෙළෙඳපොළේ ගම්මිරිස් සැපයුම ඉහළ ගොස් තිබේ. එමෙන්ම ගම්මිරිස් සැපයුම්කරුවෝ සාමාන්‍යෙයන් ජූලි මාසයේ ගම්මිරිස් අස්වැන්න නෙළති. මේ නිසා අන්තර්ජාතික වෙළෙඳපොළේ ඇති ගම්මිරිස් තොගයේ ප්‍රමාණය තවත් ඉහළ යනු ඇත. අතිරික්ත තොග පවතින අතරේ නියමිත අස්වැන්න ළෙිමනේ සැපයුම නිරායාසයෙන්ම වැඩි වන අතර ඊට සාපේක්ෂව මිල පහළ බසියි. මිල යාන්ත්‍රණයේ ක්‍රමවේදය මෙය වුවත්, අන්තර්ජාතික වෙළෙඳපොළට තවදුරටත් ගම්මිරිස් සැපයීමට නොහැකි වීමට හේතු කීපයකි. එනම් විශේෂ ඉල්ලුම්කරුවෙක් වන අමෙරිකාව තම ඉල්ලුම අඩු කරමින් සිටියි. එයට හේතුව මේ වනවිටත් අමෙරිකාවේ මෙට්‍රික් ටොන් 10000ක තොග අතිරික්තයක් පැවැතීමයි. ජර්මණිය ද මේ දිනවල තොග ගණනයක නිරත වී සිටියි.

ජපානය තම පෞද්ගලික අවශ්‍යතාව මත තම රටට ගම්මිරිස් මිලදී ගැනීම අඩු කර ඇත. මේ නිසා ලංකාවේ ගම්මිරිස් සැපයුමට සාපෙක්ෂව ඉල්ලුම තරමක් දුරට අඩාල වී ඇත. ඉල්ලුම සැපයුම යාන්ත්‍රණ අනුව වෙළෙඳපොළේ ගම්මිරිස් මිල තීරණය වේ. මේ වාතාවරණය මත ගම්මිරිස් ගොවීන් මහත් අපහසුතාවකට පත් වී ඇත. එහෙත් මේ මිල අඩුවීමේ අපහසුතා සියල්ල බැර වී ඇත්තේ ගම්මිරිස්වලින් තෙල් සිඳිනන සමාගමකට බව අනාවරණය වේ.

මෙම සමාගම පිටරටින් ගම්මිරිස් ගෙන්වීමට අවසර ගෙන ඇත්තේ පසුගිය රජය කාලයේ වන අතර ඒ මෙරට වෙළඳපොළේ අලෙවිය පිණිස නොව තෙල් නිෂ්පාදනයට කිරීමටය.

එහෙත් ගම්මිරිස් මිල අඩුවීමත් සමඟ එසේ ගෙන්වන ගම්මිරිස් වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා මිල අඩුවීම ඇති බවට අදහසක් පැතිරීණි. එහෙත් ඇත්ත කතාව නම් ලෝක වෙළෙඳපොලේ ගම්මිරිස් ඉල්ලුම පහළ යාම මිල අඩුවීමට හේතු වූ බවයි. වත්මන් රජය මේ ක්‍රියාවලියට මැදිහත් වෙමින් ගම්මිරිස්වලට කිලෝවකට රු900ක ස්ථිර මිලක් නියම කිරීමේ ක්‍රමවේදයකට පිවිසීමට සමස්ත ලංකා ගොවංජන සම්මේලනය සහ ගොවි නියෝජිතයන් සමඟ කතිකාවතක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.. 

Comments