පොලිතීන් වසර 10කදී දෙගුණ වෙලා | Page 2 | සිළුමිණ

පොලිතීන් වසර 10කදී දෙගුණ වෙලා

පසුගිය වසර 10 ඇතුළත මෙරටට ගෙන්වනු ලැබූ පොලිතින් ප්‍රමාණය දෙගුණ වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය හා විශ්වවිද්‍යාල මඟින් කළ ගවේෂණයකදි හෙළි වෙයි.

2006 වසරේ මෙරටට ගෙන්වනු ලැබූ පොලිතින් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 64100ක් වන අතර ඒ ප්‍රමාණය 2016දි මෙට්‍රික් ටොන් 113500 දක්වා ඉහළ නැග තිබේ.

මේ අනුව 2006 දි පොලිතින් ගෙන්වීමට පිටරට යැවූ මුදල මෙන් තුන් ගුණයක් පසුගිය වසරේ පොලිතින් ගෙන්වීමට වැයවී ඇතැයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. 2006දි මෙරටට පොලිතින් ගෙන්වීමට රුපියල් දස ලක්ෂ  750ක් වැයවී ඇතැයි වාර්තාවන අතර 2016 දී පොලිතින් අප රටට පිටරටින් ගෙන්වීමට වැයවුණු මුදල රුපියල් දස ලක්ෂ 20,000 ක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මේ අතර අපේ රටේ සෑම පුද්ගලයෙක්ම වසරකට පොලිතින් කිලෝ ග්රූම් 5.7ක් අවට පරිසරයට එකතු කරන බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මේ අතර මෙරට ජනතාව එක් දිනක් ඇතුළත සිලි සිලි මලු ලක්ෂ 150ක් හා ලන්ච් ෂීට් ලක්ෂ 200 ක් පාවිච්චි කරන බවද මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය පවසයි.

 

Comments