4rever වෙතින් ශ්‍රී පාද බැතිමතුන්ට ස්නාන කුටි 30 ක් | සිළුමිණ

4rever වෙතින් ශ්‍රී පාද බැතිමතුන්ට ස්නාන කුටි 30 ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය රූපලාවණ්‍ය සත්කාර නිෂ්පාදන සන්නාමය වන 4rever මෙවර ශ්‍රී පාද සමයේ වන්දනා සමයේ සිරිපා කරුණාවට සපැමිණි බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රජා සත්කාර වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කළේ ය. මේ යටතේ බැතිමතුන්ට මුනි සිරිපතුළ නැමදීම සඳහා පිටත් වීමට පෙර ස්නානය කොට, පිරිසිදු වීම සඳහා ස්නානය කිරීමේ කුටි 30 ක් ඉදිකරන ලද ඉන් 15 ක් කාන්තා පාර්ශ්වය වෙනුවෙන්ද, 15 ක් පිරිමි පාර්ශ්වය වෙනුවෙන්ද වෙන්කර තිබිණි.

මෙම ස්නාන කුටි ඉදිකරන ලද්දේ සීත ගඟුල ආශ්‍රිත ඩෙල් හවුස් පාලම ප්‍රදේශයේ ය. අනාදිමත් කාලයක් සිට ශ්‍රී පාදස්ථානය වෙත වන්දනාවේ පැමි‚ ජනතාව සීතගඟුලෙන් නා පිරිසිදු වී සමනොළ කන්ද තරණය කිරීම සම්ප්‍රදායක්ව පැවති‚. සීත ගඟුලේ පිරිසිදු ජලය සහිත ස්ථානයකින් බැතිමතුන්ට ස්නානය කිරීම සඳහා ජලය සපයා ගන්නා ලදි. එම නිසා පිරිසිදු ජලය ඇති තැන් හෝ ප්ලාස්ටික්, බෝතල් කටු ආදිය නොමැති තැන් සොයමින් වෙහෙසෙනු වෙනුවට බැතිමතුන්ට ඉතාමත් පහසුවෙන් පිරිසිදු ජලය භාවිතා කළ හැකි වූ අතර 4rever ස්නාන කුටි තුළදී ගැහැනු, පිරිමි, බාල, මහලූ කාටත් සිත් සේ ආරක්ෂිතව ස්නානය කිරීමේ අවස්ථාව ලැබිණි. එමෙන්ම මෙම ස්ථානයේ ස්වභාව සෞන්දර්යයට ඇතිවන බලපෑම ඇති අවම කිරීම සඳහා, ප්‍රදේශයේ බලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම ස්ථානය නිරන්තරයෙන් පිරිසිදු කිරීමටද කටයුතු යොදන ලදි. උඳුවප් පොහොය දිනයේ සිට පොසොන් පොහොය දක්වා මාස 6 ක් පුරා විහිදුණු ශ්‍රී පාද වන්දනා සමය තුළදී මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට 4rever කටයුතු කළේ ය.


එස්.එන්. ඇකඩමිය රූපලාවණ‍ය ශිල්පය සඳහා බෙලෝස් විශේෂඥයන් සමග අත්වැල් බැඳගනියි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිසුන් සඳහා වෘත්තීමය රූපලාවණ‍ය ශිල්පීය ක්‍රම සහ රූපලාවණ්‍ය පුහුණු වැඩසටහන් පවත්වනු ලබන එස්.එන්.ඇකඩමිය ජාත්‍යන්තර තලයේ හිසකේ විලාසිතා සහ රූපලාවණ‍ය ඩිප්ලෝමා පිරිනැමීමට දකුණු ආසියාවේ ප්‍රමුඛතම වෘත්තීමය රූපලාවන්‍ය නිපැයුම් ශිල්පීය ආයතනයක් වන බෙලෝස් විශේෂඥයන් සමග අත්වැල් බැඳ ගනී.

කීර්තිමත් ශ්‍රී ලාංකික හිසකේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක සහ ව්‍යවසායවේදිනියක වන නයනා කරුණාරත්න මහත්මිය විසින් බිහිකරනු ලැබූ එස්.එන්. ඇකඩමිය වසර 30ක් පුරා රූපලාවණ‍ය සහ හිසකේ මෝස්තර වැඩ සටහන් පවත්වා අත්දැකීම් බහුල සහ සුදුසුකම්ලත් පුහුණුකරුවන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නගා තිබේ. එස්.එන්.ඇකඩමියේ දේශකයන් සිය සිසුන් ඔවුන්ගේ සාර්ථකත්වය තහවුරු කිරීමට උනන්දු කරවන අතර ඊට දිරිගන්වනු ලැබේ.

එස්.එන් ඇකඩමියේ වැඩසටහන් සකස් කර ඇත්තේ දේශීය හා විදේශීය වශයෙන් වේගයෙන් වර්ධනය වන හිසකේ මෝස්තර සහ රූපලාවන්‍ය කර්මාන්තය තුළ රැකියා අවස්ථාවන් විවෘත කිරීම සඳහා වන අතර විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, කැනඩාව හා මැද පෙරදිග වැනි රටවල රැකියාවේ නිරතවීමට සහ ජීවත්වීමට සුදුසුකම් ඇති සිසුන්ට කදිම අඩිතාලමක් සකස් කර දෙයි. මේ ඇකඩමිය ක්‍රමවත් කාලසටහනකට අනුව අතිනවීන හිසකේ විලාසිතා සහ රූපලාවණ‍ය පහසුකම්වලින් සමන්විතය. එපමණක් නොව මෙහි සිසුන්ට ‘ඒ’ශ්‍රේණියේ රූපලාවණ‍ය ආයතනවල අත්දැකිම් ලබා ගැනීමටත්. එම ක්ෂේත්‍රය තුළ ඇති නවතම ක්‍රම හා ශිල්පීය පිළිබඳ දැනුමක් ලබා ගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත.


ශ්‍රී ලංකන් සිය අනාගත නායක නායිකාවන් සාදරයෙන් පිළිගනී

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වසරක පුහුණු කාලසීමාවකින් පසු ගුවන් සමාගමේ අනාගත නායක නායිකාවන් වන නව කළමනාකරණ පුහුණුවන්නන් 20 දෙනෙකු ගුවන් සමාගම වෙත බඳවා ගැනීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. මෙමගින් විශිෂ්ට හැකියාවන් ඇති තරුණ පරපුරට ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත පිවිසීමේ දොරටු විවිර කර ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීම අපේක්ෂා විය.

ගුවන් සමාගම වෙත නව අදහස් මෙන්ම නව මානව සම්පත් ලබැගැනීම සදහා මෙම කළමනාකරණ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ගුවන් සමාගමේ මූලික තනතුරු රැසක් මෙම කළමනාකරණ පුහුණුවන්නන් විසින් හොබවනු ඇති අතර ඔවුන්ගේ නව අදහස් සමගින් ආයතනයේ අනාගත කළමනාකරණ තනතුරු සඳහා වෘත්තිකයන් ලෙස හැකියා වර්ධනය කරගනු ඇත.


ෂොක්මන් සහ සමරවික්‍රම සමාගම 125 සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී වරලත් වෙන්දේසිකරුවන් වන ෂොක්මන් සහ සමරවික්‍රම සමාගම සිය ව්‍යාපාරයේ දීර්ඝ ගමන් මගෙහි 125 වසර අභිමානයෙන් සමරයි. සමරවික්‍රම පවුලේ තුන්වැනි පරම්පරාව වන එඩ්වින්ද අල්විස් සමරවික්‍රමගේ සහ ෂර්ලි සමරවික්‍රමගේ මුණුපුරන්වන නවින්ද සහ අනුජය මෙම ව්‍යාපාරයට අවතීර්ණ වී සිටියි. ඔවුන් එහි සුවිශේෂී වෙන්දේසි ද්වාරය හරහා ශ්‍රී ලංකාවෙ ප්‍රථම සජීවි වෙන්දේසි අඩවිය එළිදක්වමින් මෙම ව්‍යාපාරය 21 වැනි ශතවර්ෂයේ ඉහළ තලයට ඔසවා ඇත. අගෝස්තු මාසයේ සිට සජීවි වෙන්දේසි පැවැත්වීමට විධිවිධාන යොදා ඇති මෙම ද්වාරය නියත ලෙස ශ්‍රී ලංකාවේ වෙන්දේසි කර්මාන්තයෙහි විප්ලවයක් ඇති කරනු ඇත.

මෙම ද්වාරය මගින් සේවාලාභීන්ට මෝටර් රථවල සිට ගෘහ භාණ්ඩ, පෞරාණික භාණ්ඩ, ස්වර්ණාභරණ, කලා නිර්මාණ සහ දේපොළ දක්වා වෙන්දේසියට ඉදිරිපත් කර ඇති භාණ්ඩ සහ වෙනත් දේ පරීක‍්ෂාකර බැලීමට සහ සජීවීව යථා කාලයේදී ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

ෂොක්මන් සහ සමරවික්‍රම සමාගම වෙන්දේසිකරුවන් වශයෙන් පමණක් නොව දේපළ වෙළඳ නියෝජිතයන් සහ තක්සේරුකරුවන් වශයෙන්ද අග්‍රස්ථානයට වර්ධනය වී ඇති බවත් පැවසූහ. කළමනාකාර හවුල්කරුවන නවින්ද සමරවික්‍රම මහතා පැවසුවේ මෙම ව්‍යාපාරය ගොඩනගන ලද්දේ තම සීයා සහ ෂොක්මන් මහතා අතර වෙන්දේසි ව්‍යාපාරයක් ඇරඹීමට අන්‍යොන්‍ය වශයෙන් තිබූ මහත් ළැදියාව මත වන අතර ඔවුන් ඇතිකරගත් හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ වෙන්දේසි ව්‍යාපාරයේ ආරම්භය පිණිස පදනම දැමීය.


එයාර්ටෙල් OPPO සමග එක්වී සුපිරි දීමනා

ආසියානු හා අප්‍රිකානු කලාපයේ රටවල් 17 ක ව්‍යාප්ත වී ඇති ප්‍රමුඛ පෙළේ දුරකථන සන්නිවේදන සේවා සමාගමක් වන භාර්ති එයාර්ටෙල්, සිංහගිරි (පුද්.) සමාගම හරහා වර්තමානයේ ශීඝ්‍රයෙන් තරුණ පරපුර අතර ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන OPPO සමග සුවිශේෂී හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට එයාර්ටෙල් පාරිභෝගිකයන්ට OPPO වෙතින් ස්මාර්ට්ෆෝන් සහය සේවා සහ අන්තර්ජාල පැකේජ පිරිනැමීම මෙහි මූලික අරමුණ වේ.

ඕනෑම ස්මාර්ට්ෆෝන් එකකින් උපරිම ප්‍රයෝජන ලැබීම සඳහා දියුණු සේවා ජාලයක් සහ වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් අත්‍යවශ්‍ය ය. ස්මාර්ට් දුරකථනයක ඇති විශේෂාංග නිසි ආකාරයෙන් අත්විඳිම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය ‍බෙහෙවින් වැදගත් වේ. එමෙන්ම වර්තමාන වෙළඳපොළේ විවිධ සන්නාම වලට අයත් සමාර්ට්ෆෝන් මාදිලි රාශියක් පවතින නිසා පාරිභෝගිකයන්ට ඒ අතරින් තෝරාගත යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීම දුෂ්කර වීම නිතැතින්ම සිදුවන්නකි. පාරිභෝගිකයන්ට මගපෙන්වමින් ඔවුන්ට හොඳින්ම ගැළපෙන ස්මාර්ට්ෆෝන් එක තෝරාගැනීම සඳහා සහය වීමට එයාර්ටෙල් අලෙවි නියෝජිතයෝ සැදීපැහැදී සිටිති.

එයාර්ටෙල් අන්තර්ජාල සම්බන්ධතාව 40% ක් වැඩිපුර වේගවත් වන අතර පාරිභෝගිකයාගේ ස්මාර්ට්ෆෝන් උපාංගයේ විවිධ ක්‍රියාකාරීත්වයන්ට හොඳින් ගැළපෙන සේවාවක් සැපයීමේ හැකියාව එය සතු ය. මෙම දීමනාව යටතේ පාරිභෝගිකයන් මිලදීගන්නා දුරකථන සඳහා වසරක වට්ටමක් හිමිවන අතර අන්තර්ජාල පැකේජ සඳහා ආකර්ෂණීය වට්ටම් හිමි වේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.