මොබිටෙල් ඊගල්ස් - විද්‍යා විද්‍යාලය ජයකෙහෙළි නංවමින් කොළඹට එයි | සිළුමිණ

මොබිටෙල් ඊගල්ස් - විද්‍යා විද්‍යාලය ජයකෙහෙළි නංවමින් කොළඹට එයි

රොෂාන් වීරරත්නගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙන ඉඹ්ඊ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම නිත්තවෙල පැවැති ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ පළමු අදියරේ ජය හිමිකර ගනිමින් කොළඹ තුරග තරග පිටියට පිවිසියේ පසුගිය වසරේ මෙන්ම මෙවර සමස්ත කුසලාන ශූරතාව හිමිකර ගැනීමේ අටියෙනි. නිත්තවෙලින් ආරම්භ වූ මෙවර තරගාවලියේ පළමු අදියරයේ කුසලාන ශූරතාව ඉඹ්ඊ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම ජය ගත්තේ සොෆ්ට්ලොජික් වොරියර්ස් කණ්ඩායම පරාජය කරමින්ය.

විදේශීය රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා අඩු වැඩි වශයෙන් ප්‍රදර්ශණ වනවිට ඊට නොදෙවෙනි ආකාරයෙන් සිය දක්ෂතා උරගා බැලූ ලාංකේය රග්බි පිටියේ තාරුණ්‍යයේ ජවය මෙහිදී මොනවට පැහැදිලි විය. කුසලාන ශූරතා අවසන් මහා තරගයේ දී බොහෝ දෙනාගේ අවධානය රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් මොබිටෙල් ඊගල්ස් වෙත යොමු වෙද්දී ප්‍රහාරයට මුල පිරුවේ සොෆ්ට්ලොජික් වොරියර්ස්ය. එඩ් ෆීඩෝ පළමු උත්සහක දිනුම වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. පළමු ප්‍රහාරයෙන් අනතුරුව වඩාත් ආක්‍රමණශිලී තරග රටාවකට නැඹුරු වූ මොබිටෙල් ඊගල්ස් කණ්ඩායමේ මුලිපා ලෙසොෆා සිය ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර, එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගත්තේය. පළමු භාගය ලකුණු දෙකකින් පෙරමුණ ගත් මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම දෙවැනි භාගය සම්පූර්ණයෙන් ම සියතට ගත්තේය. යෝසේවා ග්‍රීන් බ්ලෝ සහ ශම්රි බුරාහ් උත්සාහක දිනුම් ලබා ගැනීමත් සමඟ තරගයේ ජය මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම සතුවිය. මේ අනුව මොබිටෙල් ඊගල්ස් කණ්ඩායම ජයග්‍රාහි මනසකින් දෙවැනි අචදියරට එක්වනු ඇත.

පළඟ ශූරතාව ඇක්සස් කිංග්ස් දිනා ගත්තේ වෝකර්ස් වයිපර්ස් පරාජය කරමින්ය. බඳුන ශූරතාව ඊසි වුල්ෆ්ස් දිනා ගත්තේ ම්ඕඉඹ් ඩ්‍රැගන්ස් පරාජය කරමින්ය. පළිහ ශුරතාව එටිසලාට් පැන්තර්ස්ට හිමි වූ අතර ඔවුන් අතින් පරාජය වූයේ කාගීල්ස් ග්ලැඩියේටර්ස්ය.

 

විද්‍යා විද්‍යාලයට ජය

හේෂාන් මධුමාධවගේ විශිෂ්ට ත්‍රිත්ව උත්සාහක දිනුම් හමුවේ ත්‍රිත්ව කණ්ඩායම පරාජය කරමින් පාසල් කුසලාන ශූරතා අවසන් මහා තරගයේ දී විද්‍යා විද්‍යාල කණ්ඩායම ජය ගැනීමට සමත් විය. ත්‍රිත්ව කණ්ඩායම අවස්ථා කිහිපයකදී ඉදිරියට පැමිණීමට වෙර දැරූ නමුත් වඩාත් ආක්‍රමණශීලී වූ විද්‍යා විද්‍යාලීය කණ්ඩායමේ ආරක්ෂක පෙළ බිඳ දැමීම පහසු කරුණක් නොවීය. මේ අනුව ත්‍රිත්ව කණ්ඩායම සිය නිවස බඳු නිත්තවලදීම පරාජය කරමින් කොළඹට පැමිණිමට විද්‍යා විද්‍යාලය සමත් විය.

පළඟ ශූරතාව ශාන්ත පීතර සහ කිංග්ස්වුඩ් අතර සමව බෙදී යද්දී, බඳුන ශූරතාව සඳහා පැවැති තරගයේදී ප්‍රබල ශාන්ත ජෝශප් කණ්ඩායම පරාජය කරමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි කණ්ඩායම ජය ගැනීමට සමත් විය. පසුගිය වසරේ කුසලාන ශූරයන් වූ ප්‍රබල ඉසිපතන කණ්ඩායම මෙවර ප්‍රථම අදියරයේ අවසන් ස්ථානයට ඇද දමමින් පළිහ ශුරතාව ධර්මරාජ කණ්ඩායම ජය ගත්තෙ ඉසිපතන කණ්ඩායම පරාජය කරමින්ය.

කාන්තා කුසලාන අවසන් මහා තරගයේ දී යුද හමුදාව කණ්ඩායම නාවික හමුදා කණ්ඩායම පහසුවෙන් පරාජය කළේය.

 

 

අදහස්