කොමාන්ඩෝ අභියෝගය අද | Page 2 | සිළුමිණ

කොමාන්ඩෝ අභියෝගය අද

 දෙවැනිවරටත් පැවැත්වෙන කොමාන්ඩෝ අභියෝග සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අද ඌව කුඩාඔය කොමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරයි. මෙකී තරගය ශ්‍රී ලංකා සුපර් සීරිස් තරග මාලාවේ පස්වැනි අදියර ලෙස පැවැත්වෙයි.

දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරා ගන්නා ඉසව් හතරකින් සහ මෝටර් රථ ඉසව් 12 ක්, යතුරු පැදි ඉසව් 10 කින් තරගාවලිය සමන්විතය. දිවයිනේ ප්‍රධාන පෙළේ යතුරුපැදිකරුවන් සහ මෝටර් රථ රියදුරන් 150 ක් පමණ කොමාන්ඩෝ ධාවන පථයට පිවිසීමට නියමිතය.

පසුගිය වසරේ පැවැති සමාරම්භක තරගාවලියේ උෂාන් පෙරේරා සහ ඉවෝන් බී ගුරුසිංහ මෝටර් රථ යතුරුපැදි අංශවලින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූහ.

 

 

Comments