ප්‍රංශ සවාරිය මේ දිනවල... | සිළුමිණ

ප්‍රංශ සවාරිය මේ දිනවල...

ලොව වාර්ෂිකව වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩා තරගාවලිය වන්නේ ප්‍රංශ මහා පාපැදි සවාරියයි. පාපැදි ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම, වැදගත්ම එමෙන්ම ජනප්‍රියතම සවාරිය ලෙසටත් මෙය සැළකෙයි.

මෙවර 104 වැනි ප්‍රංශ සවාරිය ජර්මනියේ ඩුසෙල්ඩෝර්ෆ් නුවරදී ජුලි පළමුවැනිදා ආරම්භ විය. එය ජූලි 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර ඊට අයත් වන මුළු අදියර ගණන 21 කි. එහිදී මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 3540 කි. මෙවර ඊට කණ්ඩායම් 22 කින් ක්‍රීඩකයෝ 198 ක් සහභාගි වෙති.

ප්‍රංශ සවාරියේ ජයග්‍රාහකයන්ට රුපියල් කෝටි ගණනින් මුදල් ත්‍යාග ප්‍රදානය කරති. ඒ සමස්ත ශුරයාට කෝටි 8, අනුශූරයාට කෝටි 04 ක් සහ තෙවැන්නාට කෝටි දෙකක් වශයෙනි.

ප්‍රථම වරට ප්‍රංශ සවාරිය පැවැත්වූයේ 1903 වසරේදීය. එය ජය ගත්තේ ප්‍රංශයේ මොරිස් ගාරින්ය. මේ වනවිට වැඩිම අවස්ථා ගණනකදී (05 බැගින්) මෙම සවාරිය ජය ගත් ශූරයෝ සිවු දෙනෙකි. ඒ ප්‍රංශයේ ජාක්ස් අන්කුයෙටිල්, බෙල්ජියමේ එඩි මර්ක්ස්, ප්‍රංශයේ බර්නාර්ඩ් හීනෝල්ට් සහ ස්පාඤ්ඤයේ මිගෙල් ඉන්ඩියුරේන්ය.

අමෙරිකාවේ ලාන්ස් ආම්ස්ට්‍රෝං ප්‍රංශ සවාරිය 07 වතාවක්ම ජය ගත්තේය. එහෙත් තහනම් උත්තේජක භාවිතා කිරීම නිසා එම ජයග්‍රහණ අහිමි විය.

බ්‍රිතාන්‍යයේ ක්‍රිස් ෆෲම් මෙවරත් ප්‍රංශ සවාරියට තරග කරයි. හෙතෙම 2013, 15 සහ 16 වසරවලදී මෙම සවාරිය ජය ගත්තේය.

 

  

 

අදහස්