වැලේ ගෙඩි වැලට බර නැති නම්... | සිළුමිණ

වැලේ ගෙඩි වැලට බර නැති නම්...

පසුගිය මැයි 15 වැනිදා අලුයම 12.30ට ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා හි වෙසෙන ක්‍රිස්ටීන් කෝර්බිට් මොළකැටි බිලිඳියකට උපත ලබා දුන්නාය. කාර්ලි බෲක් යනුවෙන් හැඳින්වුණු මේ බිලිඳිය අසාමාන්‍ය බරකින් යුක්ත වූවාය. ඇය ගේ උපත් බර රාත්තල් 13 යි අවුන්ස 5ක් වූ අතර එය සාමාන්‍යයෙන් යන්තම් පියවර ඔසොවා යන දරුවකුගේ බරට සමාන විය. එය සාමාන්‍ය දරුවකුගේ උපත් බර මෙන් දෙගුණයකි.

“නියමිත දිනයට වඩා සතියක් කල් ඇතිව සිසේරියන් සැත්කමක් මඟින් බිලිඳිය පිටතට නොගත්තා නම් ඇගේ බර තවත් වැඩි වන්නට ඉඩ තිබිණැ” යි ඇගේ පියා ලැරී පවසයි.

“වෛද්‍යවරුන් ඇය එළියට ගැනීමට ම‍ගේ කුස විවෘත කළ මොහොතේ පුදුමයට පත්ව හඬ නඟන අයුරු මට ඇසුණා. ඔවුන් මේ දියණිය මට පෙන්වූ අවස්ථාවේ මට දෑස් අදහා ගන්නට බැරි වුණා” යැයි මව ක්‍රිස්ටීන් පවසනවා. මට දැනුණේ ඔවුන් මගේ කුස තුළින් යන්තම් ඇවිද යන තරමේ දරුවකු එළියට ඇදලා ගන්නවා වගෙයි ඇය කියනවා.

“අපි ඇයට සූදානම් කළ ළදරු නැපි ඇයට ගෑවෙන්නවත් මදි. ඒ වගේ තුන් ගුණයක් ලොකු නැපි සොයාගන්නට සිදු වුණා” යැයි පියා ලැරී කියනවා. මින් පෙර ක්‍රිස්ටීන්ට ලැබුණු දරුවන් දෙදෙනාත් බරින් වැඩියි. ඔවුන් ගේ උපත් බර රාත්තල් 10 බැගින් තිබුණා. ක්‍රිස්ටීන් ගේ ගර්භණී සමය සුවදායී එකක් වුණේ නෑ. කුස තුළ වැඩෙන දරුවා ගේ බර වැඩිකම නිසාම ක්‍රිස්ටීන් ගැබිනි සමයේ දියවැඩියාවෙන් සහ අධික රුධිර පීඩනයෙන් පීඩා වින්ඳා. ඒ අතර රක්ත හීනතාවයෙන් ද පෙලුණා. අධි බර දරු උපතක් යනු සෞඛ්‍ය සම්පන්න දරු උපතක් ලෙස වෛද්‍යවරුන් සලකන්නේ නෑ. ඒ බොහෝවිට අධි බරැති දරුවන් අනාගතයේදී දියවැඩියා රෝගයට ගොදුරු වීමට ඉඩ ඇති හෙයින්. කෙසේ වෙතත් සිය දියණියගේ උපත ගැන ඈ බෙහෙවින් ම තෘප්තිමත්. දැන් නම් මට දරුවන් ඇති. ඒත් මගේ සිඟිති දියණිය මට සම්පතක්! ක්‍රිස්ටීන් පවසන්නේ සතුටින් උදම් වෙමින්. 

Comments