ආහාර නිෂ්පා­ද­න­යට UTE සමා­ගම පිරි­සුදු වායු විස­ඳුම් සප­යයි

ආහාරපාන නිෂ්පාදනයේදී සුරක්ෂිතතාව හා ඉහළ ගුණාත්මක ප්‍රමිතීන් පිළිබඳව අද වනවිට මුළු මහත් ලෝකයේම අවධානය යොමුව තිබේ. දේශීය වශයෙන් ද ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් පිළිබඳව ආහාරපාන නිෂ්පාදකයෝ සහ විශේෂයෙන්ම අපනයනකරුවෝ ඉහළ සැළකිල්ලක් දක්වති.

වායු සම්පීඩන ක්‍රියාවලිය බොහෝ ආහාර නිෂ්පාදකයින් අතර ජනප්‍රිය වී තිබුණ ද ආහාර ද්‍රව්‍ය නරක්වීම තවදුරටත් සිදුවෙමින් පවතී. මේ නිසා ආහාර නරක්වීමට ලක් නොවන උසස් තත්ත්වයේ වායු සම්පීඩන ක්‍රියාවලියක් සියලු ආහාරපාන නිෂ්පාදන සඳහා අනුගමනය කිරීම ප්‍රබල අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

‘පිරිසිදු ලෝකයක් වෙනුවෙන් ඛනිජ තෙල් භාවිතයෙන් තොරවෙමු’ යන තේමාව ඔස්සේ පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා UTE සමාගම සංවිධානය කළ අතර එහිදී FS Curtis තෙල් රහිත වායු සම්පීඩක යන්ත්‍ර පෙළ ඔස්සේ ඛනිජ තෙල් භාවිතයෙන් තොරව, පරිසර හිතකාමී අයුරින් කර්මාන්ත වායු අවශ්‍යතා සපුරාගැනීම පිළිබඳව ඔවුන් දැනුවත් කෙරිණි.

විශේෂයෙන්ම ආහාර බහාලුම් තුළ ඇති වාතයේ පිරිසිදු බව ඒවායේ ගුණාත්මක බවට ඍජු බලපෑමක් එල්ල කරන, ආහාර නිෂ්පාදන අංශය ඉලක්ක කරගනිමින් පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය තුළින් පරිසර හිතකාමී භාවිතාවක් පිළිබඳව ද අදහස් දැක්විණ. තව ද ශ්‍රී ලංකාව තුළ ආහාර නිෂ්පාදනයේ යෙදෙන සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම දැවැන්ත සමාගම් වෙත ද සිය නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහළ නංවාගැනීමට සහාය වීම ද මෙම වැඩසටහනේ අරමුණක් විය. UTE හා FS Curtis මගින් 100%ක්ම ඛනිජ තෙල් භාවිතයෙන් තොර හා අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් වායු සම්පීඩන යන්ත්‍ර ලබාගැනීමේ හැකියාව පවතී.


'හමීඩියා' වෙතින් පාවහන් රැකුමට PRO නිෂ්පාදන පෙළක්....

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් විලාසිතා විශේෂඥ හමීඩියා විසින් විශිෂ්ට ගණයේ ප්‍රමුඛතම පාවහන් ආරක‍්ෂණ (Shoe Care) නිෂ්පාදන වෙළෙඳ නාමයක් වන PRO නිෂ්පාදන පෙළ, ඔවුන්ගේ ප්‍රදර්ශනාගාර ජාලය ඔස්සේ ශ්‍රී ලාංකික වෙළෙඳපොළට පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. මෙම නිෂ්පාදනය වැඩි දියුණු කරනු ලැබුවේ, ප්‍රමුඛතම නිෂ්පාදකයෙක් සහ අපනයනකරුවෙක් වන M.V. Shoe Care විසිනි. මෙම PRO නිෂ්පාදන පෙළ ඕනෑම අවස්ථාවකට උචිත විලාසිතාවෙන් සැරසීමට අවශ්‍ය වන, භාවිත කිරීමේ පහසුව පිරි, උසස් තත්ත්වයේ පිරිසුදු කිරීමක් සහ දීප්තියක් ලබාදෙන නිෂ්පාදන පෙළක් ලෙස පාරිභෝගිකයින් වෙත තිළිණ කරයි.

PRO යනු නවීන තාක‍්ෂණයෙන් පිරිපුන් පාවහන් ආරක‍්ෂණ වෙළෙඳ නාමයක් වන අතර දකුණු ආසියානු කලාපය පුරා පැතිරුණු විශ්වාසවන්ත පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කරගෙන සිටින, එමෙන්ම වඩාත් ශක්තිමත් පාරිභෝගික අලෙවිසැල් ජාලයකින් ද සමන්විත වෙළෙඳ නාමයකි. ඉන්දියානු වෙළෙඳපොළ තුළ ඇති ප්‍රමුඛතම පාවහන් අලෙවිසල් සහ විලාසිතා ප්‍රදර්ශනාගාර 1200කදී PRO පාවහන් ආරක‍්ෂණ නිෂ්පාදන පෙළ අලෙවි කරනු ලැබේ.

ශ්‍රී ලංකාවට PRO නිෂ්පාදන ප්‍රථම වතාවට හඳුන්වාදෙනු ලබන්නේ හමීඩියා සමාගම විසිනි. එහි අරමුණ වන්නේ විවිධාංගීකරණයෙන් පිරිපුන් නිෂ්පාදන පෙළ (Product Portfolio) අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ සුවිශේෂී නිෂ්පාදන හඳුන්වාදීම් ඔස්සේ පාරිභෝගික ප්‍රජාව වෙත විශිෂ්ටතම පාවහන් ආරක‍්ෂණ විසඳුම් හිමිකර දීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙසයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.