ඩිමං­කගේ අලුත්ම ගීතය ‘ආද­රෙයි වස්තු’ | සිළුමිණ

ඩිමං­කගේ අලුත්ම ගීතය ‘ආද­රෙයි වස්තු’

මේ වන විට අසන්නට ලැබෙන ජනප්‍රිය නව පරපුරේ ගීත අතර පෙරමුණේ තිබෙන ගීතයක් තමයි ආදරෙයි වස්තු කියලා කියන්නෙ. මෙය ගායනා කරන්නෙ ඩිමංක වෙල්ලාලගේ. ඔහු ගැයූ ගීත සියල්ලම පාහේ ඉමහත් ජනප්‍රියත්වයක් ලැබුවා. නිදුකින් ඉනු මැන, අවසාන ප්‍රේමයයි මාගේ, අවසන් පෙම මගේ ඩිමංක ගැයු ගීත අතර වනවා.

ආදරෙයි වස්තු තමයි ඩිමංක ගැයු නවතම ගීතය. ගායකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසට ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරමින් යන ගිහෙන් නිශාන් තමයි ආදරෙයි වස්තු ගීතය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන තිබෙන්නෙ. එහි මියුසික් වීඩියෝව ද නිමකොට ඇත්තේ ඔහු විසින්.

ලසිත ජයනෙත්තිආරච්චිගේ පද ගෙත්තමට ආදරෙයි වස්තු සඳහා සංගීතය මුසු කරලා තිබෙන්නේ ඩිල්ෂාන් එල්. සිල්වා, දිනක් පුරා මීගමුව අවට ප්‍රදේශයන්හි ආදරෙයි වස්තු රූපගතකොට තිබෙනවා. නාලක දළුවත්ත සහ චලනි රත්නායකගේ රංගනයෙන් හැඩවූ ආදරෙයි වස්තු මියුසික් වීඩියෝව මියුසික් විලේජ් ආයතනයේ ඉදිරිපත් කිරීමක්.

 

ආදරෙයි වස්තු ගීතය

 

දුක දැනෙන අයුරු නොදැන වස්තු

ඔබ යන්න ගියේ පෙරදා

ආදරය මැරුණු හේතු කරුණු

පහදන්න යළි මාව අමතා

ඔබගේ සතුටම පැතු

පෙම්වතකි තනි වුණු

නමුදු මියෙනාතුරු ආදරෙයි වස්තු

ආදරය සමඟ මමනම් නෑ සෙල්ලම් කරලා

හීනෙකින්වත් පාරලා නෑ ඔය හිත කිසිදා

සැකමුසු බැල්මෙන් රවටන හැඟුමන්

නෑ මං ඔබ දෙස බලලා

පිවිතුරු සිතකින් පෙම් කළ පණ මෙන්

සත්තයි ඇස් දෙක පල්ලා

ඔබගෙ සතුටම පැතූ...

ආදරය ඇයි මේ තරම් දෑස් රිදවුම් දුන්නේ‍

කර්මය ද මේ මං රැගෙන ආ

පෙර අත්භවයේ

සිහිපත් කරමින් ඔබ ගැන නිතැතින්

යහපත පතනෙමි සැමදා

සමුගමි ඔබගෙන් නොහඬනු රහසින්

යළි මාව මතක් කරලා

දුක දැනෙන අයුරු 


රයිගම් ටෙලීස් (2016) සම්මාන උළෙල ජූනි 3 සවස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. ටෙලි නාට්‍ය , රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතාවන් සේම විශේෂ ප්‍රණාම සහ ජනප්‍රිය සම්මානද වසරේ සම්මානනීය නාලිකාව ද ඇගයෙන එම උළෙලට පමණක් දෙවැනි වන නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උත්සවය පසුගිය දා කොළඹ දී පැවැත් විණි. එදින අදියර 7කින් පැවැත්වීමට නියමිත උළෙලේ විශිෂ්ටතාඋදෙසා පිරිනැමෙන සම්මාන සඳහා නිර්දේශ ලබා සිටින්නන් ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය සඳහා One Way (ස්වාධීන රූපවාහිනිය), බොහිමියානුවා(ස්වර්ණවාහිනිය) යන ටෙලි නාට්‍ය ද විශිෂ්ටතම අධ්‍යක්ෂක සඳහා ලිලිත් රත්නායක( One Way)සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්(බොහිමියානුවා) ද විශිෂ්ටතම නිළිය උමාලි තිලකරත්න, හිමාලි සයුරංගි ද විශීෂ්ටතම නළුවා මහේන්ද්‍ර පෙරේරා, ජීවන් කුමාරතුංග, නැඟී එන නිළිය සම්මානයට නදීෂා මධුෂානි, යශෝධා රසඳුනී සහ ප්‍රමුදිතා පීරිස් ආදීහු නිර්දේශ වූහ.

 

Comments