වෙදැදුරාම ව්‍යාධිය වීම | සිළුමිණ

වෙදැදුරාම ව්‍යාධිය වීම

 කුණු කන්ද පුපුරා යාමෙන් සිදුවූ ව්‍යසනයෙන් ලකුණු දමාගැනීමට උත්සහාළ දේශපාලනඥයින්ට සමගාමීව අහිංසක රෝගීන්ගේ ජීවිත උකසට තබා සිය වරපරසාද රැකගැනීමට වෙරදරන දොස්තර මහතැන්ලාගේ වැඩවර්ජනයකට මුලපිරීමේ සාධක අර්ථ දැක්මවීට සුදුසුම ප්‍රස්තූතය වනුයේ; ශ්‍රී ලාංකේය සමාජයේ දොස් තොරකිරීමට පත්කර ඇති වෙදදුරන්ම ව්‍යාධිය නොහොත් ලෙඩේ වී ඇති බවය. ඵබැවින් උණුත් මුණුත් කුණුත් ඵක්කැමැයි යන්න සටහන් කරමින් අදහස් කිහිපයක් පාඨකයින් හමුවේ තැබීමට මෙම ලිපිය පාදක කර ගන්නෙමි.

ඉහත කී දෙපිරිසම සම්මත රාමුවකට කොටුව ප්‍රශ්නවලට විසඳුම් සොයන වග පෙන්නුමේ කරන අතර තෝරාගත් විසඳුමේ ම ඇති ප්‍රශ්න සෙවීමට යෑමක් තුළ සිරවී සිටින වග දැන් පැහැදිලි වේ. වත්මන් සමාජ ආර්ථික අර්බුධවලට විසදුම් සොයාගත යුතුව ඇත්තේ සම්මත රාමුවකින් පිට නොව කිසිම රාමුවකට කෙටු නොවෙමිනි. ඊට හේතුව විසි එක්වැනි ශතවර්ෂය හමුවේ ඇති ඉදිරිය, අතීතයේ ප්‍රති නිර්මාණයක් නොවන නිසාය.

නිදහස් අධ්‍යාපනය මෙම ලියුම්කරු අර්ථ දක්වනුයේ; ඇති හැකි සහ නැති බැරි සැමටම තමන්ට රුචි දේ කැමති කාලයකදී ඔවුනොවුන්ගේ ජීවිත අභිප්‍රායන් මුදුන් පත් කරගනිමින් සමාජ ප්‍රගතියට දායක වීමට ඉඩ ප්‍රස්තාවන් සොයා ගැනීමට මං පෙත් හෙළි කරන දිශානතිය බවය.

ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය රඳා පවතිනුයේ බුද්ධිමත් ශ්‍රම බළකාය මත බව සියලු දෙනාම තේරුම් ගත යුතුව ඇත.

වර්තමාන ලාංකේය සමාජයේ පැහැදිලිවම ඔත්පළව ඇත්තේ ජනවරමෙන් පත්වූ රජයන්ය. මෙම තත්වයට දායක වන බල තණ්හා විෂබීජය වැපිරවූයේ 2009 යුධ ජයග්‍රහනයෙන් වල්මත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි කේවටිටයින් රැළකි. ඉන් අනතුරුව ජනතාව පත් කරගත් යහපාලන රජයට පැහැදිලි දර්ශනයකින් යුත් ජනහද හැඳිනගත් මහජන නියෝජිතයින් නොසිටීම තවත් අවාසනාවන්ත තත්වයකි. ඊට මූලිකවම බලපාන සාධකය වනූයේ වත්මන් දේශපාලන පක්ෂ අභ්‍යන්තතර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවීමය.

යටත්විජිත පාලනයෙන් මිදී සමාජ සුභසාධනය මුල්තැන දෙමින් ඇරඹූ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව වර්තමානයේ අපේක්ෂිත අරමුණු සහ ඉලක්ක වෙත යොමුව ඇතිද? හෑබෑවටම දොස්තර මහතුන්ලාගේ සංගමය සටනට බහින්නේ නිදහස් සෞඛ්‍යය සේවාව ආරාක්ෂා කර ගැනීමටද නොඵසේ නම් නිදහස් අධ්‍යාපනය රැකගැනීමටද යන කුමන කාරනය ඉලක්ක කරගෙනද යන්න ජනතාවට පැහැදිලි නැත. ස්ථිර වශයෙන්ම පැහැදිලි ඒකම කාරණය නම් සයිටම් ආයාතනය විසුරවා සිය බමුණූ කුලය බේරා ගැනීමය.

නිදහස යන වචනය මුලට යොදා ගනිමින් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු අපේක්ෂා කරනුයේ විශේෂයෙන් නොමිලේ අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් සපයා ගැනීමටය. මෙසේ නොමිලේ සැපයෙන සේවාවන්ගේ ගුණාත්මක භාවය පිරිහී ගොස් බොහෝ කල්ය. මෙකී නිදහස යන වචනයේ නියම අර්ථය සමකළ හැක්කේ වර්ෂ අවසානයේ වෙළෙඳසල්වල ප්‍රදර්ශනය කරන සේල් සේල් යන රැවටීම් වැකි හා සමගාමීවය.

නිදහස් අධ්‍යාපනය සිය වාසියට හරවා ගෙන අැත්තේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ටියුෂන් සර්ලාය. නොමිලේ ලැබෙන අධ්‍යාපනය සඳහා උදෑසන පාසල් යන දරුවන්ට විභාග සමත් කරගැනීමට ටියුෂන් පංතිවලට ගෙවන මුදල් ප්‍රමාණය රජය අයවැයෙන් ද්වීතීය අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදලට වඩා වැඩියැයි අණුමාන කළ හැක. මීට සාපේක්ෂව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංඛ්‍යාව වාර්තාගතව ඉහල යමින් පවතී. නිදහස් අධ්‍යාපනය හුදෙක් දේශපාලන අතකොළුවක් කරගනිමින් රැකගැනීමට මොරදෙන්නන් පළමුව යතාර්ථය හරිහැටි හඳුනාගත යුතුව ඇත.

දෙවනුව නිදහස් සෙඛ්‍යය සේවාව ගැන විග්‍රහයක් කළ යුතුව ඇත. රජ්‍ය සේවයට අවංකවම කැප වු සෞඛ්‍ය සේවකයින් අතලොස්සක් හැරුණවිට දිවයිනේ ගම් නියම් ගමු සිසාරා ‘ප්‍රයිවට් ප්‍රැක්ටිස්‘ කරණ වෛද්‍යවරුන් සංඛ්‍යාව සහ ඔවුන් උපයන ධනය කොපමණදැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සංඝනණය කර ඇද්ද? නොඑසේනම් රජයේ සේවක ලේබලය මත බදු පැහැරහරින අය නිදහස් (නොමිලේ) අධ්‍යාපනයෙන් පෝෂණය වූවන් සිය ජාතික යුතුකම් ඉටුකරවීමට මතක්කර දියයුතුව ඇත.මෙම සදාචාර විරෝධී කටයුතු කරන අයවළුන් කී දෙනෙකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදී තිබේද? බදු පැහැර හරින්නන්ට බදු සහන දෙන රටක් වෙතොත් එය මෙකී සිරිලක පමණි.

උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව අනවශ්‍ය වියහියදම් කපා හැර ආදායම් වැඩි කර ගැනීමේ උපාය මාර්ග හඳුන්වා දිය යුතුව තිබේ.

ප්‍රතිපත්ති සකස් කරන්නන් පොදු ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් කිරීමට කටයුතු කිරීම වැදගත්ය. නැති බැරි අයට නොමිලේ සපයන සෞඛ්‍යය සහ අධ්‍යාපන සේවා රැක දෙමින් ඇති හැකි අයගෙන් ඒකී සේවාවන් සඳහා ගාස්තු අයකර ගතයුතුව ඇත.

වර්තමානයේ ශ්‍රී ලාංකේය මධ්‍යම පන්තික පාරිභෝගිකයින් තම රූපලාවණ්‍ය කොණ්ඩා සැරසිලි සමේභාහණ සේවාවන් සෙඳහා අතහැර වියදම් කර ලෙඩක් අසනීපයක් හැදුණු විට නොමිලයේ ප්‍රතිකාර ගැනීමට රජයේ රෝහලවලට එක්වන ආකල්පය වෙනස් කළ යුතුව ඇත.

දූපත්වාසී මානසිකත්වයෙන් මිදී ගෝලීය ශ්‍රම වෙළඳ පොළේ පවතින ඉල්ලුමට සරිලන රැකියා අවස්ථාවන්ගෙන් ඵල නෙළා ගතහැකි නිපුණතාවන් ශ්‍රී ලාංකේය දරුවන් තුළ වර්ධනය කරවන රජයේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුව තිබේ. මෙකී අභියෝගය මැනවින් හඳුනාගත් දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා සයිටම් ආයතනය පිහිටුවීම අගය කළ යුතු පියවරකි. ලිපියේ ඉහතින් සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින් සයිටම් වැනි ආයතන අන්තර්ජාතික ප්‍රමිතීන්ට යටත්ව වෛද්‍ය, ඉංජිනේරු, හෙද හෙදියන් සහ අනෙක් නිර්මාණ කරනයට දායකවන නිපුණතාවන් වර්ධනය කරවන ආයතන කිහිපයක් කඩිනමින් ඇරඹිය යුතුව ඇත.

බොරුව ඉක්මනින් රජ වන බවත් සත්‍ය ජය ගැනීමට කල්වේලා යන බවත් සිහිගන්වමින් ලිපිය අවසන් කරමි.

ජයශ්‍රී ප්‍රියලාල්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.