බුද්ධිමත් දරුවන් විභාග අසමත් වන්නේ ඇයි? | Page 2 | සිළුමිණ

බුද්ධිමත් දරුවන් විභාග අසමත් වන්නේ ඇයි?

කුඩාවියේ සිටම සිය දරුවා පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වයි නම් හැකියාවෙන් පිරි පුන් දක්ෂතා ඇති උගතකු සමාජයට බිහිකළ හැක.

අධාපනය ලබාදීමේදී පවතින සුළු අඩුපාඩු හඳුනාගෙන ඒවාට කළයුතු වත්පිළිවෙත් අනුගමනය කරන්න. විශ්වාසයෙන් යුතුව නිවැරදි දේ හඳුනාගෙන දරුවා බුද්ධිමතකු කරන්නට උත්සහ කරන්න. නිවැරදිවම ඔබ ජයගනු ඇත.

ඉගෙනීමට දක්ෂතාව ඇතිවන්නේ නිකම්ම නොවේ. පෙර භවවලදී රැස්කරගත් කුසල කර්ම හේතුවෙන් උපතින්ම බුද්ධිය හා ඥාන ශක්තිය රැගෙන උපදින දරුවන් සමාජයේ ඕනෑ තරම් ඇත. නමුත් එවැනි ඉගෙනිමට දක්ෂ දරුවන් පවා අධ්‍යපනයේ යම් පෙරලියකට ලක්වන කඩඉම් විභාගවලින් අසමත් වන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් නැගේ.එම ප්‍රශ්නයට පිළිතුරු තමන්ගේ ජන්ම කේන්ද්‍රයෙන්ම සපයා ගත හැක. අධ්‍යපනයට ඇතිවන බලපෑම් තමන්ගේ කඩඉම් විභාගය බාධකයක් විය හැකි බව දන්නේ ඉතා අතලොසක් පමණි. සමහර විභාග තමාගේ මුලු ජිවිතයම තීරණය කරන ඒවාය.

බොහෝ දෙමාපියන් පවසන්නේ මගේ දරුවා ‍දක්ෂයි. පන්තියේ පළවැනියා නමුත් මේ විභාගය අසමත් වුණා. මෙය පිළිගත නොහැකි දෙයක් බවයි. මෙවැනි වදන් බොහෝ දෙනාට සාමාන්‍ය දෙයකි. නමුත් එසේ වීමට යම් හේතුවක් තිබිය යුතුයි.එම හේතුව නිවැරදිව හඳුනා ගැනිමෙන් ප්‍රතිපලය සාර්ථක කරගත හැක. දළ කේන්ද්‍ර සටහන අනුව නොවිමසා නියත වශයෙන්ම ඒ ඒ ග්‍රහයා සිටින්නේ කුමන ස්ථානයේද යන්න තීරණය කිරිමට භාව කේන්ද්‍රය ආනිවාර්ය වේ.

එනිසා මෙවැනි තත්ත්වයන් නිවැරදිව හඳුනා ගැනීමට නම් භාව කේන්ද්‍රය අනිවාර්යෙන්ම සැකසිය යුතුයි. පවතින ග්‍රහ අපල නිසා ඕනෑම දක්ෂ දරුවෙකුට පවා අමතක විය හැක.

අසන ප්‍රශ්නයට නොව ඊට හාත්පසින්ම වෙනස් පිළිතුරු ලබාදී ඇති බව උත්තර පත්‍ර නිරීක්ෂයෙන් මනාව පැහැදිලිවේ.එනිසා කඩඉම් විභාගවලට මුහුණ දෙන වකවානු වලදී විශේයෙන් විභාගයට මාස 08-10කට පෙර දරුවන්ගේ කේන්ද්‍ර පරික්ෂා කර ගැටලු ඇත්නම් ,ඒ සඳහා පිළිවෙත් කිරිමේන් බලපා ඇති අපල අවම කර විභාග සමත්වීමේ හැකියාව ඇත.

උදාහරණයක් වශයෙන් එවැනි දක්ෂ දරුවකුගේ කේන්ද්‍රයක් පහත දැක්වේ. 1973-11-10 දවල් 12.06ට උපත ලබා ඇත.

 

රූපය i - දළකේන්ද්‍ර සටහන 

රූපයii - භාව කේන්ද්‍ර සටහන

 

 

උපතේදී ලබා තිබු සිකුරු මහදශාව ඉදිරියට වසර 10 මාස 3 දින 16ක් විය. මේ ග්‍රහ පිහිටිම් අධ්‍යාපනයට බලපෑ අයුරු බලමු. ක්‍රිෂ්ණ මුර්ති සිද්ධාන්ත වලින් එය නිවැරදිව හඳුනා ගත හැක. බුධ ග්‍රහයා ගුරුගේ නැකතක බුධගේ උපස්ථානයේ තැන්පත්ව ඇත. ගුරු ග්‍රහයා සඳුගේ නැකතක කුජගේ උපස්ථානයේ සිටිමෙන් උසස් අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති බව පෙනේ. බුද්ධිමත්ය.

ශනි උපස්ථානයේ තැන්පත් වීමත් භාව වශයෙන් ශනි හා කේතු 5 වැන්නේ සිටිමත් ‍වයස අවුරුදු 16 සිට සිකුරුගේ නැකතක රාහු උපස්ථානයේ තැන්පත් සඳු මහදශාව ලැබීමත් නිසා අධ්‍යාපනයට බාධක පෙන්වයි.

කෙතරම් උගත් බුද්ධිමත් වුවත් එවකට පවතින දශා අනුව ඒවා වෙනස් වේ. තමන් කොතරම් දක්ෂ නමුත් දැනට පවතින දශා හා ග්‍රහ පිහිටිම් අනුව විශ්ව විද්‍යාලයට යාමට ලකුණු කිපයක් අඩුවිය හැකි නිසා අවශ්‍ය ශාන්ති කර්ම සිදුකළ යුතු බව අප විසින් ප්‍රකාශ කරන ලදී. එවිට එම ජන්මියා සිනාසී ‍ම‍ගේ හැකියාව මට විශ්වාසයි. එනිසා අනිවාර්යෙන්ම මම මේ විභාගයෙන් සමත් වෙනවා . ඔය ශාන්තිකර්ම කෙරේ ‍මගේ එතරම් විශ්විසයක් නැති බව පවසා නික්ම ගියේය.

යමෙකුගේ අපල තත්ත්වයන් අවම කිරීමට පවා අපහසු නම් එම ජන්මියා ශාන්ති කර්මවලට යොමු වන්නේ නැත. විභාග ප්‍රතිපල නිකුත් වීමෙන් පසු ඇඬූ කඳුලෙන් එම ජන්මියා අප හමුවට පැමිණියේ සමාව අයදිමිනි. දුන් උපදෙස් වලට අනුව අවශ්‍ය ශාන්ති කර්ම සිදු නොකළ නිසා එම ජන්මියාට විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට ලකුණු 02ක් අඩු වීමෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි විය . අවශ්‍ය පිළිවෙත් සිදුකළේ නම්, සඳු, බුධ,ගුරු, රාහු ග්‍රහයින්ගේ බලපෑම් ‍අවමකර විභාගය ජය ගැනීමේ හැකියාව තිබුණි.

තම හැකියාව කොතරම් තිබුණත් ග්‍රහ කිරණ බලය නිසා ඒවා ක්ෂණිකව වෙනස් කිරීමේ හැකියාව ඇති බව මෙයින් හොඳින් පැහැදිලිවේ. මෙවැනි බලපෑම් අවම කිරීමට නිවැරදි සෙත්කවි හා ශාන්ති කර්ම වලට හැකියාව ඇත.

විශේෂයෙන් දෙමාපියන් තම දරුවා කඩඉම් විභාගයක් සඳහා ඉදිරිපත් වන්නේ නම්. උගත් නිවැරදි දැක්මක් ඇති ජ්‍යොතිෂවේදියකු ලවා ජන්ම පත්‍රය පරික්ෂා කර අවශ්‍ය පිළිවෙත් කිරීමෙන් තම දරුවාගේ අනාගතය සුඛිත මුදිතකර පරිපුර්ණ පුරවැසියෙකු කිරීමේ හැකියාව ඇත

Comments