සොඳුරු ගෙවත්ත

සුනිලා ජයන්ති කල්පේ - අනුරාධපුර, පනාවැව, සීප්පුකුලම

මම ඉතාම අඩු ජල ප්‍රමාණයකින්, ඉතාම අඩු ඉඩ ප්‍රමාණයක එළවළු වර්ග 12 ක්, කොළ වර්ග 04 ක් වගා කරනවා. මිහින්තලේ රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන අපේ ලොකු හාමුදුරුවන් ජනපවුර සංවිධානයේ සාමාජික සැමටම ගෙවත්ත සාදා තෙල් පොහොර නැතිව එළවළු හදා ගන්නා හැටියට අපට උපදෙස් දුන්නා. ඒ සදහා ලොකුහාමුදුරුවන්ගේ උපදෙස් පරිදි අපට මේ ගෙවත්ත හදා ගන්න හැටි කියා දෙන්න මහත්මයෙක්ද එව්වා. ඒ මහත්මයා අපට කියලා දුන්න විදියට අප කටයුතු කළා.

අඩි තුනක ඉඩ ප්‍රමාණයක සහල් උර දෙකක් ගෙන මෙම වගාව ආරම්භ කළා. මේකට කියන්නේ වගා කුළුණ කියලා .මුලින්ම අඩි තුනක ඉඩක සහල් උර දෙක අගල් දෙකක විෂ්කම්භය සහිත බටයක ආධාරයෙන් (එම බටය පොළොවට සිටින පැත්ත සීල් කර අඩි තුනේ මැද සිටවා ගන්නවා.) එම බටය මැදි කර සාදා ගත් කාබනික පොහොර දමා පොහොර උර දෙක පුරවනවා. කාබනික පොහොර දැමීමට ප්‍රථම යටටම ගඩොල් කෑලි අගල් 3ක් ,ඊට උඩින් අගල් තුනක් වැලි දමා ගන්නවා. ඒ මතට තමයි කාබනික පොහොර දමා පුරවා ගන්නේ. ඒ පිර වූ බෑගයේ රවුමට ඉතා කුඩා සිදුරු සාදා ඒ සිදුරු තුල එළවළු බිජ තැන්පත් කරනවා. එළවළු වර්ග 12 ක් 18 ප්‍රමාණයක් වගා කළ හැකියි. මෙම වගාවේදී ගුවන තමයි ප්‍ර යෝජනයට ගන්නේ.දිනකට මේ එළවළු වර්ග 12 ටම ජලය ලීටර් 5 ක් පමන තමයි අවශ්‍ය වෙන්නේ. මාස අටක් පමණ යන තෙක්ම පොහොර යොදන්න ඕන නැහැ. දින 45 ක් යන විට හොද අස්වැන්නක් ලබා ගත හැකියි. ඒ වගේම ඒ මහතා ගේ උපදෙස් මත ගෙදර තිබෙන කුණු කසළ පොහොර කරන ජීව කොටුවද සාදා ගත්තා.

ඒ ජීව කොටුව සදහා ඇල්බීසියා කෝටු 100 ක් අවශ්‍ය වනවා. කෝටුු 100 එක උසකට කපා ගෙන අඩි දෙකක විෂ්කම්භය ඇතිව ළගින් ළගින් හිටුවා ගන්නවා.එම කෝටු ටික හරහට විදුලිය ලබා ගැනිමේදී ලබා ගන්නා වයරින් බට මගින් ගැටගසා ගන්නවා. කුස්සියේ තිබෙන ඉවත ලන සියළුම දේ සමග මිදුල අතුගාන කොළ රොඩු වත්ත පිටිය සුද්ධ කරන විට ඉවත ලන සියලුම දේ මෙම කුටියට දමනවා. මාස තුනක සිට මෙම ජීව කුටියෙන් කාබනික පොහොර ලබා ගන්නවා. ඉතාම සාර්ථක ඉතාම අඩු වියදමකින් ඉතාම අඩු ජල ප්‍රමාණයක් යොදා හොද ගෙවත්තක් සාදා ගැනීමට අප උනන්දු කළ මිහින්තලේ අපේ නායක හාමුදුරුවන් කරනා මෙම සේවය අප අගය කළ යුතුයි.ලබන සතිය වන විට මෙම ගෙවත්තේ වස විස නැති එළවළු මුල්ම කොටස කඩාගෙන මිහින්තලේ ලොකු හාමුදුරුවන්ට පූජා කිරීමට අප සිතා සිටිනවා. අපට අඩු වියදමින් ගෙවත්ත හදන විදිය කියලා දෙන ලේක් හවුස් එකේ මහත්මයාට සහ අප නිතරම ධෛර්යමත් කරන සුරුක්කුලමේ ඉන්දරතන හාමුදුරුවන්ටත් අප ස්තුති කරනවා.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.