රාජකීය රාජකීය ගමනක | සිළුමිණ

රාජකීය රාජකීය ගමනක

ප්‍රශාන්ත ඇල්පිටිය

පාසල් රග්බි තරගාවලියේ අපරාජිතව කුසලාන වටයට පිවිස ත්‍රිත්ව කණ්ඩායමට එරෙහිව 15 - 13 ක විශිෂ්ට ජයක් වාර්තා කර ගන්නට, ශාන්ත පීතර කණ්ඩායම සමත්වීමත් සමඟම ත්‍රිත්ව කණ්ඩායමේ අපරාජිත ගමන වැළකුණි.

මේ අතර පාසල් ක්‍රීඩා පිටියේ සිය සාම්ප්‍රදායික පස මිතුරන් වන රාජකීය සහ ශාන්ත තෝමස් කණ්ඩායම් අතර, මයිකල් ගුණරත්න ශුරතාව සඳහා පැවැත්වෙන වාර්ෂික රග්බි තරගයේ ජය මෙවර හිමිකර ගැනීමට ද රාජකීයන් සමත් වූයේ 31 - 14 ක් ලෙස ජය ගනිමින්ය.

ඉසිපතන කණ්ඩායම සහිරාවන්ට එරෙහිව 48 - 11 ක සහ වෙස්ලි කණ්ඩායම ශාන්ත ජෝශප් කණ්ඩායම 23 - 14 ක් ලෙස පරාජය කිරීමට ද සමත් විය.

Comments