ඩුබායි නග­රෙත් ස්වයං­ක්‍රීය ටැක්සි | සිළුමිණ

ඩුබායි නග­රෙත් ස්වයං­ක්‍රීය ටැක්සි

මංජුලා විජයරත්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්වයංක්‍රියව ධාවනය වන කුලී මෝටර් රථ සේවාවක් තම රටට හඳුන්වා දෙන්නට සැරසේ. ඒ සඳහා අවශ්‍ය මෝටර් රථ 200ක් පමණ එරට බලධාරීන් ටෙස්ලා මෝටර් රථ සමාගමෙන් සිය රටට ගෙන්වා ගෙන ඇති බව පසුගිය දා අනාවරණය විය. ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ සඳහා ඉන්ධන යෙදවුමක් නැත.

ඒවා මුළුමනින්ම විදුලි බලයෙන් ධාවනය වන ඒවාය. එනිසා එවැනි මෝටර් රථ ධාවනයෙන් සිදු වන පාරිසරික හානිය ද අවම මට්ටමක පවතී. ටෙස්ලා වර්ගයේ මෝටර් රථ, කුලී රථ හැටියට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහා මාර්ගවලට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන්නේ 2020 වසරේදීය. එරට නගර “ස්මාර්ට් සිටි” බවට පත් කිරීමේ වැඩ පිළිවෙලේම කොටසක් ලෙස එය සිදු කෙරෙන බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැරසෙන්නේ ටෙස්ලා සමාගම නිෂ්පාදනය කරන S මොඩලයේ සහ X SUV මොඩලයේ මෝටර් රථ යොදාගෙන සිය රටේ කුලී මෝටර් රථ සේවාව ආරම්භ කිරීමටයි.

Comments