සතියේ ලග්න පලාපල | සිළුමිණ

සතියේ ලග්න පලාපල

ශ.ව. 1939 ක් වූ මේෂ රවි 10 භාග බක්මස අව දොළොස්වක තිථියලත් අප්‍රේල් මස 23 වැනි ඉරිදා සිට 29 වැනි ශනිදා තෙක්.

 මේෂ

නෑදෑයන් හා හිතමිතුරන් සමඟ පැවැති අමනාපකමක් මේ සති‍යේ දී පහ වී යන කරුණු යෙදෙයි. ඒ පිළිබඳ ප්‍රබෝධවත් සිතුවිලි සිතේ ඇති වෙයි. අන් අය වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවන සතියකි.

ගරු සැලකිලි ලැබේ. ව්‍යාපාරිකයන්ට යහපත් සතියකි. කාලයක් තිස්සේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වෙයි. ශරීර සෞඛ්‍යය තරමක් දුර්වල වෙයි.

ජය අංකය - 06 සුබ දවස - බදාදා

 වෘෂභ

අනාගතයේ කරන්නට සැලසුම් කර ඇති කිසියම් කාරණයක් සම්බන්ධව ණය මුදලක් ලබා ගැනීමට හැකි වෙයි‍. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ නිරත අයට මේ සතියේ ඵලදායි අත්දැකීම ලැබෙයි. කුසලතා වර්ධනය වන විවිධ කාර්යයන්හි නිරත වන්නට හැකි වන සතියකි.

ජය අංකය - 03‍ සුබ දවස - සඳුදා

 

 මිථුන

අත ගසන අලුත් කාර්යයක් බෙහෙවින් සාර්ථක වේ‍. උත්සාහයෙන් ජය ලැබීමට හැකි වෙයි‍. තැන්පත් ධනය වැය වන කාරණයක් මේ මේ සතියේ දී යෙදෙනු ඇත. කෙසේ වුව ද සිතෙහි අභිමානය රැඳී පවතී.

ජය අංකය - 07 සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 කටක

සැලකිය යුතු ආර්ථික ලාබ සැලැසෙයි. දැන උගත් අයගේ පූර්ණ සහයෝගය ලබා ගැනීමට හැකිවේ. එමඟින් සමාජය ඉදිරියේ කැපී පෙනේ.

ප්‍රමාද වෙමින් පවතින කටයුත්තක් ඉක්මනින් නිම කරගැනීමට අවස්ථාව උදාවෙයි.‍ වැදගත් කටයුතු කිහිපයක් ඉටුකර ගැනීමේ වාසනාව ද පෑදේ.

ජය අංකය - 06 සුබ දවස - අඟහරුවාදා

 

 සිංහ

යහපත් මිතුරු සබඳතා ඇති කර ගත හැකි ය‍. එයින් අනාගත අභිවෘද්ධියට ද මඟ සලසා ගත හැකි වෙයි. පරිසරය යහපත් වෙයි. ජීවානෝපාය මාර්ගයන්හි ප්‍රගතියක් දක්නට ලැබෙයි. නව නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් කීර්ති ප්‍රශංසා අත්කැර ගැනීමට හැකි වෙයි. රෝගාබාධ සුව අතට හැරෙනු ඇත.

ජය අංකය - 04 සුබ දවස - සිකුරාදා

 කන්‍යා

දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය හැකි ය. සමහර පුද්ගලයන් කෙරෙහි තිබෙන අධික විශ්වාසය නිසා අමාරුවේ වැටීමට ද ඉඩ තිබේ. ලාබ බලාපොරොත්තුවෙන් කරන කටයුතුවලට අතගැසීම කල්පනාවෙන් කළ යුතු ය. අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් මහන්සි වීමට සිදුවෙයි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි.

ජය අංකය - 09 සුබ දවස - සිකුරාදා

 තුලා

තම දක්ෂකම් ක්‍රියාත්මකව ‍ඔප්පු කිරීමෙන් සමාජයේ වැදගත් පුද්ගලයන්ගේ ප්‍රසාදය හිමිකර ගත හැකි වෙයි‍. තැන්පත් ධනයට යම්කිසි ප්‍රමාණයක් එකතු කිරීමට හැකි වෙයි. දුර බැහැර පිය පස ඥාතියකුගෙන් විශේෂ උපකාරයක් ලැබෙනු ඇත. ශරීර සෞඛ්‍යය යහපත් වෙයි.

ජය අංකය - 05 සුබ දවස - සෙනසුරාදා

 වෘශ්චික

තම බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් පල ප්‍රයෝජන ළඟා කරගත හැකි ය‍. විදේශගත වූවකුගෙන් ලැබෙන පණිවුඩයක් නිසා චිත්තප්‍රීතිය වැඩෙයි. නිවෙසේ කටයුතු කෙරෙහි උනන්දුව වැඩිවෙයි. තරග විභාගවලින් ජය ලැබෙයි. පෙම් සබඳතාවක් බිඳී යාමට ඉඩ ඇත. ආත්මාර්ථකාමී හැඟීම් නිසා අපවාදවලට ලක්වීමට ද පුළුවන.

ජය අංකය - 02 සුබ දවස - ඉරිදා

 

 ධනු

විදේශ රැකියා හෝ විදෙස් අධ්‍යාපනය සඳහා ඉල්ලීම් කළ අයගේ බලාපොරොත්තු ඉටු‍වෙයි. ආදායම් තත්ත්වය පහළ බසී‍. ජීවනෝපාය මාර්ග කෙරෙහි වැඩි උනන්දුවක් ඇති වීමට පිළිවන. පරිසරයේ පැවැති ප්‍රිය මනාප බව අඩුවෙයි. පිටස්තරයන්ගේ ආධාර උපකාර සහයෝගිතාවය ලැබෙයි.

ජය අංකය - 01 සුබ දවස බදාදා

 මකර

වගා පාළුවීම්වලට මුහුණ පාන්නට සිදුවිය හැකි ය‍. සිත අවුලට පත්වන කරුණු යෙදෙයි‍. මිතුරන් අතර ප්‍රියමනාප භාවය වර්ධනය වෙයි. අනුන්ගේ කටයුතුවලට අනවශ්‍ය අන්දමින් ඇඟිලි ගැසීම නිසා ප්‍රශ්න ඇතිවිය හැකි ය. ආදායමට වඩා වියදම් දැරීමට කරුණු යෙදෙයි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි.

ජය අංකය - 08 සුබ දවස - අඟහරුවාදා

 කුම්භ

තම හැකියා මඟින් අන් අයගේ සිත් දිනා ගැනීමට හැකිවෙයි. දුර බැහැර ගමනක් යෙදෙයි‍. සතියේ මුල් දිනවල නිවෙසින් බැහැර යෑමට සිදුවිය හැකි ය. දැනට පවතින සෙනෙසුරුගේ පීඩාව නිසා අනතුරු ආදියෙන් පරෙස්සම් විය යුතු ය. මිල මුදල්වලට අදාළ කටයුතු කරන ඔබට මේ සතියේ උසස්වීම් ලැබීමට ඉඩ ඇත.

ජය අංකය - 06 සුබ දවස - බ්‍රහස්පතින්දා

 මීන

සිතේ පවතින අවිවේකය නිසා රාජකාරි කටයුතුවල ප්‍රශ්න ඇතිවෙයි‍.. අසල්වැසියන් සමඟ මතභේද ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. ඉගෙනීමේ කටයුතුවලට අලස ගත ඇති වෙයි. ශාස්ත්‍රීය කටයුතු සඳහා ගුරුවරුන්ගෙන් සහාය ලැබේ. සමාජ සේවා කටයුතුවල නිරත අයට යහපත් ය‍. වාහන පැදවීමේදී කල්පනාකාරී විය යුතුයි.

ජය අංකය - 04 සුබ දවස - සඳුදා

Comments