කෘත්‍රිම පැණි රසකාරක ගෙන දෙයි බඩවැල් රෝග | සිළුමිණ

කෘත්‍රිම පැණි රසකාරක ගෙන දෙයි බඩවැල් රෝග

ආමාශ ප්‍රදාහය හෙවත් ඉදිමීම අද ලොව පුරා බොහෝ දෙනෙකු පීඩා විඳින රෝගයක්. අන්ත්‍ර පද්ධතියට බලපාන ප්‍රධානතම ආබාධයකි. මෙයට හේතුව ආහාර ජීර්ණ මාර්ගයෙහි ඇතිවන ඉදිමුම් තත්ත්වයකි. ආහාර ජීරණ මාර්ගයෙහි බඩවැල්වල මතුපිට ඇතිවන පැල්ලම් විශේෂයක් ද මෙයට හේතු වේ. මේ හේතු දෙකෙන්ම කුසෙහි වේදනාව මෙන්ම බඩවැල් පෙරළීම ද ඇති වේ. පාචනය ලේ සහිත මළපහ වීම අධික වෙහෙස හා බර අඩුවීම ද මෙහි රෝග ලක්ෂණ වේ. ජීවිත කාලය පුරා පවතින වේදනා සහගත රෝගයක් වන මෙය සාමාන්‍යයෙන් වැඩිහිටි වියෙහි මුල් භාගයේදී ඇති වේ. මෙහි රෝග ලක්ෂණ වරින්වර ඇති වී නැති වී යා හැකිය. ප්‍රදාහයට එරෙහි ඖෂධ මඟින් වේදනාව පහ කරගත හැකිය. වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසුය.

රෝගයට නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැත. ඇතැම් විට පවුලේ ජානමය සාධක හේතු විය හැකි බව අනුමාන කෙරේ. නාගරික පරිසරවල වෙසෙන ජනතාව අතර මෙම රෝගය වැඩිපුර දැකිය හැකි බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. කෘත්‍රිම පැණි රස කාරක යෙදු ආහාරපාන මෙන්ම පමණට වඩා ප්‍රතිජීවක ඖෂධ ගැනීම ද ආමාශ ප්‍රදාහයට හේතු වන බව ද එම පර්යේෂණයෙන් හෙළි වී තිබේ.

Comments