ඕනෑ ලෙඩක් මං ඇල්වතුරෙන් හොඳ කරනවා | සිළුමිණ

ඕනෑ ලෙඩක් මං ඇල්වතුරෙන් හොඳ කරනවා

 බුදු බව ලබන්නට බ්‍රහ්මයකුට, දෙවියකුට, නාගයකුට බැරිය. එසේ බුදු බව ලබන්නට නම් මිනිස් ආත්මයක් ලැබිය යුතුය. දෙවිවරුන් තම ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා පිරිහෙන විට නැවත කුසල් කිරීමට මෙහි එති. නාගයන් ද එලෙසමය. ඇය ගැන සොයා බලාගෙන යන විට ඇය ද එසේ නාගලොවින් පැමිණියා යැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත.

සත්‍යය ඕනෑම තැනකදි සාපේක්ෂ අගයක් පමණක් බව මම ඔබට කියමි. මිථ්‍යාව හා සත්‍යය ගතහොත් එක් තැනකදි සත්‍යයක් වන දෙයක් තවත් අවස්ථාවක අසත්‍යයක් එසේ ම මිථ්‍යාවක් වන්නට පුළුවන. එසේ ම එක් අවස්ථාවක අසත්‍යයක් හෙවත් මිථ්‍යාවක් වන දේ ම තවත් තැනකදි සත්‍යයක් වීම ද වළක්වන්නට බැරිය. විද්‍යාවේ එන නිරීක්ෂණ, සම්පරීක්ෂණ ආශ්‍රයෙන් ලබාගන්නා නිගමනද එසේමය. එක් කලකදි යම් දෙයක් සත්‍යය යැයි පිළිගන්නා අතර තවත් තැනකදි එය ම අසත්‍යයැයි හෙළි වී ඇත්තේ ය. නැත්නම් විද්‍යාවේ නැඟීමක් ද නැත්තේය.

 

මා ඒ ටික ලීවේ කිසියම් පූර්විකාවක් මේ ලිපියට ගොඩනඟනු පිණිසය. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප රහතන් වහන්සේ වෙනුවෙනුත්, මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ අසනීප වූ විටත් බොජ්ඣංග පිරිත් දේශනා කළේ කිසියම් ක්‍රමවේදයක් අනුව ය. අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ නැගණිය තමන්ට හැදුණු බරපතළ කුෂ්ඨ රෝගය සුවපත් කැර ගත්තේ ද කිසියම් ප්‍රතිකාර ක්‍රමවේදයක් අනුවය. ඒත් මේවා විද්‍යාවට හසු නොවේ. බෙහෙත් දුන්නේ ද නැත. විද්‍යාවට හසු නොවූ පමණින්, ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට (ඇසට, කනට, දිවට, නැහැයට, සමට විෂය නොවූ පමණින්) කිසියම් දෙයක් නැතැයි කිව නොහැකිය. ඒවා අතීන්ද්‍රිය විෂයයන්ය.

මා එබඳු අතීන්ද්‍රිය විෂය ක්‍රමවේදයකින් ලෙඩුන් සුවපත් කරන අපූරු කාන්ත­ාවක් හමුවෙමි. ඇය ලෙඩුනට ඖෂධ නියම කරන්නේ නැත. ඇගේ එක ම ඖෂධය පිරිසුදු වතුර පමණය. ඒ වතුරට ඇය විසින් තම සිත හරහා මුසු කරන සුවිශේෂ ක්‍රමයකින් ලෙඩුන් සුවපත් වී ඇති බව දැන ගතිමි. ඊටත් වඩා මෙහි සාක්ෂ්‍ය කැඳවන්නේ අපේ ගරුතර මහා සංඝරත්නය ම වීම තවත් සුවිශේෂයකි.

තමා ලෙඩුන් වෙනුවෙන් කරන ප්‍රතිකාර වෙනුවෙන් ලබන මුදලක් මේ වෛද්‍යවරිය වැය කරන්නේ රට පුරා වෙහෙර විහාරවල භාවනා වැඩසටහන් කිරීමටය. චෛත්‍යය ගොඩනැංවීමටය. ඒ ගැන ලිපියේ පසුවට කතා කරන බැවින් මම කෙළින් ම ඇගේ පැටිකිරිය හරහා ඔබට සමීප වෙමි.

ඇයගේ නම වෛද්‍ය ශානිකා විජේසේකරය. ඇයගේ සැමියා ටෙලිකොම් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සී.පී.ආර්. පෙරේරා මහතාය. අවුරුදු 18ක එක ම දියණියක් පමණක් සිටින ඇය වෛද්‍ය උපාධිය ලබා ඇත්තේ ඉන්දියාවේ මැංගලෝර් විශ්ව විද්‍යාලයයෙනි. කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ ඇය වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ම ඉන්දියාවේ කලක් වාසය කළාය. දැන් ඇගේ සැමියා ඇගේ දුවගේ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තයේ පදිංචි වී සිටියි. කිරිබත්ගොඩින් මාකොළ පැත්තට කිලෝ මීටරයක් පමණ ගිය තැන භාතිය පාරට කිට්ටුව ඇති shanz clinic නම් ස්ථානයේදි ඇය හමුවිය හැකිය.

ඔබ පිරිසුදු වතුර ලීටර් 5ක් අරගෙන ලෙඩුනට ඔබ හමුවෙන්න කියනවා. මේ ප්‍රතිකාර ක්‍රමය ගැන ඔබට යමක් විස්තර කළ හැකි ද? මම අසමි.

ලෝකයේ බටහිර වෛද්‍ය ක්‍රමයේදී ඖෂධ, ශල්‍යකර්ම වැනි දේ ලබාදීමෙන් ලෙඩ සුව කරනවා. ඒත් මා හඳුනාගත් තවත් ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ තියෙනවා. ඉන් විශ්ව ශක්තිය ප්‍රධානයි. අ එය ලෝකයේ ප්‍රධාන වශයෙන් කතා කරන මාතෘකාවක්. MIND POWER මානසික ශක්තිය දියුණු කිරීම තවත් එකක්. වතුර යොදා ගන්නේ ලෙඩාගේ ශරීරයට එය ඇතුළු කරන්න. ඊළඟට සත්‍ය ක්‍රියාව. මේවා පුරුදු පුහුණු වන්නට මා කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේදි අදත් භාවනාවට යනවා. මා බොහෝ විට ලෙඩුනට ප්‍රතිකාර කරන්නෙත් නොමිලයේ. ඒ ලෙඩුන්ගේ ආර්ථික අමාරුකම් මට දැනෙන නිසා. ඒ ලැබෙන දෙයකින් මා කරන්නෙත් කුසල් කර්මයන් වැඩීමයි. මා ළඟට එන ලෙඩුනගේ කර්මජ රෝග පවා මගේ ප්‍රතිකාරයෙන් සුවපත් වූ අවස්ථා තිබෙනවා. ඒ ඔවුන් ලවා කුසල් වැඩවීමෙන්. සාමාන්‍යයෙන් කර්මජ රෝග සුවකරන්නට බෑ. ඒවා සුව කරන්නට නම් වෙන ම ප්‍රතිපදාවක ජීවත් වන්න ඕනෑ.

පිළිකා රෝගය පවා ඇගෙ වතුර ප්‍රතිකාරය හා කිරණ ප්‍රතිකාරය හරහා සුව වූ බව ඇසීමි. ඒ ලෙඩුන්ගේ සාක්කි මතුවට කැඳවමි. ඊට පෙර මේ ගවේෂණය සඳහා අප එහි යන විට එහි පැමිණ සිටි විශේෂ මාපිය යුවළකගේ කතාව ඇසිය යුතුය.

නවෝදනි මිහිරානි (26) මේ දරුවට වැඩිමල් දරුවෙක් මට ඉන්නවා. එයාට කිසිම ලෙඩ දුකක් නෑ. ඒත් මේ පුතා හොරණ රෝහලේ ඉපදෙනකොටත් මෙයාගේ පිට කොන්ද ප්‍රදේශයේ සුළු ගෙඩියක් තිබුණා. එක කකුලක පණ නැති ගතියක් ටික දවසකදි ආවා. ඒ නිසා දරුවාගේ මේ අසාමාන්‍ය පිටකොන්දෙ ගෙඩිය ඔපරේෂන් කරන්නත් අපි කොළඹ මහ රෝහලට ඇතුළු වුණා. ඒක කළාට පස්සෙ දරුවාගෙ කකුල පණ නැති වුණා. දරුවාගේ ඔළුවත් ටිකින් ටික ලොකු වෙන්න ගත්තා. දරුවාට කෙළින් හිස තබාගෙන ඉන්න බැරි තත්ත්වයක් ආවා. මමත් මහත්මයත් ‍කෝවිල්, පන්සල් ගානේ ඇවිද්දා. නොයෙක් දේ කළා. හරි ගියේ ම නෑ. දරුවාගේ ඔළුවෙ වතුර තියෙන බවයි සමහර ‍වෛද්‍යවරු කීවෙ. මේ වෛද්‍යතුමිය හමුවෙලා තව මාස 2 යි. අවස්ථා දෙකක් ප්‍රතිකාර ගත්තා. අද ආවෙ 3වන වතාවට. මුල් අවස්ථා දෙකේදි කළ ප්‍රතිකාරවලින් දැන් දරුවාගේ කකුල හරි ගිහින්. ඔළුව කෙළින් කරලා තියාගන්න පුළුවන්. ඔළුව ලොකු වීම නැවතුණා. මේක මහ පුදුමාකාර ප්‍රතිකාර ක්‍රමයක්.

මොනවද! ඔබට ලැබුණු ප්‍රතිකාර

ඩොක්ටර් ශානිකා, දරුවා වෙනුවෙන් වතුර ලීටර කීපයක් ගෙනෙන්න කියලා ඒවාට අත තබාගෙන සිත සමාධි ගත කළා. විනාඩි ගණනක් හිටියා. දරුවාගේ හිසත් අත ගගා මොනවාදෝ කළා. ඒ වතුර උදේ සවස බොන්න දෙන්න කීවා. අනෙක ඒ වතුර දරුවා‍ගේ අසනීපය ඇති තැන්වල ගාන්ඩත් අපට නියම කළා.

මේ දරුවාගේ පියා ප්‍රසාද් සංජීවය. ඔහුට කියන්නට යමක් තිබේ.

ඇත්තට ම නෝනා කී සියල්ල ම ඇත්ත. අපට මේ ඩොක්ටර් ගැන කිව්වෙ අළුබෝමුල්ලෙ චන්දන කියලා පේන්ට් බාස් කෙනෙක්. එයාගෙ මොළේ ලේ කැටි දෙකක් හිරවෙලා මරණාසන්න වෙච්ච වෙලාවෙ මේ නෝනා තමයි එයාව බේරාගෙන තිබෙන්නෙත්. එයා සුව වුණා ම සතුටට හැම තැන ම මේ නෝනා ගැන කිය කියා යනවා. එතුමියගෙ ප්‍රතිකාරය නම් පුදුමාකාරයි.

ඔබ මේ ප්‍රතිකාර සඳහා මෙහෙයවූ විශේෂ අත්දැකීමක් තිබේදැයි මම වෛද්‍ය ශානිකා විමසමි.

මා භාවනාවට කැමැතියි. ඒ නිසා හැම තැන ම භාවනාව ඉගෙන ගන්න ගියා. එතැනදි මට දැන ගන්නට ලැබුණා. ගිහි ගෙදරක හිටියත් භාවනාවෙ ඉහළ ම තත්ත්වයකට (අනාගාමී) ගිය එක්තරා සිල්වත් උතුමෙක් ගැන. එතුමා දවස පුරා භාවනාවෙන්මයි ඉන්නෙ. ඒ නිසා හමුවීම තරමක් අසීරු වුණා. එහෙත් මා එහි ගොස් අවස්ථාව ලබා ගත් කල එතුමා කීවා. ඔබ‍ මෙහෙම කෙනෙක්. ඇයි මිනිසුනට ප්‍රතිකාර නොකරන්නෙ කියලා. මගේ ආධ්‍යාත්මික ශක්තිය එතුමාට දැනුණා. එතුමා මගේ උප්පත්තිය, ජීවත්වීම, අරමුණ මේ ‍සියල්ල ම දැන ගත්තා. එතුමාගේ උපදේශයට අනුවයි මා ප්‍රතිකාර පටන් ගත්තේ. ලැබෙන මුදල් වියදම් කරන්නෙත් ශාසනයට...

(බුදු බව ලබන්නට බ්‍රහ්මයකුට, දෙවියකුට, නාගයකුට බැරිය. එසේ බුදු බව ලබන්නට නම් මිනිස් ආත්මයක් ලැබිය යුතුය. දෙවිවරුන් තම ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා පිරිහෙන විට නැවත කුසල් කිරීමට මෙහි එති. නාගයන් ද එලෙසමය. ඇය ගැන සොයා බලාගෙන යන විට ඇය ද එසේ නාගලොවින් පැමිණියා යැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත. මා ‍එසේ කියන්නේ නිකම් ම නොවේ.)

දෙකටන බැලුම්මහර, බවුන්සෙන් මානසික සුව සෙවණ ප්‍රධාන අනුශාසක කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයයේ භාවනා අධ්‍යයන අංශයේ භාවනා උපදේශක ත්‍රිපිටකාචාර්ය දියසෙන්පුර විමල හිමියෝ වෛද්‍ය ශානිකා පිළිබඳ මෙසේ කියති.

මීට අවුරුදු 3 කට පමණ පෙර භාවනා වැඩසටහනක් කරන්න එතුමිය මට ආරාධනා කරන්න ආවා. ඊට පස්සෙ වාර්ෂික ධර්ම දේශනා හා නොයෙක් පින්කම් ආදිය කරන්නත් මට ආරාධනා කළා. හමුදාව වෙනුවෙන් මා හදමින් සිටි විශේෂ පූජ්‍යස්ථානයට එතුමිය තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමක් ගෙනැවිත් පූජා කළේ. මට බොහොම බරපතළ කොන්දෙ අමාරුවක් තිබුණා. ඊටත් අමතරව මගේ මහපටඟිල්ලක් නවන්න බැරි අමාරුවකුත් තිබුණා. ඒ විතරක් නොවේ මගේ නියපොතු නරක් වෙලා කිසියම් අසනීපයකුත් තිබුණා. එතුමියගේ ප්‍රතිකාර අනුව මගේ කොන්දෙ ප්‍රශ්නය නැත්තට ම නැති වුණා. මහපටඟිල්ලත් සාමාන්‍ය ප්‍රකෘති තත්ත්වයට ආවා. නියපොතුත් දැන් ගොඩාක් සුවවෙලා. විශ්ව ශක්තිය එතුමිය පාවිච්චි කරන්නේ. මෙය අද ලෝකය පුරා කතා කරන මාතෘකාවක්. එය පර්යේෂණාත්මකව ඔප්පු කරමින් තිබෙනවා. මෙහෙම ආධ්‍යාත්මික බලයක් ලබන්නට මා හිතන්නේ සසර පුරුදු, භාවනා අනුභූති වගේ දෙයක් තිබෙන්නටත් ඕනෑ. එතුමිය ලෝක සත්ත්වයා වෙනුවෙන් මහා මෙහෙවරක් කරනවා. ආනමඩුවේ කුරමැටියාවේ මහ මොග්ගල්ලාන සෑ රදුන් සම්පූර්ණ හැදුවෙ එතුමියගේ වියදමින්. අපත් සභභාගී වුණා පින්කමට. අරිසිමලේ ආරණ්‍යයට සිරිපතුලක් පවා එතුමිය පූජා කළා. අරිසිමලේ කියන්නෙ (අරිසි යනු හාල්. මලේ කියන්නෙ වැල්ල) යන අරුතයි. එදා තපස්සු භල්ලුක විළඳ මී පැණි පූජා කළ තැනක් බ ව කියැවෙනවා. මේ දිනවල පොලොන්නරුව මැදිරිගිරියේ පන්සලක චෛත්‍යයක් ඇය හදනවා. අපට රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ ‘සසුන’ වැඩසටහනක් සඳහා ගිය වෙලාවෙ හෙළි වුණා. එක්තරා තරුණයෙක් දෙපයන් අප්‍රාණිකව පුරා අවුරුදු 10ක් (නම ධම්මික) ඇඳක් මත වැතිර ඉන්නවා. එයාට දරුණු කුෂ්ඨ රෝගයක් හැදිලා තියෙනවා. එයාගෙ අම්මත් (70). ජීවත් වෙන්නෙ අනුන්ගේ වළං හෝදලා. මිදුල් අතු ගාලා. කුලියක් මලියක් කරලා. ගම්පොළ මේ අයගෙ ගම. තවත් පිරිසකුත් එක්ක ඩොක්ටර් ශානිකා සමඟ මාත් ඒ තරුණයාගේ ගෙදරට වැඩියා. ඒ ගෙදරට යන්ඩ හරිහැටි පාරක්වත් නෑ. වතුර බෝතල් කීපයක් අරගෙන එතුමිය කරන ආධ්‍යාත්මික ප්‍රතිකාරය කරලා අර තරුණයාගේ ශරීරයේ හැම තැන ම ගෑවා. මා දුටුවා ඇය ඉතා ම කාරුණිකව ඒ තරුණයාගේ ශරීරයේ තුවාල අත ගාලා මවක් වගේ ප්‍රතිකාරය කරනවා. දින දෙකක් යන්ඩ කලින් ඒ තුවාල වේළුණා. ඇය තම අත් දෙකෙන් ඒ තුවාල හෝදන හැටි දුටුවා ම මට මතක් වුණේ පුතිගත්ත තිස්ස හාමුදුරුවන්ට බුදුරජාණන්වහන්සේ ප්‍රතිකාර කළ හැටි. ඒ තරුණයා දින කිහිපයකදි එතුමිය දුන් වතුර බීලා ප්‍රාණවත් වුණා. සුව වුණා. පිළිකා, හෘදයාබාධ වගෙ දේවල් පවා එතුමිය සුව කරන බව අසා මා කීප දෙනෙකු එව්වා. ඒ හැමෝට ම සුවයක් ලැබුණා. කර්ම රෝග පමණක් සුව කරන්න අමාරුයි. ඒකෙත් වේදනාව අඩු කරන්න මේ ප්‍රතිකර්මයට පුළුවන්.

ඇයගෙන් ප්‍රතිකාර ලද බොහෝ දෙනෙක් ඇය පුදුමාකාර වෛද්‍යවරියක් බව කියති. එක්තරා තරුණ දැරිවියකගේ කොණ්ඩය හිටි ගමන් දුඹුරු පැහැයට හුරු වර්ණයක් ගත්තේය. ඇය කිසියම් වර්ණයක් හිස මත ගල්වා ගත්තේවත් වෙනත් කිසිදු ද්‍රව්‍යයක් හිස ගැල්වුවේවත් නැත. ඒ දරුවාගේ මව හඬමින් කියූ කතාවේ රූප පටයක් මම දකිමි. එසේ ම එම දියණිය මෙසේ ප්‍රකාශ කළාය.

මගේ කළු කොණ්ඩය අසාමාන්‍ය විදියට දුඹුරු පැහැයට හැරෙන්න ගත්තා. දොස්තර ශානිකා ළඟට මා බැරිම තැන ආවෙ ලංකාවෙ නොයෙක් වෛද්‍යවරුන් හමුවෙලා මෙයට නිසි ප්‍රතිකාරයක් නැති නිසයි. එතුමියගේ වතුර ප්‍රතිකාරය හරහා ම‍ෙග් කළු කොණ්ඩය නැවත මට ලැබුණා. දුඹුරු කොණ්ඩය එක්ක පාසල් යද්දි ගුරුවරුන් හා යෙහෙළියන් මට බැන්නා. විච්චූර්ණ කරන්න එපා කියලා. ඒත් ඇත්තට ම මගේ කොණ්ඩය ස්වභාවික විදියට වෙනස් වූ බව අද ඒ අයත් තේරුම් අරන්. අවුරුදු කීපයක් ම මම ඒකෙන් දුක් විඳලයි හිටියෙ. මට එතුමිය ප්‍රතිකාර කළේ මාස 2යි. කොණ්ඩය කළු වුණා.

සුනිල් මතුරට මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි. ඔහු මෙසේ කියයි.

මල් පෝච්චියක් වැදිලා මගෙ පාදයෙ තුවාලයක් වුණා. තුවාලය හොඳ වෙන්නේ ම නෑ. අවුරුදු 14ක් තිස්සෙ නොයෙක් වෛද්‍ය විශේෂඥයන් යටතේ ප්‍රතිකාර ගත්තත් තුවාලය සුව වුණේ ම නෑ. ශත 25ක කාසියක ප්‍රමාණයට තිබුණු තුවාලය අල්ලක් තරම් විශාල වීම පමණයි සිදුවුණේ. මෙතුමිය වතුර ලීටර කිහිපයක් ගෙන සිත සමාධිගතව කළ ප්‍රතිකාරය හරහා තුවාලයේ වර්ධනය නැවතුණා. දැන් ඒක කුඩාවෙලා සුව වෙමින් තිබෙනවා. ඇත්තට ම පුදුමාකාර වේදනාවක් තිබුණු මට දැන් දැනෙන්නෙ මහා සුවයක්.

හලාවත කොක්කාවිල වනරතන ආරණ්‍ය සේනාසනාධිකාරි සද්ධර්ම කීර්ති ත්‍රිපිටකවේදි ඔක්කම්පිටියේ කස්සප හිමියෝ ද මෙසේ දෙසූහ.

සාමාන්‍යයෙන් ජීවින් ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක්. මේ රෝගී වීම ඍතු විපර්යාසය නිසා ආහාර විසවීම, වා පිත් සෙම් කෝප වීම වගේ හේතු මත වෙන්න පුළුවන්. ඊටත් අමතරව කර්මානුරූපව රෝගි භාවයටත් ඇතැමුන් පත්වෙනවා. භෞතිකව කරන ප්‍රතිකාර හරහා (බටහිර වෛද්‍ය ක්‍රම) ලෙඩුන් සුවපත් කිරීම තමයි කවුරුත් දන්නේ. එහෙත් ආධ්‍යාත්මිකව ප්‍රතිකාර කිරීමෙන් ලෙඩුන් සුවපත් කිරීමක් තියෙනවා.

අපේ ශරීරයේ 70%ක් ම තිබෙන්නෙ ජලය. අධ්‍යාත්මයෙන් භාවනාවෙන් ඉහළ ට ගියොත් තවත් කෙනෙකුට ශරීරයට බලපෑම් කරන්න පුළුවන් බව අප දන්නවා. මහා බොජ්ඣංග සූත්‍රය, චුල්ල බොජ්ඣංග සූත්‍රය වැනි තැන්වලදි බුදුරජාණන්වහන්සේත් ඒ ක්‍රමය අනුගමනය කළා. කර්මානුරූපව ඇති වන රෝග නැති කිරීම තරමක් අමාරුයි.

අනුරුද්ධ මහ තෙරුන් වහන්සේගේ නැගණියගේ කතාව නිදර්ශනයක්. එතුමියට ඉතා ම බරපතළ කුෂ්ඨ රෝගයක් තිබුණා. සුව වෙන්නෙ ම නෑ. රහතන් වහන්සේ කොතරම් උපකාර කළත් මේ රෝගය සුව කරන්න බැරි වුණා. පසුව හොඳින් සොයා බලන විට පෙනුණා සංසාරෙදි ඇය රජ බිසවක් ව ඉපිද පරිවාර බිසවන්ට රජු ලවා බොහෝ කරදර හිරිහැර කළ බව. ඒ නිසා ඇය පැලඳ සිටි සියලු ම රජ අබරණ විකුණා ලබා ගත් මුදලින් උපාසිකාවන්ට දානයක් දී ඒ පවින් අත මිදී සුවපත් බව ලබන්නැයි සිතන්න කියලා ඇයට ඇරයුම් ලැබුණා. ඒ අනුව කටයුතු කළාමයි එතුමියගේ රෝගය සුව වුණේ.

වෛද්‍ය ශානිකා මා දෙස බලා කීවා වරක් ඔබවහන්සේගේ අක්මාවේ එක්තරා එන්සයිමයක වැඩි ප්‍රතිශතයක් මට පෙනෙනවා. ලේ පරීක්ෂාවක් කරගන්න කියලා. එතුමිය තම දෑඟිලි මගේ නළලට කෙළින් අත නොතබා පවත්වා ගත්තා. ඒ වෙලාවේ මා සිටියේ ඇස් වහගෙනයි. ඒත් මා කොළපාට එළියක් හොඳටම දැක්කා. පසුවයි මා දැන ගත්තේ ඒ කොළපාට එළිය මතුවුණ ප්‍රදේශයේ ඉහළින් ඇගේ ඇඟිලි තිබුණු බව. මගේ අක්මාව පිළිබඳව ඇය කියන ලද ප්‍රකාශය අහන වෙලාවේ මට මොනම රෝගයක් ගැනවත් දැනිලා තිබුණේ නැහැ. ලේ පරීක්ෂා කර බැලුවම අක්මාවේ NON ALCHOHOL (සිරෝසීස්) තත්ත්වයට එන ලකුණු පෙන්නුවා. එහි එන්සයිමවල වෙනසක් ද තිබුණා. වෛද්‍ය වාර්තාවෙන් ඒක කියවුණා. ඊට පස්සේ වෛද්‍ය ශානිකාගේ වතුර ප්‍රතිකාරය අනුව වතුර ලීටර් 10ක් බිව්වම ඒ තත්ත්වය සම්පූර්ණයෙන් නැති වුණා.

තවත් බොහෝ විස්මිත දේ සමඟ ලබන සතියේත් හමුවෙමු.

උපාලි සමරසිංහ
ඡායා-ලයනල් පී. පෙරේරා (කැලණිය සමූහ)

Comments

http://www.silumina.lk/2017/04/22/විශේෂාංග/ඕනෑ-ලෙඩක්-මං-ඇල්වතුරෙන්-හොඳ-කරනවා i need above article Dr shanika wijesekaras contact number because my grandma cancer pation please send contact number my email [email protected]

මේ වගේ මිනින්සු නොමග යන වැඩ කරන්න එපා. මේක දැකලා කෙනෙක් අසනීපෙකට ඉස්පිර්තාලෙ යන් නැතුව මේ වගේ බොරු තැන් වලට ගිහින් මැරුනොත් මේ පත්තරකාරයෝ එ්කෙ වගකීම ගන්නවද? උඹල තමයි ඔය බලි තොවිල් වගේ මගුල් ප්‍රමෝට් කරවලා මිනිස්සුන්ව නැතිකරන්නේ

පට්ට කතාව.. එතකොට අර ක්‍රිස්තියානි කාරයෝ ගෝල්ෆේස් එකේ ඕකම කරද්දී අපේ උන් හිනා උනේ ඇයි? එතකොට බලි යාතු කාර්ම, යක් පිදේනි, මල පෙරේත ශාන්ති කාර්ම මේවා කිවම මොනාද හිතෙන්නේ. දඹුල්ලේ හිටිය වතුරට කඩදහි කැල්ලක් දාල එයාටම පේන එක්ස්රේ ගන්න වෙදෙක්.දැන් මන් හිතන්නේ හිරේ. යේ ලෙඩ්ඩු හොද කරන කට්ටඩියෝ.. හුග දෙනෙක් ගැනුන්ගේ ලෙඩ නැති තැන ස්පර්ස කරලා ගුටිකාලා අඩු කඩාගෙන ඉන්නේ. අපි මේක ගැනත් විමෂණ ඇසින් බලා සිටිමු...කාලය ඇත්ත එලියට දෙන තෙක්!

මට මේ doctor සම්බන්ධ කරගන්න විදිහක් කියන්න පුලුවන්ද ? අඩුම ඉන්න දවසක් වෙලාවක්

Could you share the exact address and the phone number of this doctor

පිටු