ගුරු මත යෝධ පැල්ල­මක්! | Page 2 | සිළුමිණ

ගුරු මත යෝධ පැල්ල­මක්!

 
බ්‍රහස්පති ග්‍රහයා මත විශාල පැල්ලමක් සොයාගැනීමට ලීසෙස්ටර් විශ්වවිද්‍යාලයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව 'ඩේලි මේල්' සඟරාව සඳහන් කරයි. මෙය කලින් සොයාගත් රතු පැල්ලමට වඩා විශාලත්වයෙන් ඉතා වැඩිය.

දිගින් කිලෝ මීටර 24000ක් සහ පළලින් කිලෝ මීටර 12000ක් පමණ වන මෙය කළු පැහැයෙන් යුතු අධික ශීතල දේශගුණික තත්ත්වයකින් යුතු බව සොයාගෙන ති‍බේ. එහි හැඩය අඛණ්ඩව වෙනස් වුවද එකම ස්ථානයක පිහිටන අතර වසර දහස් ගණනක් පුරා මේ පැල්ලම ගුරු ග්‍රහයා මත පවතින්නට ඇතැයි ද විශ්වාස කෙරේ. විද්‍යාඥයන් වසර 15ක් පුරා කළ පර්යේෂණවලට අනුව එහි ස්ථානයේ වෙනසක් නොවූ බව ඔවුහු සඳහන් කරති.

මේ යෝධ පැල්ලමෙන් හයිඩ්‍රජන් සහ යකඩ අණු පිට කරන බවද ඔවුන් සොයාගෙන ඇත‍. බ්‍රහස්පති ග්‍රහයාගේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැව අතර ඇති වන දීප්තිමත් විද්යුත් වායුගෝලීය සංසිද්ධියක් ලෙස මෙය ඇති වී තිබෙන බවද විශ්වාස කෙරේ. 

Comments