ප්‍රයිවට් පෙට්ටිවලින් කෝච්චියට කෝටි ගණනක් පාඩුයි! | Page 2 | සිළුමිණ

ප්‍රයිවට් පෙට්ටිවලින් කෝච්චියට කෝටි ගණනක් පාඩුයි!

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික සමාගම් හරහා දුම්රිය මැදිරි ධාවනය කිරීම නිසා දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 47ක අලාභයක් සිදුව තිබෙන හෙයින් ඒ මුදල් අය කර ගැනීම පිණිස කටයුතු කරන්නැයි දුම්රිය වෘත්තීය සමිති විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.

2011 වසරේ ගිවිසුම් අස්සන් කර ඇති එක්ස්පෝ ලංකා හා රාජධානි එක්ස්ප්‍රස් දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා එවකට දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරය දැරූ ඒ.ජී. මහානාම මහතා විසින් අදාළ සමාගම් සමඟ ගිවිසුම් අස්සන් කර ඇත්තේ එම සමාගම් වලට අවශ්‍ය පරිදි වන අතර මේ නිසා අදාළ සමාගම් විසින් ප්‍රවේශ පත්‍ර නිකුත් කර උපයා ගත් මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා නැති අතර ජේ.එෆ්. ට්‍රැවල්ස් සමාගම විසින් ධාවනය කරනු ලබන වයිස්රෝයි ස්පෙෂල් දුම්රිය ධාවනය කිරීම සම්බන්ධ ගිවිසුම් ද 1986, 1996 හා 2009 වසරේ අස්සන් කර ඇති අතර එම ගිවිසුම 2014 වසරේ අවසන් වීමෙන් පසුව වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා 2016 වසරේ ජූලි මස 01 වැනිදා ගිවිසුම් අස්සන් කරන තුරු ගිවිසුම් රහිතව දුම්රිය ධාවනය කර තිබේ.

එක්ස්පෝ ලංකා හා රාජධානි එක්ස්ප්‍රස් දුම්රිය ධාවනයට අදාළ ගිවිසුම් නීතිපතිවරයාට පවා යොමු කර නොමැති බවද වාර්තා වේ.

මෙසේ නීති විරෝධී ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ මැදිරි පෞද්ගලික සමාගම් වෙත ලබා දීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් හතලිස් හය කෝටි හැට ලක්ෂ පනස් නම දහස් අටසිය පහක් (466059805/=) ක අලාභයක් සිදුව ඇති බවත් එම මුදල් වහාම දෙපාර්තමේන්තුවට අය කර ගන්නා ලෙසත් අදාළ සිදුවීම්වලට වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට දෙපාර්තමේන්තු නීතිය අනුව උපරිම පියවර ගන්නා ලෙසත් වෘත්තීය සමිති විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.

එක්ස්පෝ ලංකා හා රාජධානි එක්ස්ප්‍රස් මැදිරි ධාවනය කිරීමෙන් පමණක් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 44ක අලාභයක් සිදුව ඇති අතර වයිස්රෝයි දුම්රිය ධාවනය කිරීම නිසා රුපියල් 2619195.00ක අලාභයක් සිදුව තිබෙන බවද අදාළ සමිති විසින් පෙන්වා දී තිබේ.

ෙම් සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතාගෙන් අප කළ විමසුමකදී පැවසුවේ මෙම ගිවිසුමට පසුගිය රජය සමයේ කුමාර වෙල්ගම ඇමැතිවරයා හා එවක ප්‍රවාහන ලේකම්වරයා විසින් අනුමැතිය දි ඇති බවයි. මේ ගිවිසුම නීතිපතිවරයාට යොමුකොට නැති බවත් ඔහු පවසයි.

Comments

If this news item is correct, the Government has the full right to cancel this agreement and recover all the lost money. Although I am not a lawyer, I think that any act brought by a normal man called a "minister" has to go through the State Law Machine of the country. This minister has brought untold losses to the state coffers with all types of "deals".....

පිටු