ක්ෂය රෝග එන්නතින් පළමු ගණයේ දියවැඩියාවට සුවය | සිළුමිණ

ක්ෂය රෝග එන්නතින් පළමු ගණයේ දියවැඩියාවට සුවය

ක්ෂය රෝගය සඳහා ලබා‍දෙන බැසිලස් - කැල්මේට් - ගුවේරින් (Bacillus Calmette - Guerin - BCG) එන්නත මඟින් පළමු ගණයේ දියවැඩියාව සුවපත් කළ හැකි බව ඇමෙරිකාවේ සිදු කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇතැයි ඇමෙරිකා දියවැඩියා සංගමය අනාවරණය කරයි. ක්ෂය රෝගය සඳහා වසර 100 කට අධික කාලයක් මුළුල්ලේ දෙනු ලබන මේ එන්නත දියවැඩියාව මර්දනයට මෙන් ම බඩවැල්වල පිළිකා මර්දනයට ද සාර්ථක ලෙස යොදා ගත හැකි බවද එම පර්යේෂණයෙන් හෙළි වී තිබේ.

බී.සී.ජී. නම් වූ මෙම එන්නත මඟින් සිරුරෙහි ඉන්සියුලින් නිෂ්පාදනය කිරීමට උපකාර වන T cells මර්දනය කරයි. පළමු ගණයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් ගේ සිරුරෙහි ඉන්සියුලින් නිෂ්පාදනය සෛල ටී සෛල මඟින් මර්දනය කරන නිසා ඉන්සියුලින් නිපදවීමේ හැකියාවක් නැත. සති හතරක් ඇතුළත දෙවරක් බී.සී.ජී. එන්නත ලබා දුන් රෝගීන්ගේ ප්‍රතිඵලය විස්මිත විය. මොවුන්ගේ සිරුරෙන් ටී සෛල අතුරුදහන් වූ අතර ඇතැමුන්ගේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවීම ඇරැඹිණ. බොස්ටන්හි මැසචුසෙට් මහ රෝහලේ ප්‍රතිශක්ති ජීව විද්‍යා රසායනාගාරයෙහි වෛද්‍ය ඩෙනිස් ෆූස්මන් මේ එන්නතෙහි ප්‍රතිඵල පිළිබඳ අතිශයින් තෘප්තිමත්ව සිටී. වයස අවුරුදු 5 - 18 අතර ළමයින් සහභාගී කරගෙන සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵල සාර්ථක වී තිබේ. අනාගතයේදී පළමු ගණයේ දියවැඩියාව සුවපත් කිරීමට මේ එන්නත යොදා ගත හැකිදැයි බැලීමට අඛණ්ඩව පර්යේෂණ සිදු කරන බවද වෛද්‍ය ඩෙනිස් පවසයි.

වර්තමානය වන විට ඇමෙරිකාවේ මිලියන 1.25 ක් දෙනා පළමු ගණයේ දියවැඩියාවෙන් පෙළෙති. මේ වන විට ඔවුන් සඳහා දෙනු ලබන ප්‍රතිකාරය වන්නේ ඉන්සියුලින් එන්නත් කිරීමය. පළමු ගණයේ දියවැඩියාවෙන් පෙළෙන්නන් ගේ සිත් තුළ නිරෝගී දිවියක් පිළිබඳ අලුත් බලාපොරොත්තු දනවන්නට බී.සී.ජී. එන්නත සමත් වී තිබේ.

Comments