ඇන්තූරියම් පැළ සකස් කර ගැනීම | සිළුමිණ

ඇන්තූරියම් පැළ සකස් කර ගැනීම

ඔබ වාණිජ වගාවක් ලෙස ඇන්තූරියම් වගා කරයි නම්, ඉතාමත් සුදුසු මෙන්ම නිවැරැදි ප්‍රචාරක මාධ්‍ය තෝරා ගැනීම වැදගත්වේ.

ඇන්තූරියම් වගාව කඳ, කක්ෂීය අංකුර, සහ මොටෙයියන් මඟින් ව්‍යාප්ත කිරීමට හැකියාව ඇත. ඒ වගේම බීජ මඟින් ද ඇන්තූරියම් ව්‍යාප්ත කිරීමේ හැකියාව තිබේ.

වර්තමානයේ බොහෝදෙනා ඇන්තූරියම් බීජ මඟින් ව්‍යාප්ත කිරීමේ ක්‍රමය අනුගමනය කරතිි.

මේ ක්‍රමය එතරම් අපහසු නොවුවද වාණිජමය වශයෙන් සාර්ථකම ක්‍රමය මෙය ලෙස හැඳින්විය නොහැකිය.

එකවර බීජ විශාල ප්‍රමාණයක් සම්පාදනය කළ හැකි වුවත්, රෝපණය වන පැළවල ගති ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. බීජ මඟින් සිදුවෙන බිහිවීම සිදු කිරීමේ දී ස්වාභාවික ක්‍රම මඟින් පරාගණය සිදුවේ. එහෙත් මෙය කෘත්‍රිමවද පරාගනය කිරීමේ හැකියාව තිබේ.

මෙහිදී පින්සලක් යොදගෙන සෙමෙන් බීජාණු තැවැරිය යුතුය. නැති නම් පරාගණය සිදු වීම සාර්ථක නොවේ. කෘත්‍රිම ලෙස පරාගණය කිරීමේ දී සෑම වෙලාවකම පරාගණය සිදු කිරීම සාර්ථක නොවේ. මේ සඳහා ඔබ උදේ කාලය තෝරාගත යුතුය. උදේ දහය නම් වඩාත් සුදුසුය.

නයනා නිල්මිණී 

Comments