විරුසර වට්ටම් කෝටි 20ට නඟී | සිළුමිණ

විරුසර වට්ටම් කෝටි 20ට නඟී

 ආරක්ෂක අමාත්‍යාංශය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මඟින් රණවිරුවන්ට ලබා දී ඇති ‘විරුසර‘ රණවිරු කාඩ්පත් හරහා මේ වන විට රුපියල් කෝටි 20කට ආසන්න වට්ටම් (රුපියල් මිලියන 190.02) රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ලබා දි ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ත්‍රිිවිධ හමුදාවේ සහ රණවිරු පවුල්වල සාමාජිකයන් 30000කට අධික පිරිසකට මේ වන විට විරුසර කාඩ්පත් ලබා දී ඇති අතර මේ කාඩ්පත මඟින් රජයේ හා පෞද්ගලික ආයතන රැසකින් 50%ක් දක්වා වට්ටම් ලබා ගත හැකිය. කාඩ්පත ලබා දුන් සැණින් අදාළ වට්ටම හිමි වන අතර වැඩිම වට්ටමක් ලබා දෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වන අතර සාමාන්‍ය ගාස්තුවෙන් අඩක් (50%ක්) පමණක් දුම්රිය ප්‍රවේශපත්‍රවලින් අය කරනු ලැබේ.  

 

Comments