ආයතන 5ක් ගැන උකුසු ඇස | Page 2 | සිළුමිණ

ආයතන 5ක් ගැන උකුසු ඇස

රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලවල කාර්යසාධනය පිළිබඳ දැඩි හා අඛණ්ඩ අධීක්ෂණයක් සිදු කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කොට තිබේ.

එහි මුල් පියවර වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය අධිකාරිය හා ගුවන්තොටුපළ හා ගුවන්සේවා අධිකාරියේ යන ආයතන පහේ ක්‍රියාකාරකම් වසරේ සෑම දිනකම අධීක්ෂණයට ලක් කැරෙනු ඇත. රජයේ ව්‍යාපාර බොහෝමයක් ලාබ ලබන ආයතන බවට පත් කිරීමට නම් දැඩි මුල්‍ය විනයක්, මනා කළමනාකාරිත්වයක් සහ ආයතන ප්‍රධානීන්ගේ සිත්වල ආකල්පමය වෙනස් කළ යුතුව ඇතැයි ද ඒ දේ ඉටු කිරීමේ අරමුණින් මේ අධීක්ෂණ වැඩපිළිවෙළ හඳුන්වා දී ඇතැයි ද මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. 

Comments