අප සැම පරිසරයට යටත්ය | සිළුමිණ

අප සැම පරිසරයට යටත්ය

පරිසරය යනු පෘථිවියේ ජීවය පහළ වීමට ද පෙර සූර්යයාගේ මුල් අවදියේදී නිර්මාණය වූවකි. පරිසරය සතුව සියලු දේ පවතී. පරිසරය අප සැමගේම පාලකයාය. අපි සැවොම පරිසරයට යටත්ය. හොඳ මෙන්ම නරක ද පැමිණෙන්නේ පරිසරයෙනි. අපි හොඳ දේ කරන විට පරිසරය අපට උදවු කරයි. එලෙසම අපි නරක දේ කරන විට පරිසරය දඬුවම් ‍කරයි.

පරිසරය සතුව සුන්දර මෙන්ම ප්‍රයෝජනවත් බොහෝ දේ පවතී. එබැවින් මිනිස්සු පරිසරයට සොබාදහම් මාතාව යැයි කියති. සුන්දර ගංගා, මිනිසාගේ විශ්වකර්ම නිපැයුම් බඳු කඳු පේළි, විශ්වකර්ම ජීවින් පරිසරය සතුව පවතී. එසේම පරිසරයෙන් අපට ප්‍රයෝජන බොහෝය. ශ්වසනය සඳහා වාතය ලබා දීම, ජලය හා ආහාර ලබාදීම ප්‍රධාන වේ.

පෙරැළිකාර මිනිසා වර්තමානයේ පරිසරය සමඟ පොර බඳිමින් රිසි සේ කටයුතු කිරීම නිසා පරිසරය විනාශ වේ. එනිසා පරිසරය සතුව ඇති ජලය, ඛනිජ තෙල්, වාතය, වෘක්ෂලතා වැනි සම්පත් බොහෝ ගණනක් මේ වන විටත් දූෂණය වෙමින් පවතී.

එන්. එම්. දෙනුක නවරත්න
7 ශ්‍රේණිය ‘එච්’,
ගුරුකුල විද්‍යාලය,
කැලණිය

අදහස්