සතියේ ලග්න පලාපල | සිළුමිණ

සතියේ ලග්න පලාපල

තරු පාර

ශ.ව. 1938ක්වූ මීන රවී 06 භාග මැදින් මස අව සතවක තිථිය ලත් මාර්තු 19 වැනි ඉරිදා සිට 25 වැනි ශනිදා තෙක්

 මේෂ

තමා යටතේ සේවය කරන අය කෙරෙහි විශේෂ අවධානයක් යොමුවන සතියකි. සති මැද විශේෂ අමුත්තකුගේ පැමිණීමෙන් පිය පාර්ශ්වයෙන් ලැබීමට තිබූ ලාබයක් හිමිවෙයි. හිතට කරදරයක්ව තිබූ ඉඩම් ආරවුලක් බලාපොරොත්තු නොවූ පරිදි විසඳා ගැනීමට අවස්ථාව සැලසේ. ව්‍යාපාර සඳහා මුදල් වැය කිරීමේදී බුද්ධිමත් විය යුතුය.

ජය අංකය - 05 සුබ දවස - අඟහරුවාදා

වෘෂභ

තමන් සමඟ කටයුතුවල යෙදෙන අන්‍යයන්ගේ මතවලට ගෞරව දැක්වීමට අදිටන් කරගත යුතුය. එසේ වීමෙන් ආර්ථික දියුණුවක් ගොඩනඟා ගත හැකිය. රැකියා සඳහා ඉල්ලුම් කළ අයට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලැබේ. තරග විභාගවලින් ජය ගත හැකිය. දරුවෙකුගේ අනාගත දියුණුවක් සදහා උසස් ප්‍රභූවරයකුගේ උපකාර ලබාගත හැකිවෙයි.

ජය අංකය - 04 සුබ දවස - සිකුරාදා

 මිථුන

වාසනා ගුණය මතු කරවන සතියකි. පවුලේ සාමාජිකයකුගේ රෝග පීඩාවක් සුව කර ගැනීමට විශේෂ වෛද්‍යවරයෙකුගේ සහාය ලැබීමට සිදුවෙයි. තැන්පත් මුදලක් ඒ සඳහා වැය කරන්නට සිදුවෙයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට දුෂ්කරතා මැද්දේ අදහස සඵලවෙයි.

ජය අංකය - 02 සුබ දවස - බදාදා

 කටක

ඉඩමක් හෝ නිවසක් මිලයට ගැනීම පිළිබඳ තිබූ අදහස ඉටුවන ලකුණු පහළ‍ වෙයි. කලකට පෙර ඉදිරිපත්වූ සම්මුඛ පරීක්ෂණයකින් ජය අත්වෙයි. උසස් තනතුරු ලාබ හිමිවෙයි. රැකියා ස්ථානයේ අතිරේක වගකීම් තමන් වෙත පැවරීම නිසා අසහනකාරී තත්ත්ව මතුවෙයි.

ව්‍යාපාරවල යෙදෙන අය ඒවාට හවුල් කරුවන් සම්බන්ධ කර ගැනීමේදී බුද්ධිමත් විය යුතුය.

ජය අංකය - 03 සුබ දවස - බදාදා

සිංහ

එතෙර ගමනක් පිළිබඳ තිබූ අදහස සාර්ථක වෙයි. හිතවත්කම් පෙන්වන අය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. හවුල් කටයුතු හෝ ව්‍යාපාරවලට සම්බන්ධවීම ඒ තරම් ප්‍රායෝගික නැත. පාසල් දරුවෙකුගේ ප්‍රශ්නයක් මතුවෙයි. මවුපියන් අතර මතභේද ඇති වීමට ඉඩකඩ ඇති බැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු සතියකි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වෙතත් ස්ථිර නිගමනයකට බැසීම දුෂ්කර වෙයි.

ජය අංකය - 08 සුබ දවස - ඉරිදා

කන්‍යා

ගමන් බිමන් අධික වේ. ස්නායු ආබාධා වැඩි වීමට හේතු වෙයි. තම සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානය යොමුවිය යුතුය. අතමිට මිල මුදල් ගැවසුනද වැය පස වැඩි වන බවක් පෙන්වයි. විභාග හා තරගවලට ඉදිරිපත් වන්නන්ට ජය ලැබේ. රැකියා අපේක්ෂා ඉටුවෙයි.

ජය අංකය - 02 සුබ දවස - බදාදා

තුලා

කාලයක සිට හිතට වද දුන් කටයුත්තක් බලාපාරොත්තු නොවූ පරිදි සාර්ථකව විසඳා ගැනීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට සුබදායකය. විවිධ විෂයන් හැදෑරී‍ෙම් අවස්ථා සැලසේ. විදේශ අධ්‍යාපනවල යෙදෙන්නන්ට සුබවෙයි. එ‍ෙතර ගමන් යන අයට වාසිදායක තත්ත්ව උදාකර දෙයි. උසස් තනතුරු හොබවන අයගේ සහාය ලැබේ.

ජය අංකය - 07 සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘශ්චික

මේ සතියේ වැඩ කටයුතු බහුලවේ. එක අරමුණක වැඩක යෙදීමට බාධක ගෙන දෙන අතර විවිධ තරාතිරම් ඇති අය නිසා ප්‍රශ්නවලට මැදිවීමට ඉඩ යෙදේ. ඒ හේතුවෙන් බුද්ධිමත් විය යුතුය. ව්‍යාපාරිකයන්ට සුබය. නව ආරෙක දියුණුවක් ගොඩනඟා ගත හැකිය.

කලා අංශවලට ලැදියාව දක්වන අයට තරග බිමට කැඳවන කාලයක් බැවින් නව නිර්මාණ සඳහා වෙහෙස වීමෙන් ජය ලැබේ. සංචාරක කටයුතුවල නිරත වන අයට වාසිදායකය.

ජය අංකය - 09 සුබ දවස - සඳුදා

ධනු

මෙම සතියේ අමතර වගකීම් දැරීමට සිදුවෙයි. එතෙර රැකියාවල නිරත වූ අයට ආපසු සිය රටට ඒමට අවස්ථා උදාවෙයි. ආනයන අපනයන කරුවන්ට හා මැණික් ව්‍යාපාරවල යෙදී සිටින්නන්ට යහපත් කාලයකි. සංවර්ධන ව්‍යාපෘතිවල නිරත අයට ආර්ථික දියුණුව ඇති වෙයි. තීරණය කරගත් විශේෂ උත්සවයක් වැඩකටයුතු බහුලවීම නිසා කල් දැමීමට සිදුවෙයි. ස්නායු ආබාධ, තුනටිය, දණහිස් ආබාධ වැඩිවන සතියකි.

ජය අංකය - 06 සුබ දවස - සිකුරාදා

 මකර

රැකියා‍වේ අවුල් සහගත තත්ත්වයක් මතුවී තිබී ප්‍රශ්නයකට මැදිවිමට සිදුවෙයි. නොකරපු වරදකට චෝදනා එල්ලවෙයි. එබැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. හිතවත්කම් පෙන්වන වංචා සහගත අයගෙන් පරෙස්සම් විය යුතුය. වියදම් අධික වන සතියකි. අඩුපාඩු සපුරාලීමට වෙනදාට වැඩියෙන් උත්ස­ාහවන්ත වෙයි. නව ව්‍යාපාර ඇරැඹීමට අදහස් කරන අයට හිතවත් අයගේ උපකාර ලබාගත හැකි වෙයි.

ජය අංකය - 5 සුබ දවස - ඉරිදා

 කුම්භ

අසල්වැසියන් අතර හොඳ හිත ඇතිකර ගැනීමට කරන උත්සාහය සාර්ථක වෙයි. වගා කටයුතුවල නිරත වූ අයට සහන සැලසේ. පතල් කර්මාන්ත හා මැණික් ගැරීමේ කටයුතුවලින් විශේෂ ලාබ හිමිවෙයි. පුරාවිද්‍යා අංශවල සේවාවල යෙදෙන අයට හා කැණීම්වල නිරත අයට වටිනා වස්තු ලාභ හිමිවන කාලයකි. වාහන පදවන අයට තරමක අවහිරතා මතුවන අතර ඉවසිලිවන්ත කමින් කටයුතු කළ යුතු කාලයකි.

ජය අංකය - 09 සුබ දවස - ඉරිදා

මීන

රාජකාරි කටයුතුවල නිරතව සිටීමේදී සිත් කලකිරීම් ඇති වෙයි. එහෙත් ඒවා හිතට නොගෙන තම කටයුතුවල යෙදීමේ හැකිකම් හා ශක්තිය ගෙන දෙන සතියකි. තමන්ගේ අයට වඩා විදේශවල සිටින අයගේ සාදර ගෞරව හිමි වන කාලයකි. තවද තම ව්‍යාපෘතිවලට ආධාර හා ලාභ ගෙන දෙයි. නිවාස නොමැති අයට නිවාස ලාභ හිමිවෙයි.

ජය අංකය - 01 සුබ දවස - බ්‍රහස්පතින්දා 

Comments