කොළඔ සරසන Glorious Residencies

Glorious Residencies කොළඹ නගරය සරසන අලුත්ම නිවාස සංකීර්ණයයි. මහල් 12කින් සමන්විත මෙම සුපිරි නිවාස ව්‍යාපෘතිය මේ වන විට කොළඹ 14 ශ්‍රිමත් බණ්ඩාරනායක මාවතේ ඉදිවෙමින් පවතින අතර ඒ මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳ සමාගමක් ලෙස පිළිගැනෙන A and D Property Developers(pvt ) Ltd හි තවත් සාර්ථික නිවාස සාර්ථක ව්‍යාපෘතියක් ලෙසිනි.

ශ්‍රි ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ( BOI ) අනුමත මෙම නිවාස ව්‍යාපෘතිය තුළ නිවාස 88ක් ඉදිවෙමින් පවතී.එසේම මෙහි අංග සම්පූර්ණ රථ ගාලක්ද ඉදිවෙන අතර රථවාහන 115 ක් නැවැත්වීම සඳහා එහි ඉඩකඩ තිබේ.

Glorious Residencies නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේදී එහි සම්පත් දායකයින් ලෙස දිවයිනේ ප්‍රමුඛතම ඉදිකිරීම්කරුවන් හා සේවා ආයතන එක්ව සිටීමද විශේෂත්වයකි. තවද මෙම නිවාස සඳහා උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන ඇති අතර සමස්ත ව්‍යාපෘතිය සඳහා අති නවීන තාක්ෂණයද උපරිම ලෙස යොදා ගෙන තිබේ.

මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන්ගේ අපේක්ෂාව වෙනුවෙන් CCTV කැමරාද සහිත පැය 24 පුරාම ක්‍රියාත්මක ආරක්ෂක සේවාවන්ද යොදවා ඇති අතර නිවැසියන්ගේ ප්‍රයෝජනය සඳහා උත්සව හා රැස්වීම් ශෘලාවක්ද ඉදිකිරීමට කටයුතු යොදා ඇත. තවද කායවර්ධන මධ්‍යස්ථාන, ශරීර සුවතා මංතීරු පිහිනුම් තටාක, අවන්හල්,සුපිරි වෙළඳසැල්, බැංකු පහසුකම්, ආදී සියලු පහසුකම් වලින් මෙම නිවාස ව්‍යාපෘතිය පරිපූර්ණ වී තිබේ.

2016 ජනවාරි මසදී ආරම්භ වූ මෙහි ඉදිකිරීම් 2017 මාර්තු මස වන විට බොහෝ දුරට අවසන් කිරීමට Glorious Residencies සමත් වී තිබේ. ඉදිරි මාස 06 ඇතුළතදී මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට එම ආයතනය බලාපොරොත්තු වෙයි.

චන්දිමා එදිරිමාන්න

ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු


කැලණි කේබල්ස් සමාගමේ වාර්ෂික ක්‍රිකට් තරගාවලිය මෙවරත්

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් සමාගම සිය ඉදිකිරිම් ක්ෂේත්‍ර සේවාදායකයන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන Kelani Challenge Trophy -2017 සය සාමාජික ක්‍රිකට් තරගාවලිය කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රිකට් සමාජ කී‍්‍රඩාංගනයේ දී පසුගියදා පැවැත්විණ. ශ්‍රී ලංකා ක්‍රිකට් කී‍්‍රඩක හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුÓ රුචිර පල්ලියගුරු හා කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරීÓ අනිල් මුණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් පැවැත්වුණු මෙම Kelani Challenge Trophy -2017 සය සාමාජික ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් නියෝජනය කරමින් සය සාමාජික ක්‍රිකට් කණ්ඩායම් 30ක් පමණ සහභාගී වූහ.


ikman.lk ප්‍රමුඛතම තේරීමට

ශ්‍රී ලංකාවේ විශාලත ම අලෙවි මධ්‍යස්ථානයවන ikman.lk, වේගයෙන් වර්ධනයවන සිය විකුණුම්කරුවන්ගේ ජාලය සමගින් අන්තර්ජාල විකුණුම් සඳහා මෙරට ජනතාවගේ ප්‍රමුඛත ම තේරීම බවට තවදුරටත් තහවුරු කරගෙන ඇත.

අන්තර්ජාලය විකුණුම්කරුවන් අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යයක් බවට පත්ව ඇති අතර ikman.lk පිරිනමන අසමසම ප්‍රතිලාභ සහ පහසුකම් හේතුවෙන් සිය අන්තර්ජාල අලෙවි කටයුතු කඩිනමින් ඉටු කර ගැනීම සඳහා වැඩි වශයෙන් එහි සිය දැන්වීම් පළ කර ගැනීම සඳහා යොමු වෙති. මේවන විට 165,000 ක්වන සජීවී දැන්වීම් ප්‍රමාණය ඊට මනා සාක්ෂ්‍ය සපයයි. සිය භාණ්ඩය අලෙවි වූ පසු දැන්වීම ඉවත් කිරීමට හැකි සහ දැන්වීමක් ප්‍රචාරයවන උපරිම කාල සීමාව මාස දෙකක්වන තත්ත්වයක් තුළ එවැනි සුවිසල් දැන්වීම් ප්‍රමාණයක් සජීවීව ප්‍රචාරය වීම විශේෂත්වයකි.

ikman.lk සමග දැන්වීම් ප්‍රචාරය කරන අලෙවි කරුවන් හට භාණ්ඩ සහ සේවා අලෙවි කිරීම සඳහාවන මෙරට විශාලත ම පදනම වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ ගැනුම්කරුවන්ගේ වැඩි අවධානයක් දිනා ගැනීමේ හැකියාව හිමි වේ.

2017 වසරේ පෙබරවාරි මාසයවන විට ikman.lk හි ක්‍රියාකාරී ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව මිලියන 2ක් වැනි ඉතා අධික සංඛ්‍යාවක් වූ අතර, විකුණුම්කරු සහ ගැනුම්කරු අතර අනුපාතිකය 1:35 ක් වේ.


සැම්සුන් ගැලැක්සි නවතම smart phone ශ්‍රි ලංකා වෙළෙඳපොළට

සැම්සුන් ශ්‍රි ලංකා විසින් නොබෝදා ගැලැක්සි A කාණ්ඩයේ නවතම smartphone ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. 5. 7” ක්වු A7 ජංගම දුරකථනය හා 5.2” වු A5 ජංගම දුරකථනය විශේෂ අංගයන් සහිතව පාරිභෝගිකයන්හට හඳුන්වා දී ඇත. A5 A7 හා C ‍9 pro සමඟ තිබෙන Voice Over LTE Feature ශ්‍රී ලංකාවට පළමු වරට හඳූන්වා දෙන ලදි.

මේ පිළිබඳ අදහස් දක්වමින් සැම්සුන් ශ්‍රි ලංකා කලමනාකාර අධ්‍යක්ෂ යංග්මින් ෂින් මහතා පවසා සිටින්නේ ලොව නවතම තාක්ෂණයක් මෙලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ තමන් සතුටුවන බවය.

සැම්සුන් ආයතනය කවදත් තම පාරිභෝගිකයන්ට ඉහළ තාක්ෂණයෙන් යුත් උසස් නිෂ්පාදනයන් හඳුන්වා දීමට කටයුතූ කරන බව සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමේ ඡංගම දුරකථන අංශයේ ප්‍රධානි ඩී ජේ කෝ මහතා පවසා සිටියි. සැම්සුන් හි සුවිශේෂි නිර්මාණයක් වන නවතම ගැලැක්සි A කාණ්ඩය මේ සඳහා කදිම නිදසුනක් බවත් ඔහු කියා සිටියේය.

ත්‍රිමාණ නිමාවකින් හා ශක්තිමත් පදනමකින් යුතුව නිපදවා ඇති ගැලැක්සි A කාණ්ඩය සැම්සුන්හි නිර්මාණ ශෛලිය මනාව පිළිඹිඹු කරයි.

කළු හා රන්වන් පැහැගත් වර්ණ 2කින් යුත් මෙම දුරකථනයෙහි කැමරාව, Home key හා වෙනත් අංගයන් නවතම නිමාවකින්ද යුක්තය .

ඡායාරුපය- තුෂාර ප්‍රනාන්දු


 කොමර්ෂල් බැංකුවේ ඩයින් ඇන්ඩ් ස්මයිල් වැඩසටහන යළිත්

2017 අප්‍රේල් 10 වනදා දක්වා අවන්හල් 64 කින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හිමියන්ට 30%ක සහ ඩෙබිට් හිමියන්ට 20%ක වට්ටමක් ලබා දෙයි.

කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් තෝරාගත් ප්‍රසිද්ධ අවන්හල් වලින් ආහාරපාන ලබාගැනීමේදී වට්ටම් ලබාදෙන ඩයින් ඇන්ඩ් ස්මයිල් වැඩසටහන බැංකුව විසින් නැවතත් එළිදක්වා තිබෙන

මෙවර ප්‍රවර්ධන වැඩසටහන යටතේ ප්‍රධාන පෙළේ හෝටල් 21 ක පිහිටා තිබෙන අවන්හල් 40 ක් ඇතුළුව සුප්‍රසිද්ධ අවන්හල් 64 ක් තුළින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරමින් ආහාරපාන මිලදීගැනීමේදී 30%ක වට්ටමක් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කරමින් මිලදීගැනීමේදී 20%ක වට්ටමක් 2017 අප්‍රේල් 10 වනදා දක්වා ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව විසින් වීසා සහ මාස්ටර්කාඩ් සන්නාමයන්ගෙන් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සඳහා මෙම දීමනාව වලංගු වේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.