නැගෙනහිර වෙරළ සුරැකීමට රුපියල් මිලියන 1000ක ව්‍යාපෘතියක් | සිළුමිණ

නැගෙනහිර වෙරළ සුරැකීමට රුපියල් මිලියන 1000ක ව්‍යාපෘතියක්

නැගෙනහිර වෙරළ සංරක්ෂණය සඳහා පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති වෙරළ සංරක්ෂණය හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් රුපියල් ලක්ෂ 10000 ක වියදමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ‍පවසයි. මේ මඟින් අම්පාර, ත්‍රිමලය, මඩකළපුව දිස්ත්‍රික්කවල පුද්ගලයන් ලක්ෂ 3 කට පමණ ප්‍රතිලාභ ලැබී ඇත.

සහභාගිත්ව වෙරළ කලාප ප්‍රතිෂ්ඨාපන සහ තිරසාර කළමනාකරණ ව්‍යාපෘතිය නමින් හැඳින්වේ. මෙම ව්‍යාපෘතිය මඟින් වැලිකඳු හෙක්ටයාර 550 ක් සුරැකීමටත් හෙක්ටයාර 2000 ක පමණ වාර්තා වන වගා හා වෙරළ සංරක්ෂිත වන වගා ව්‍යාප්ත කර ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. උපදෙස් පරිදි මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශවල වෙරළට දමන කුණු කසළ කළමනාකරණය කර කොම්පෝස්ට් නිපදවීමේ ව්‍යාපෘති‍යක් ද මේ යටතේ ආරම්භ කර ඇතැයි වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතා පවසයි.

මීට අමතරව රුපියල් ලක්ෂ 36 ක වියදමින් ඌරනි කළපුව අසල පාරිසරික සංචාරක ගොඩනැඟිල්ලක් ඉදිකර ඇති අතර එවැනි තවත් පාරිසරික සංචාරක ගොඩනැඟිල්ලක් පානම ඉදිකර තිබේ. 

 

Comments