කථානායක කටයුතු කරන්නේ ද්වේශසහගතව නොවෙයි | සිළුමිණ

කථානායක කටයුතු කරන්නේ ද්වේශසහගතව නොවෙයි

l ඉන්දීය ධීවරයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබ‍ මේ වන විට ගෙන ඇති පියවර සදහන් කළොත්?

අපේ මුහුදු සීමාවට පැමිණෙන අනවසර ඕනෑම ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරනවා. එම ධීවරයන් නිදහස් කළද ධීවර ආම්පන්න රාජසන්තක කෙරෙනවා .අධිකරණමය ක්‍රියාමාර්ගයකිනුයි මෙය සිදුවන්නේ. මේ සම්බන්ධයෙන් සාකච්ජා වාර දෙකක් පැවැත්වූවා.පසුගිය නොවැම්බර් මාසයේ පළමු සාකච්ජා වාරය පැවැත්වූවා. දෙවැනි සාකච්ජාව ජනවාරී මාසයේ පැවැත්වූවා. මේ තත්ත්වය තවම අවසන් වී නැහැ.එහෙත් ලබන අප්‍රියෙල් මාසයේ තුන් වැනි සාකච්ජා වටය පවත්වනවා. මේ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියා මාර්ගයකට එළැඹීමට ඉන්දියාව සුදානම් නම් අපි මේ ධී‍වර යාත්‍රා මෙරට රඳවා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ යාත්‍රා නවත්වා තැබීමේ දුෂ්කරතාවන් මේ වන විට මතු වී තිබෙනවා.සතියකට ඉන්දීය ධිවර යාත්‍රා පන්දහසක් පමණ අත් අඩංගුවට ගැනෙනවා. අපි දෙරට අතර සාකච්ජා වාර දෙකක් මේ සම්බන්ධයෙන් පවත්වා තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ පළමු සාකච්ජා වාරය පැවැත්වූවා. දෙවැනි සාකච්ජාව ජනවාරී මාසයේ පැවැත්වූවා. එහෙත් මේ තත්ත්වය තවම අවසන් වී නැහැ.

l පසුගිය දින දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් කතානායකවරයා ගත් තීන්දුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ව කරන ලද්දක් බව ඔහු සදහන් කරනවා.?

මම හිතන්නේ අපි මේ සිදුවීම ගැනකතා කරනවා වැඩියි. අපි මේ ගැන ඕනෑතරම් අපේ මතය ඉදිරිපත් කළා. මම යෝජනා කරනවා මේ ගැන මාධ්‍යවේදින්ගේ සහ ජනතාවගේ මතය රටට කියන්න කියලා‍. මම කියන්නේ මාධ්‍ය ආයතනවලට ප්‍රවෘත්ති නැතුවද මේ තරම් මේ සිදුවීම ගැන කතා කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සතියක කාලයක් පාර්ලිමේන්තු වාරණය සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම මේ තරම් කතා කිරීම අනවශ්‍යයි. යම් සිදුවීමක් වුණා. ලබන සතිය වන විට එම මන්ත්‍රිවරයා නැවත පාර්ලිමේන්තුවට පැමිණෙයි. දිනේෂ් ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. අපි එකම පක්ෂයේ පිරිසක්. පාර්ලිමේන්තුවේ එදින සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. යම් මන්ත්‍රවරයෙකුට සභා ගැබෙන් පිටව යන්න කීවොත් ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත් ව යායුතුයි. පොලි‍සිය පැමිණ ඉවත් කිරීම සුදුසු නැහැ. මේ නිසයි යෝජනාවක් ගෙන ඒමට සිදු වුණේ. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. මේ සිදුවීම මෙතරම් කතා කරන්න දෙයක් නැහැ තමන්ගේ අතින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව සිදු වූ වරද අවබෝධ කර ගැනීමටයි සතියක කාලයක් ලබා දෙන්නේ. කෙසේ වෙතත් මේ ආකාරයට පාර්ලිමේන්තුවක් තුළ වාද විවාද ගොඩනැඟුනත් අනවශ්‍ය ආකාරයේ සීමා

ඉක්මවා යෑමෙනුයි සියලු දේ සිදුවන්නේ. මෙය එක සිදුවීමක් පමණයි. මෙවැනි සිදුවීම් අතීතයේදීත් සිදුවෙලා තියනවා.

l ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස රටට පූර්වාදර්ශය සපයන පාර්ලිමේන්තුවේ සිදුවන අශෝබන සහ විනය විරෝධී කනගාටුදායක තත්ත්වයන් පිළිබඳ සම්බන්ධයෙන් ඔබේ අදහස ?

පාර්ලිමේන්තුව කියන්නේ වාද- විවාද, තර්ක- විතර්ක සහ සංවාදී -ප්‍රතිවාදී අදහස් ඉදිරිපත් කෙරෙන තැනක්. ආරම්භයේ සිටම මේ පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයන් ඇතිවී තිබෙනවා. පාර්ලිමේන්තුවක් තුළ උණුසුම් වචන හුවමාරුවීම් සිදුවිය හැකියි. එහෙත් පාර්ලිමේන්තුවේ නීති රීතිවලට සහ සම්ප්‍රදායන්ට ගරුකළ යුතුයි. පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න කතානායකවරයාට සහාය දියයුතුයි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විනය පවත්වාගෙන යන්න කතානායකවරයාට ඇතැම් තීරණයන්ට එළැබෙන්න සිදුවෙන අවස්ථාද තිබෙනවා. එය ද්වේශ සහගත කෙරෙන කටයුත්තක් නොවෙයි. විශේෂයන් ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකගත යුතුයි. පාර්ලිමේන්තුවේ දී තමන්ගේ ජේෂ්ඨත්වය අනුව කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුව තුළ තමන්ගේ පෞද්ගලික මතවාදයන් ඉස්මතු කරමින් විනය විරෝධි ආකාරයට පාර්ලිමේන්තුවකට නුසුදුසු ආකාරයෙන් කටයුතු නොකළ යුතුයි. මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආධුනික මන්ත්‍රිවරුත් ආරක්ෂා කළයුතුයි. ඇතැම් ආධුනික මන්ත්‍රිවරුන්ට මේ පිළිබඳඅවබෝධයක් නැහැ. ඒ අය පසුගිය කාලය පුරා කලහාකාරී ආකාරයට හැසිරුණා. පාර්ලිමේන්තුවක් තුළ අනවශ්‍ය ආකාරයෙන් කිහිප විටක් හැසිරෙන විට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුගමනය නොකරන විට ඇතැම් අවස්ථාවලදී තාවකාලික පාර්ලිමේන්තු වාරණයක් පැනවීමට ඉඩ තිබෙනවා. සම්ප්‍රදාය ආරක්ෂා කරන්නයි මෙවැනි පියවරගන්නේ.

l ආණ්ඩුවට අවශ්‍ය ෆෙඩරල් ආණ්ඩුවක් හදන්න. ඒ සදහා ඔවුන් විපක්ෂය හීලෑකරන්නට උත්සාහ කරන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා කියනවා?

මේ ගැන අහන්න ඕන මගෙන් නොවෙයි. එම මන්ත්‍රිවරයාගෙන්. නව ව්‍යවස්ථා සංශෝධනවල දී සියලු දෙනාගේ මතවාදයන් විමසීමක් කර ඉන් අනතුරුවයි තීන්දු තීරණයන්ට එළැඹිමට සිදු වෙන්නේ.

l කතානායකවරයා ද්වේශ සහගත තත්ත්වයකින් මෙවැනි තීන්දු ගනු ලබන බවත් එතුමා දෙන තීන්දු පිළිගන්න බැරි බවත් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් සඳහන් කරනවා.?

මම හිතන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට වඩාත් සුදුසු කතානායකවරයායි. එතුමාගෙන් මේ ගැන අහන්න.

l විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ පක්ෂය වෙනම ස්වාධින පක්ෂයක් බවට පිළිනොගන්න හේතුව කුමක්ද?ඔබ පක්ෂයේ මහ ලේකම්වරයා හැටියට විමල් වීරවංශ මන්ත්‍රිවරයා සහ ඔහුගේ කණ්ඩායම ඉවත් වීමට ලිඛීතව ඔබ දැනුවත් කර තිබෙනවාද?

එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂය තුළ ජාතික නිදහස් පෙරමුණ වශයෙන් පක්ෂයක් ගිවිසුම් ගත වෙලා නැහැ‍. විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඔහුගේ කණ්ඩායමේ සිටින මන්ත්‍රිවරුන් පිලිබදව වෙන්වෙන් වශයෙන් ලිඛිතව දැනුම් දීලා ලිපියක් දීලා නැහැ. ලිපියක් ලබා දුන්නත් එහි ප්‍රමාණවත් කරුණු නැහැ. මැතිවරණ කොමසාරිස්වරයා යටතේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් හැටියට ලියාපදිංචි වෙලා තිබුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ගිවිසුම් ගතවෙලා නැහැ. මේ වන විට එම කණ්ඩායම ලෙස හදුන්වන ඇතැම් මන්ත්ත්‍රීවරුන් අප දැනුවත් කරලා තියනවා ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නට ඔවුන් කැමැති නැති බව‍. කතානායකවරයාට පක්ෂයක් තුළ ගිවිසුම් ගත වී ඇති පක්ෂ සම්බන්ධවයි කටයුතු කළ හැකි වන්නේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ හයක් පමණක් නියෝජනය වන බවට ඒකමතිකව පිළිගෙන තිබෙන්නේ. ඇතැම් අය ප්‍රචාරයන් ලබා ගැනීමටයි මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්නේ. ඉවත් වීමට අවශ්‍ය කණ්ඩායම කවුද කියලා ලිඛිතව මා හට දැනුම් දීමක් කළහොත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ නීතිරීති අනුව අපට ක්‍රියා කිරීමට හැකියාව තිබෙනවා.

l ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත් වීම තවමත් ප්‍රමාද ඇයි ?මේ මැතිවරණය සියලුම පළාත් පාලන ආයතනවල එකවර පවත්වන ලෙසට දේශපාලන පක්ෂ කිහිපයක ඉල්ලීමක් තියෙනවා නේද?

මේ වන විට සිමා නිර්ණය ගැටලු සහ අනෙකුත් සියලුම ගැටලු අවසන් වෙමින් ඇති නිසා ඉතා ඉක්මනින් පැවැත්වීමට සියලු කටයුතු අදාළ ආයතනයවලින් සිදු කෙරෙනවා.

l ඉදිරි මහ මැතිවරණයේදීයේදි ශ්‍රිලනිප සහ එකාබද්ධ විපක්ෂය වෙන් වෙන් වශයෙන් මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් මැතිවරණය ජයග්‍රහණය කීරීමට නොහැකිබව ඇතැමුන්ගේ අදහසයි...?

වෙන් ‍වී මැතිවරණයකට ගි‍යත් ජයග්‍රහණය කළ හැකියි. එකතු වී මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් විජයග්‍රහණයක් කළ හැකියි. මා සන්ධාන මහ ලේකම් තනතුරට පත් වූ දින සිට මගේ උපරිම උත්සාහ දැරුවා සියලු පක්ෂ ඒකරාශී කරගෙන මේ ගමන එකට යන්න. ඉදිරියේ දීත් මා මහ ලේකම්වරයා හැටියට මගේ වගකීම ඉටුකරනවා.

l ජනතා ප්‍රශ්න වැඩිවන විට මිනිසුන්ගේ උද්ඝෝෂණ වැඩිවෙනවා. මේ උද්ඝෝෂණ මැඬ පැවැත්වීම මිස මේ රජය ජනතා ප්‍රශ්නවලට විසදුම් ලබා නොදෙන බව පවසන ටිල්වින් සිල්වා මන්ත්‍රීවරයා ජනතා ප්‍රශ්නවලට විසදුම් නොදෙන මේ රජය අවුරුදු පහ පිරෙන්නට පෙර ගෙදර යවන්න වෙන කියනවා.?

ඒ අය රජය ගෙදර යවන්නේ දඬු මුගුරු අරගෙන වෙන්න ඇති. මෙය යහපාලන රජයක්. අපි ජනතා ප්‍රශ්නවලට සවන් දෙනවා.ඒවගේම මර්දනකාරී කටයුතු කරන්නෙත් නැහැ.

ජනතාවට නිදහසේ ජීවිත්වීමේ අයිතිය තිබෙනවා. එක එක්අයට ඕන විදිහට රජය ගෙදර යවන්න බැහැ. ජනතාවගේ ජන්දයෙන් මේ රජය පත් වුණේ එක් අරමුණක් වෙනුවෙන් සම්මුතිවාදී මතයකයි අපි ඉන්නේ.

 

Comments