අපි හොඳ සූදානමකින් | සිළුමිණ

අපි හොඳ සූදානමකින්

ඉනෝකා රණවීර

එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගවටය මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වේ. කණ්ඩායම් දහයක් සුදුසුකම් ලැබීමේ වටයට තරග කරන අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය සහ බ. ඉ. කොදෙව්වන් සමඟ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට තරග වදියි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ සඳහා හොඳ පූර්ව සූදානමකින් තරගාවලියට එක්වන බව ශ්‍රී ලංකා නායිකා ඉනෝකා රණවීර පවසයි.

පසුගිය තරගවල අත්දැකීම් මේ තරගාවලියේ ඉදිරියට යන්න හුඟක් ප්‍රයෝජනවත් වෙයි. පළපුරුදු සහ නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා, හැකියාවන් එක්ක මේ තරගාවලියේ උපරිම දුර යන්න උත්සාහ කරනවා. ඉනෝකා රණවීර වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය 'ඒ' කාණ්ඩයෙන් තරග කරන අතර, පාකිස්තානය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය සහ පැපුවා නිව්ගිනියා 'බී' කාණ්ඩයෙන් තරග කරයි.

අදහස්