තවත් කුඩු නැව් 8ක් අල්ලන්න මෙහෙයුම්

දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගත් වැඩිම වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය තවත් එවැනිම මත්ද්‍රව්‍ය තොග ඇතුළත නැව් අටක් කොටුකර ගැනීමට මේ වන විට මෙහෙයුම් දියත් කර තිබේ. මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් දියත් කර ඇති දැවැන්ත බුද්ධි තොරතුරු ජාලය ඔස්සේ ලැබෙන තොරතුරු මත පසුගිය සිකුරාදා (09) මෙරට හරහා ඉන්දියාව වෙත ගෙනයමින් තිබු රුපියල් කෝටි එක්දාස් දෙසීයක් පමණ වටිනා කොකේන් තොගයක් සොයා ගැනිණි.

විස්තර »


බණ දහම් පුරන හිත් විනීතයි              සංවරයි
චීවරය දරන ගත තාම දඟ වැඩ             කරයි
 නාන ළිඳ දුටු විටදි පෙර දවස මතක්    වෙයි
සමා වෙනු හිමියනේ අපි තාම පොඩි     ළමයි


සේයා රූ - දුෂ්මන්ත මායාදුන්න

දකුණේ ඝාතන සැකකරුවෝ පොලිස් දැලේ

දකුණු පළාතේ මෑත කාලයේ සිදුවූ සියලු ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේ ඝාතන සඳහා උපයෝගී කරගත් ගිනි අවි ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. අපරාධකරුවන් සහ ගිනිඅවි අත්අඩංගුවට ගත්ත ද දකුණේ අපරාධ රැල්ල නිමා කිරීමට නොහැකි වී ඇත්තේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි හා දකුණු පාතාල කල්ලි අතර පවතින සම්බන්ධතාව නිසා බව ද හෙතෙම සඳහන් කෙළේය.

විස්තර »

මදුරු දඟරයක දුම සිගරට් 135ක විසට සමානයි

එක් මදුරු දඟරයකින් නිකුත්වන විෂ දුම සිගරට් 135කින් නිකුත්වන විෂ දුමට සමාන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිරසාර ජෛව ස්කන්ධ පිළිබඳ බලශක්ති ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්පත් රණසිංහ මහතා පවසයි. ඒ අනුව සිගරට් එකක දුම්වල අවලම්බිත අංශු හා විවිධ විෂ වායු වර්ග 4000ක් පමණ අන්තර්ගත බවත් සිගරට් 135කින් විශාල විෂ දුම් ප්‍රමාණයක් නිකුත් වන බවත් පවසන රණසිංහ මහතා අපේ රටේ මදුරු දඟර නිෂ්පාදනයේ නියම ප්‍රමිතියක් තවම නැති බවද පවසයි.

විස්තර »

9න් ඉහළ සිසුන‍්ටත් I Pad

උසස් පෙළ පාසල් සිසුන්ට ටැබ් ලබාදීමේ දෙවැනි පියවර වශයෙන් ඉදිරියේ දී පාසල්වල 9 ශ්‍රේණියෙන් ඉහළ සියලුම සිසුන්ට ‍යතුරු පුවරු සහිත අඟල් 10 අයිපෑඩයක් (I Pad) ලබා දීමට තම අමාත්‍යාංශය බලාපොරොත්තුවන බව විදුලි සංදේශ, ඩිජිටල් හා යටිතල සංවර්ධන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශ කාරක සභා අයවැය විවාදයේදී ය.

විස්තර »

ආබාධ සහිත උපාධිධාරීන් රැසකට අසාධාරණයක්

මෙරට විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලැබූ ආබාධ සහිත උපාධිධාරීන් රැසකට මේ වන තෙක් රැකියා අවස්ථා උදාවී නැතැයි වාර්තාවේ. ‍ෙම් රැකියා විරහිත උපාධිධාරීන් අතර දෘෂ්‍යාබාධිත අයද වන අතර, ගුරු පුරප්පාඩු විභාග සඳහා පෙනී සිටියත් මේ වනතුරු රැකියා අවස්ථා ලැබී නැති ආබාධ සහිත පුද්ගලයෝ ද වෙති. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා උපාධිය................

විස්තර »

තෑගි පෙට්ට්වලට මාළු පෙට්ටි බෑ

මසුන් වර්ගවලින් යුත් තෑගි පෙට්ටි (HAMPHERS), උත්සව සමය වෙනුවෙන් හිතවතුන්ට නිකුත් නොකරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්න ඇමැති මහින්ද අමරවීර මහතා ලංකා ධීවර සංස්ථාවට උපදෙස් ලබා දී ඇත. උත්සව සමය වෙනුවෙන් සිදු කරන මත්ස්‍ය අලෙවි කටයුතුවලදී හිත මිත්‍රාදීන්ට රජයේ සේවකයන්ට වට්ටම් ලබා නොදෙන ලෙසත් ඇමැතිවරයා එම සංස්ථා පාලනාධීකාරියට දන්වා තිබේ.

විස්තර »
 

අයෝජකයන්ට කෝටි 21,000ක බදු සහන

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට දිරිදීම සඳහා ලබාදෙන බදු සහන මඟින් 2017 වසරේදි රජයට අහිමි වන මුදල රුපියල් කෝටි විසිඑක්දහස් දෙසිය තිස්හයක් බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි. මේ අන්දමට රජයට වාර්ෂිකව අහිමි වන බදු ආදායම පිළිබඳ පුරෝකථන ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ අයවැය වාර්තාවකට එක් කළේ ඉතිහාසයේ පළමු අවස්ථාවට බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. රටේ මුල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය, වගවීම හා යහපාලනය ඇතිකළ වත්මන් රජය එම මූලධර්මවලට ගරු කරමින් සහ ජනතාවට මේ තොරතුරු දැන ගැනීමට මඟ පාදමින්................

විස්තර »

 
 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්