දූරදර්ශී විපක්ෂයක වගකීම

 
 

සංවර්ධනය වන ශ්‍රී ලංකාවට හිරිහැර කරන්නේ ඇයි?

 
 

නිර්මාණශීලිත්වයේ සහ සංවිධාන ශක්තියේ පොදු සාධකය බැසිල්

 
 

ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැහුවේ රුපියල් 75000 කටද?

 
 

එහෙම ඔළුවක් තියෙනවයැ?

 
 

මස්සිනාට බයේ ගෙදරින් පැනලා පන්සලේ ඉඳන් ඉස්කෝලෙ ගියා

 
 

හිරිමල් හිරු

 
 

ළෙන්ගතු ඇසුර පිළිකා රෝගියකුට දිව්‍ය ඖෂධයක්

 
 

ජනශක්ති රක්ෂණ සමාගමෙන් ’ලයිෆ් සේවර්’ විශ්‍රාම සැලසුම

 
 

ටිකිරි හමුව

 
 

ඉස්සර මගේ ඉහට උඩින් කපුටෙක්වත් ගියේ නැහැ

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අපෙන් සමුගත් මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර

අපෙන් සමුගත් මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර

සුප්‍රකට මනෝ වෛද්‍ය විශේෂඥවරයකු හා මනෝ විද්‍යාව පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරයකු හා දේශකයකු වූ විශේෂඥ වෛද්‍ය ඩී.වී.ජී. හරිශ්චන්ද්‍ර මහතා පසුගිය (01) දා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා හැත්තෑපස් හැවිරිදි වියේ පසු විය.

1938 මාර්තු මස එකොළොස්වැනිදා දකුණු පළාතේ මිහිරිපැන්නේදී උපත ලද ඒ මහතා, මිහිරිපැන්නේ සිංහල පාඨශාලාවෙන් පස්වැන්න දක්වා ඉගෙනුම ලැබීය. හයවනි වසරේ පටන් ගාල්ලේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබී හෙතෙම පාසල් වියේදී අධ්‍යාපනයට මෙන් ම නාට්‍ය කලාවට සහ සංගීතයට ද සමත්කම් පෑවේය.

උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් උසස් ප්‍රතිඵල ලබා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වූ හෙතෙම 1964 දී මාතර මහ රෝහලෙන් වෛද්‍යවරයකු ලෙස වෘත්තීය දිවියට අවතීර්ණ විය. 1967 දී ලංකාවේ ප්‍රථම වතාවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් මනෝ වෛද්‍ය විද්‍යාව සඳහා විශේෂ පුහුණුවක් ලබා දුන් වෛද්‍යවරුන් අටදෙනා අතර වෛද්‍ය හරිශ්චන්ද්‍ර ද විය.

අංගොඩ, මුල්ලේරියාව, අනුරාධපුර, කුරුණෑගල, මාතර උණවටුන සහ ගාල්ල රෝහල්වල විශේෂඥ මනෝ වෛද්‍යවරයකු ලෙස සේවය කළ ඒ මහතා ලන්ඩනයේ මනෝ වෛද්‍ය විද්‍යා ආයතනයෙන් පශ්චාත් උපාධිය ලබා එම ආයතනයේ ම මනෝ චිකිත්සකයකු ලෙසත් ලන්ඩනයේ මනෝ විද්‍යාව පිළිබඳ ප්‍රකට ආයතනයක් වූ ටැවිස්ටොක් සංගමයේ ද මනෝ වෛද්‍යවරයකු ලෙසත් කලක් සේවය කළේය.

කරාපිටිය වෛද්‍ය පීඨයේ සහ කොළඹ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු ලෙස පුරා වසර දහ අටක් සේවය කළ වෛද්‍ය හරිශ්චන්ද්‍ර බුදු දහම, ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ සුවිශේෂි දැනුම් සම්භාරයකින් යුතු විද්වතකු ද සහ දේශකයකු ද විය. පෙරදිග සංගීතය සහ හින්දි චිත්‍රපට සංගීතය පිළිබඳ ප්‍රාමාණික ඥාන සම්භාරයකින් සපිරි හින්දි ගීත රසිකයකු වූ ඒ මහතා පැරැණි හින්දි ගීත රසික සංසදයේ අනුශාසකවරයා ලෙස ද කලක් කටයුතු කළේය.

මීට අමතරව මාතර නිර්මාංශ ආහාර අනුභව කරන්නන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ සභාපති, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික් වෛද්‍ය සංගම්වල සහ කොළඹ පශ්චාද් උපාධි වෛද්‍ය ආයතනයේ මනෝ වෛද්‍ය විද්‍යා අධ්‍යයන මණ්ඩලයේ සභාපති යන තනතුරු ද ඉසිලීය.

වෛද්‍ය හරිශ්චන්ද්‍ර විසින් රට ජාතියට මෙන්ම වෛද්‍ය ක්‍ෂෙත්‍රයට ඉටුකරන ලද මෙහෙවර උදෙසා 2004 වසරේදීම “ස්වර්ණ චිත්ත ප්‍රදීප” සම්මානයෙන් ද, 2005 දී ‘වෛද්‍ය ශිරෝමනී දේශබන්ධු ලංකා වීර පුත්‍ර’ ජාතික ගෞරව නාම සම්මානයෙන් ද 2005 වසරේ සර්වෝදය ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ඒ මහතා ගේ අභාවයෙන් ශෝක වන්නන් අතර බිරිඳ පද්මිනී, දියණිවරුන් වන නේශාන්තා වෛද්‍ය ටෙලූෂා, වෛද්‍ය නවෝද්‍යා, බෑනාවරුන් සහ මුනුපුරු මිනිබිරියෝ ද වෙති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්