හමුදාවට එරෙහිව ඉදිරිපත් වූ

ෂෙල් වෙඩි කතාව බොරු

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් හා රජයේ හමුදා අතර පැවැති අවසාන යුද්ධයේ දී හමුදාව විසින් ප්‍රමාණය ඉක්මවා කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම නිසා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය ගිය බවට චැනල් -4 නාළිකාව හමුදාවට එරෙහිව උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමට ඉදිරිපත් කරන ලද චෝදනා යුද හමුදාවේ පරීක්ෂණ උසාවිය ප්‍රතික්ෂේප කරයි.එම චෝදනා සම්බන්ධ කරුණු පරීක්ෂා කිරීමට හමුදාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් මේ යුද හමුදා මූලික පරීක්ෂණ උසාවිය පත්කරනු ලැබිණ. 

විස්තර »

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉකුත් දා යාපනේ දෙදින සංචාරයක යෙදුණේ ය. එහිදී ජනාධිපතිතුමා කට්ටුවාන් ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සමඟ සුහද කතාබහක යෙදුණ අවස්ථාව. ඡායාරූපය - චන්දන පෙරේරා

කෝටියක් ගෙවා හොරෙන් යති

පසුගිය වසරේ දුම්රියේ ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් කළ මඟීන් 15213 කගෙන් රුපියල් එක්කෝටි හාරලක්ෂ හැටහත්දහස් එකසිය තිස්තුනක් (10467133.00) දඩ මුදල් වශයෙන් අය කැරගෙන ඇතැයි දුම්රිය වාණිජ අධිකාරී ජී. ඩබ්ලිව්. සිසිර කුමාර මහතා පවසයි. මෙයින් මඟීන් පිරිසක් කොටුකැර ගෙන ඇත්තේ......

විස්තර »

දඹුල්ලේ එළවළු මිල බසී

යාපනය ඇතුළු රට පුරා වගා බිම්වලින් අස්වනු ලැබීමත් සමඟ දඹුල්ල එළවළු මිල ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග පවසයි.පසුගිය සති දෙකෙහි පැවැති මිල හා සසඳන විට ගෝවා, යාපනේ කැරට්, පතෝල, බඩු ආදී.....

විස්තර »

දහම් පාසල් 2600 කට නව එළියක්

2011 වසරට යෙදුණු 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රුපියල් මිලියන 250 ක වියදමකින් දහම් පාසල් 2600 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කැරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.පසුගිය වසරේ දහම් පාසල් 525 ක් සංවර්ධනය කැරුණු........

විස්තර »

ලේක්හවුස් ආදි කර්තෘ සමරුව

ලේක්හවුස් ආයතයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 127 වන ජන්ම දින සංවත්සරය ලබන සෙනසුරාදාට (23) යෙදී ඇත.මේ නිමිත්තෙන් ලේ්ක්හවුස් ආයතනය වාර්ෂිකව පවත්වන පිරිත් පින්කම මෙවරද ලබන සිකුරාදා (22) රාත්‍රි 10 ට ලේ්ක්හවුස් ආයතනයේදී පැවැත්වේ. කොටුවේ සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවෙනාධිපති වැලමිටියාවේ කුසලධම්ම මාලිගාකන්ද විද්‍යොදය පරිවෙනාධිපති බලංගොඩ සෝභිත නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ.

විස්තර »

තැපෑලට අලුතින් එක් දහස් අසූවක්...

- ජනාධිපති

තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් වසර 16 කට පසු ප්‍රථම වරට තැපැල් සේවයට නිලධාරීහු එක්දහස් අසූ දෙනකු බඳවා ගැනේ. පත්වීම් ප්‍රදානෝත්සවය ඉකුත් සිකුරාදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පත්වීම්ලාභීන් වෙත සංකේතවත්ව පත්වීම් ප්‍රදානය කිරීම ද එතුමා අතින් සිදුවිය. උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා.....

විස්තර »

අපේ රටේ පවත්වන පොදු රාජ්‍ය සමුළුව රටවල් රැසක ප්‍රසාදය

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ලොව බොහෝ රටවල් ප්‍රසාදය පළ කර තිබේ.මේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ පෙර සූදානම විශිෂ්ට බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේශ් ෂර්මා පවසයි. ශ්‍රී ලංකාවේ සංචාරය කොට මෙරට සංවර්ධනය හා යටිතල පහසුකම් පිළිබඳව සියැසින් දැක ගැනීමෙන්.....

විස්තර »

උල්කාපාත කැබෙල්ලක් රුසියාවට වැටේ

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසුගිය 15 වැනිදා පෙරවරු 9.20 ට පමණ රුසියාවේ චෙලිබින්ස්ක් නගරයට විශාල ප්‍රමාණයේ උල්කාපාත කැබැල්ලක් කඩා වැටීමෙන් මුළු රුසියාවම බියපත් වූ බව වාර්තාවෙයි. විශාල දීප්තිමත් වස්තුවක් අහසින් කඩා වැටෙනු දුටු බොහෝ දෙනා එය ගිනිගෙන දැවෙන අහස් යානාවක් බව සිතුවේ යැයි වාර්තා දක්වයි. මුළු නගරයම විශාල ආලෝකයකින් වෙලී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

විස්තර »

 
 

 


KAPRUKA - Valentine Gift to Sri Lanka from


o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්