නව වසරේ ඔබේ සිතට දෑසක්ම ලැබේවා

 
 

ගෝල්ඩන් කී පවුල් 9000ක් අනාථයි

 
 

අගවිනිසුරුවරියගේ ඉල්ලීම අනුව නීතිඥවරුන් හත් දෙනෙක් සමඟ එන්න ඉඩ දුන්නා

 
 

හත් දෙයියනේ අපි සේරම ගෝල්ඩන් කී සුනාමියට අහුවෙලා

 
 

සුනාමියේ ඇත්ත කතාවක්

 
 

පොල්වත්තේ හාමුදුරුවන් ළඟට හංස සංදේශය ඉගෙනගන්න ගියේ එකම දවසයි

 
 

හිරිමල් හිරු

 
 

මේ බය අරින්න පුළුවන්

 
 

ටිකිරි හමුව

 
 

කවුරුත් අපට පින් දුන්නේ නෑ

 

»
»
»


දඩබ්බරයන් මකා සාදන කෝව මෙන්න

දඩබ්බරයන් මකා සාදන කෝව මෙන්න

මෙයාව නම් කෝවක දාලා මකලා හදන්න වේවි” යන්න ජනවහරේ එන කියමනකි.

එසේ කියනු ලබන්නේ කිසිවෙකුගේ අවවාද අනුශාසනා පිළි නොගන්නා දඩබ්බරයන් ගැනය. එයින් අදහස් වූයේ, අදාළ පුද්ගලයන්ගේ දඩබ්බරකම් හෝ වැරදි හැසිරීම් රටා කිසිම අයුරකින් වෙනස් කළ නොහැකි බවයි. නමුත් විද්‍යාත්මකව සනාථ කරන ලද එවැනි කෝවක් අදට දියුණු රටවලත් අප වැනි ආසියාතික රටවලත් ඉතා සාර්ථකව ප්‍රයෝජනයට ගනිමින් පවතී. එම කෝව නම් මෝහන චිකිත්සාවයි. ඉතා කලබල දඩබ්බර අකීකරු අයෙකු වුවද නිසි අයුරින් මෝහන ප්‍රතිකාරයන්ට ලක්කළහොත් ඔහු ඉතා විනීත සන්සුන් ගති ඇති සමාජයට වැඩදායක අයෙකු බවට පත්කළ හැකි බව නිදර්ශන සහිතව ඔප්පු කළ හැකිය. මේ එවැනි එක් නිදර්ශනයකි.

සජිත් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 10 වන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා වෛද්‍යවරයෙකු වූ අතර මව ගුරුවරියක් වූවාය. ඔහු පවුලේ එකම දරුවාද විය. මවුපිය ආදරය හොඳින් ලැබුණද සජිත් කුඩා කල සිටම තරමක් දඩබ්බර ගති පෙන්නුම් කෙළේය. පාසලේදී සිදුවන දඩබ්බරකම් නිසා බොහෝ විට සජිත් දඬුවම් ලැබූ අවස්ථාද විය. ඉගෙනීම් කටයුතුද ඔහු සාමාන්‍ය පරිදි සිදුකළේය. ඔහු වයසින් මෝරායත්ම ඔහුගේ දඩබ්බරකම හා අකීකරුකම පාසලෙන් එළියට ද පැමිණියේය. ළමයි සමඟ දබරවීමද බස් රථවලදී ගැටුම් ඇති කර ගැනීමද නිසා අවස්ථා කිහිපයකදීම පොලිස් අවවාදයන්ටද ලක්වීමට සිදුවිය.

ඔහුගේ යම්යම් ප්‍රශ්න සහගත අවස්ථාවලදී මවුපියන්ටද ඒවාට මැදිහත්වීමට සිදුවිය. නොබෝ කලකින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය යුතු තම පුතාගේ හැසිරීම වෙනස් නොවුණහොත් ජීවිත කාලයටම දුක්වීමට සිදුවන බව හොඳින් තේරුම් ගත් මවුපියන් මේ තත්ත්වය මඟ හරවා ගැනීමට බොහෝ උත්සාහ කළද ඒවා ඵල රහිත විය.

සජිත්ගේ පියාට මෝහන විද්‍යාව ගැන හොඳ අවබෝධයක් තිබිණි. ඔහු වෛද්‍යවරයෙකු වූ නිසා මෙහි ප්‍රතිඵල ගැන හොඳින් දැන සිටියේය. සජිත්ව මා වෙත කැඳවාගෙන එන ලද්දේ ඔහුගේ විභාගයට අවශ්‍ය ප්‍රතිකාරයක් කරන බව හඟවමිනි.

සති 3 ක් ඇතුළත තුන්වරක් සජිත් මා හමුවට ආවේය. සජිත්ගේ වෙනස දෙවැනි සැසිවාරය වනවිට විද්‍යාමාන වූ බව මවුපියෝ පැවසූහ. තෙවැනි සතිය වනවිට සජිත්ගේ මනස ඉතා සන්සුන්ව තිබුණු නිසා ඉගෙනීමට බලපාන කරුණු ද ඔහුගේ යටි සිත තුළට තැන්පත් කළ හැකි විය.

ක්‍රම ක්‍රමයෙන් සජිත්ගේ දඩබ්බර හැසිරීම් රටාව තුරන්විය. පාසලේ විනය ගරුක ශිෂ්‍යයෙකු බවට පත්විය. මවුපියන්ගේ ගෞරවයද රැකගෙන ඔහු විභාගය සඳහා පාඩම් කටයුතු හොඳින් සිදුකරන බව පසුදිනකදී පියා දැනුම් දුන්නේය. එවැනි හැසිරීම් රටා මෝහනය මඟින් සාර්ථකව වෙනස් කළහැකි බවට මෙය හොඳ නිදර්ශනයකි.

මනෝ විද්‍යා උපදේශක

(විශ්‍රාමික) මේජර් සුසන්ත ද සිල්වා


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්