ඇදුරු උද්ඝෝෂණ පසුපස අදිසි හස්තයක්

වර්ජනය දේශපාලන කුමන්ත්‍රණයක්

ආරක්ෂාව සලසනවා නම් සියල්ල හෙළි කරනවා සරසවි ආචාර්යවරයකු කියයි

සරසවි ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය දඩමීමා කර ගනිමින් ආණ්ඩුව අසීරුවට පත් කිරීමේ කඩාකප්පල්කාරී වැඩපිළිවෙළක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් පවතී. දරුණු අභ්‍යන්තර අර්බුදයකට මුහුණ පා සිටින ජනතා විමුක්ති පෙරමුණ හා ඉන් කැඩී ගිය කොටසක් මේ පිටුපස ක්‍රියාත්මක වෙමින් පවතින බවත් හෙළිවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සියයට 90 ක් ම එකී කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන අතර එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් අනෙකුත් ආචාර්යවරුන් නොමඟ යවමින් මේ දේශපාලන වැඩසටහන පවත්වා ගෙන යන බවත් දැන ගන්නට ඇත.

විස්තර »

‘මාත් ශිෂ්‍යත්වෙ පාස්’


 

හිත ඇති දුවට අත නැති එක ගණන්      නැති
හිත ඇති කලට පත පොඩි නැත අසා   ඇති
අත ඇති අය පසුබා පසු පසට             යති
“අත නොව හිතයි ලොකු” මේ දුව කියා දෙති

- කසුරි
ඡායාරූපය - දුෂ්මන්ත මයාදුන්න

පොලීසියට එරෙහිව පැමිණිලි ගලයි

විෂම ක්‍රියාකාරකම් සම්බන්ධව පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජන පැමිණිලි 500කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇති බවත් මෙයින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ පහළ ශ්‍රේණියේ නිලධාරීන්ට එරෙහිව බවත් පොලිස් කොමිසමේ සභාපති සේනක වල්ගම්පාය මහතා සිළුමිණට පැවැසීය.

විස්තර »

එදා මහාචාර්ය සරච්චන්ද්‍රට පහර දුන් අය අද ආචාර්යවරුන් ගැන කිඹුල් කඳුළු හෙළනවා

ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ නිදහස් අදහස් පළ කිරීමේ වරදට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට පහරදී කාණු දිගේ ඇද ගෙන ගිය අධ්‍යාපන ධවල පත්‍රිකාවක් ගෙන එමින් නිදහස් අධ්‍යාපනය වළ පල්ලට ඇද දැමීමට වළි කෑ පෞද්ගලික

විස්තර »

දිවි නැඟුම සිවුවන අදියර ලබන මස අරඹනවා

ඇමැති බැසිල් රාජපක්‍ෂ

සෑම පවුලක්ම සහභාගි කර ගනිමින් දිවි නැඟුම ජාතික වැඩසටහනේ සිව්වන අදියර ඔක්තෝබර් මස අගදී ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

විස්තර »

අධිකරණය ස්වාධීන මෙන්ම සාධාරණ විය යුතුයි-ජනපති

“මම කිසි විටෙකත් අධිකරණයට බලපෑම් කරන්නේ නැහැ. කිසිම කෙනකුට එහෙම බලපෑම් කරන්ඩ අයිතියකුත් නැහැ. එහෙත් මම ඇතැම් විට අධිකරණයට සම්බන්ධ, විශේෂයෙන් මහේස්ත්‍රාත්වරුන්ගේ සුබ සාධනය වැනි අපෙන් කෙරෙන්ඩ ඕනැ දේවල් ගැන සාකච්ඡා කොට තිබෙනව. ඔවුන්ට වැඩිදුර පුහුණුව ලබාදීම සඳහා කළ හැකි දේවල් ගැනත් සලකා බලා තිබෙනවා.

විස්තර »

අයවැය යෝජනා නොවැම්බර් 08 දා

අයවැය යෝජනා ලබන නොවැම්බර් 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සියයට 7 ක ආර්ථික වර්ධන වේගය පවත්වා ගන්නා අතර උද්ධමනය සියයට 7 ක මට්ටමට පාලනය කරමින් අයවැය හිඟය අඩු මට්ටමක පවත්වා ගැනීම අරමුණු කරමින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

විස්තර »

ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ හොඳම ආර්ථික මධ්‍යස්ථානයක්

- ආසියානු සංවර්ධන බැංකු උප සභාපති

ආසියාවේ අන් සියලුම රටවලට වඩා කලාපයේ ආකර්ෂණීය ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂිඕයෝ හෝ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික පිහිටීම හා වර්තමාන තත්ත්වය ඒ සඳහා තවත් වැදගත් වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

විස්තර »

ජන සෙවණින් මහ සරණක්

මොනරාගල මැදගම ප්‍රදේශයේ දෙබිඩි දරුවන් ලැබූ පවුල සඳහා නව නිවාසයක් තනා දීමට ඇමැති විමල් වීරවංශ මහතා සූදානම් වෙයි. මීට අමතරව ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම සමත්කම් පෙන්වූ තලාතුඔය අංජලී උපේක්ෂා මධුවන්ති දැරිය ගේ පවුල සඳහාත් නව නිවාසයක් ලබාදීමට තීරණය කැර ඇත.

විස්තර »

‘ළමා ලෝකය ළමයින්ටමයි’ ජගත් ළමා දිනය හෙටයි

”ළමා ලෝකය ළමයින්ටමයි’ යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දින ප්‍රධාන උත්සවය හෙට (01) පෙරවරු 9.30 ට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. ලෝක ළමා දිනය සමරමින් රුපියල් පහක වටිනාකමින් යුතු මුද්දරයක් නිකුත් කිරීම මෙන්ම ලෝක ළමා දිනය නිමිත්තෙන් සිදු කෙරෙන කොඩි ව්‍යාපාරයේ ආරම්භය සංතේවත් කරමින් දරුවන් විසින් ප්‍රථම කොඩිය ජනාධිපතිතුමාට පලඳවනු ලැබීම ද එහි දී සිදු කෙරේ.

විස්තර »

මාස පහකින් යාපනයට විදුලි බලාගාරයක්

මාස 5ක් ඇතුළත උතුරට නව විදුලි බලාගාරයක් ඉදිකර අවසන් කරනු ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙගාවොට් 24 ක ධාරිතාවකින් යුත් මෙම බලාගාරය මඟින් දැවි තෙල් ඇසුරෙන් විදුලිය නිපදවනු ලැබේ. එම බලාගාරය ඉදිකිරීමෙන් පසු දැනට ක්‍රියාත්මක පෞද්ගලික විදුලි උත්පාදන කම්හල් දෙක ජාතික විදුලිබල පද්ධතියෙන් ඉවත් කරනු ලබන බවද අමාත්‍යාංශය පවසති.

විස්තර »

 
 

 



o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්