වැටුප සහ කාර්ය භාරය

 
 

අනිසි ඖෂධ භාවිතයෙන් වසරකට රුපියල් මිලියන 15,000ක් අහිමිවෙයි

 
 

ශිෂ්‍යයන්ට අසාධාරණයක් නොවන්න විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ සංඛ්‍යාව වැඩි කරනවා

 
 

රත්නපුර ඡන්ද සටන කොහොමද?

 
 

කහවත්තටත් ආදර්ශයක් සපයන කහවත්ත පැත්තෙම ගමක්

 
 

යාත්‍රා

 
 

“රෑ එළිවෙනතුරු පැල් රැකලා දුක් විඳලා ඉගෙන ගත්තේ”

 
 

රඹුටන් ඇටයක් වෙරළු ගෙඩියක් හිරකර ගත්තොත්...

 
 

බෝඹුරු ඇල්ල වන අරණේ තැනුණු ගෝන ගම්මානය සොයා ගිය ගමනක්...

 
 

ටිකිරි හමුව

 
 

ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා නෙස්ලේ සමාගමෙන් ආයෝජන රැසක්

 
 

ඒ කසාදෙ කඩල හරි මට කෙල්ල අරන් දීපං

 

»
»
»
»
»
»

e - ශිල්පාගාර

e - ශිල්පාගාර

ජනාධිපතිතුමා රට බාර ගනිද්දි අපේ රටේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය නැත්නම් පරිගණකයෙන් වැඩ කිරීමේ හැකියාව 5% කටත් අඩු මට්ටමක පැවතිණි. අනිත් සටන් වාගේම මේ සටනෙන් ජාතිය දිනවීමේ වගකීමත් එතුමා ප්‍රථමයෙන් තම කරටම ගත්තේය.

ඒ සඳහා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩි කිරීම සඳහාම පිහිටුවූ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය වසර 05 කටත් වැඩි කලක් පැවතියේ එතුමා යටතේය. තොරතුරු තාක්ෂණ දැනුම ජනතාව අතරට ගෙනයන ප්‍රධාන මාර්ගය ලෙස ක්‍රියාත්මක වුණු නැණසල ආයතන ප්‍රධාන වශයෙන් මේ යටතේ ක්‍රියාත්මක වුණි. ඊට අමතරව තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය මඟින් ක්‍රියාත්මක වූ ව්‍යාපෘති රැසකි.

e - සමාජ

e - Citizen

e - ආදායම් බලපත්‍ර

e - උපත් විවාහ හා මරණ සහතික

1919 වශයෙන් ගත හැකිය.

මේ සියල්ලේම ප්‍රතිඵලය 2005 දී 5% කටත් වඩා අඩුවෙන් තිබු තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 2011 වන විට 35% ක් දක්වා වැඩිවී තිබීමයි. එය ඉතා ශීඝ්‍ර වර්ධනයකි.

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පිහිටුවීමේදී එතුමා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයට අමතරව තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය ඊට බද්ධ කළේ ඉතා දූරදර්ශීව සිතා බලා ජාතියේ ඉලක්ක කරා යාමට එකිනෙකට ඉතා දැඩි අන්‍යොන්‍ය සම්බන්ධයක් පවත්වා ගත යුතු බැවිනි.

නව අමාත්‍යාංශයට එතුමා ඉලක්ක කිහිපයක් ද 2016 වන විට ළඟා කරවීමට ලබා දුන්නේ ය.

අ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය 2016 දී ඇමෙරිකන් ඩොලර් කෝටි 100 ක් උපදින කර්මාන්තයක් බවට පත් කිරීම.

ආ) ඒ ආශි‍්‍රත නව රැකියා 2016 වන විට 100000 දක්වා ද 2020 වන විට 200000 ඇති කරවීම.

ඇ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාව 2016 වන විට 75% දක්වා වර්ධනය කිරීම.

ඈ) එදිනෙදා ජීවන අවශ්‍යතා ඉටුකර ගැනීමට තොරතුරු තාක්ෂණය තුළින් පහසුකම සැපයීම.

ඉ) තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම.

ඊ) උසස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් යුතු උපකරණ වැඩි කිරීම.

උ) ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් සඳහා පුළුල් සමාජ සම්බන්ධතා සඳහා අන්තර්ජාල භාවිතය වැඩි කිරීම.

ඌ) තොරතුරු තාක්ෂණ ආශි‍්‍රත වැරැදි ක්‍රියා සහ අපරාධ අවම කිරීමට කටයුතු කිරීම.

තොරතුරු තාක්ෂණය ගමට ගෙන යාමට නැණසලට අමතරව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අප අමාත්‍යාංශය තෝරාගත් ප්‍රධානතම වේදිකාව ග්‍රාමීය පාසල් පද්ධතියයි. අත්හදා බැලීමක් ලෙස අනුරාධපුර දැයට කිරුළත් සමඟ එම දිස්ත්‍රික්කයේ පාසල් 100 කට නියමිත සැලැස්මක් සහිත ගොඩනැඟිල්ලක් සමඟ පරිගණකාගාර 100 ක් ලබා දීමට කටයුතු කළෙමු. ළමයින් 100 කට වැඩි පරිගණක පහසුකම් නොමැති පාසල් මේ සඳහා තෝරා ගනු ලැබිණ.

2012 අයවැය ලේඛනයෙන් ජනාධිපතිතුමා මෙම කාර්යය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රු. දසලක්ෂ 500 ක් අප අමාත්‍යාංශයෙන් වෙන්කර දුනි. දිවයිනේ සමස්ත ප්‍රදේශවලට අමතරව 2013 දැයට කිරුළ ක්‍රියාත්මක වන අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොලොන්නරුව දිස්ත්‍රික්කවල ද ග්‍රාමීය පාසල් 300 කට වැඩි ප්‍රමාණයකට මෙවැනි පරිගණකාගාර ලබාදීමට අප සූදානම්ය.

පසුගියදා ගෝමරංකඩවල විදුහලේ ඥ -ශිල්පාගාරයට මුල්ගල තැබීමට ගිය මොහොතේ එක් මවක් කීවේ,

“අපේ ගමට 29 සැරයක් කොටි ගැහුවා. අපි මර බියේ රෑට කැලේ ගස් යට නිදා ගත්තේ, ජනාධිපතිතුමා අපි බේරා ගත්තා. දැන් අපේ දරුවන්ට පරිගණකත් එවලා එතුමා බුදු වෙන්නට ඕන” කියලාය.

ත්‍රස්තවාදී සටන නිම වී ආර්ථික සංවර්ධනය දිනීමේ සටනේදී ලෝකය නතුකර ගත හැකි නව මානව පන්තියක් බිහි කිරීමට මහින්ද චින්තනයේ ඇති වැඩ පිළිවෙළ පිළිබඳ ලැබුණ ඉතා අව්‍යාජ සහතිකයක් ලෙස ඒ අම්මාගේ ප්‍රකාශය මාගේ එදිනෙදා කටයුතු ලියන දින පොතේ සටහන් කර ගතිමි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්