නාමල් ගේ නිශ්චිත ප්‍රකාශය

 
 

මඩ වෙබ් අඩවිවල හැංගි මුත්තං සෙල්ලම අවසන් වන ලකුණු!

 
 

රටටත් ජනතාවටත් ආචාර්යවරුන්ටත් සෙතක් වෙන විදියට ප්‍රශ්නය විසඳා ගත යුතුයි

 
 

දෙපැත්ත: පළාත් සභා මැතිවරණය

 
 

ඇගේ අවංකකම දෙස ද දුප්පත්කම දෙස ද එකවර බලන්න

 
 

එදා චිත්‍ර ශිල්පියා මෙදා ගායකයා බලන්ගොඩ සරත් මධු

 
 

“අගල කපා හැදූ බිම අගලකඩ වුණා”

 
 

සඟවාගත් පැරුණි උරුමය මොහොතකට අපට පෙන්වූ කොත්මලා ජලාශය

 
 

හරක් මස් ඌරු මස් හොඳින් පිසගන්න

 
 

ටිකිරි හමුව

 
 

Cross Border ඇකඩමියට විශිෂ්ටත්ව සම්මාන

 
 

සුමනාට තෙවැනි වරටත් අංග විකල දරුවෙක්

 

»
»
»
»
»
»
»
»

ජාතික සමගියට මඟ පාදන කතරගම පෙරහර මංගල්‍යය

ජාතික සමගියට මඟ පාදන කතරගම පෙරහර මංගල්‍යය

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙරහරේ ගමන්කරන අවස්ථාවක්.

ලංකාවේ පැරැණි බෙදීම් අනුව රුහුණු මායා පිහිටි යන ත්‍රී සිංහලයේ රුහුණේ කතරගම පිහිටා ඇත. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයක් කතරගම. කතරගම මැදින් මැණික් ගඟ ගලා බසී. ඉහළ ඌව ප්‍රදේශයේ ඇති කඳුවැටි අතුරින් නමුණුකුළ කන්දෙන් පටන්ගෙන මැණික් ගඟ කෙත්වතු හරහා ගමන්කර යාල අභය භූමියෙන් මහ මුහුදට එක්වේ.

මේ දිනවල අපේ රටේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ මූණු සයක් අත් දොළසක් ඇති තේජෝ බලැති ස්කන්ධ කුමාර දෙවියන් වැඩ වාසය කරන කතරගමටය. එයට හේතු වන්නේ කතරගම ඇසළ උත්සව සමය එළඹීමයි.

ඇසළ උත්සවය සඳහා කප් සිටුවීම ජුනි මස 05 දින කතරගම මහා දේවාලයේ මිණිබැඳි මණ්ඩපයේ කතරගම මහා දේවාලයේ කපු මහත්වරුන් විසින් සිදු කළහ.

ඇසළ පෙරහරට කප් සිටුවීමත් සමඟම කතරගම මහා දේවාලය සමීපයේ ඇති අෂ්ඨඵල බෝධින් වහන්සේගේ එක් ස්ථානයක ‘රන්වන් බෝපත්’ හට ගනී. එම බෝපත් ඇසළ පෙරහර අවසන් වී දිය කපන දිනයේදී මෙම බෝපත් සියල්ල හැලී යයි.

නැවත එම බෝපත් හටගන්නේ ඊළඟ වර්ෂයේ කප් සිටුවන දිනයේදීය. කතරගම පුදබිමේ සියැසින් දැක බලා ගත හැකි හාස්කමකි “රන්වන් බෝපත්”.

ඇසළ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත. ඇසළ පෙරහර වෙනුවෙන් පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ජුලි මස 18 දින කතරගම මහා දේවාලය සමීපයේ විශේෂ පිරිත් මණ්ඩපයේ පැවැත්වේ.

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව වැඩම කරවනු ලබන්නේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාය.

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය අවසන්කර රටට සාමය උදාවීම නිසා උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් හින්දු බැතිමතුන් නිදහසේ පාද යාත්‍රාවෙන් කතරගම පුදබිමට පැමිණෙන පිරිස වර්ෂයෙන් වර්ෂය වැඩිවෙමින් පවතී.

මේ වර්ෂයේ ද තිස්දහසකට (30000) අධික බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මෙසේ පැමිණෙන බැතිමතුන්ට යුද හමුදාව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ස්වේච්ඡා සංවිධාන විසින් පානීය ජලය ප්‍රථමාධාර පහසුකම් සලසා ඇත.

“හරෝ හරා” හඬ නඟමින් යාල අභය භූමිය හරහා කටගමුව පසුකර කොච්චිපතාන (බෝධිරාජපුර) ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ට ශ්‍රී බුද්ධජයන්ති විහාරස්ථානයේදී ඔසුපැන් දන්සලක් හා බත් දන්සලක් විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනාව පරිදි පැවැත්වේ. මෙම දන්සල ජුලි මස 19 දින ආරම්භ කරනු ලබන්නේ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි.

බෞද්ධ හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි යන සෑම ආගමකටම ජාතියකටම අයත් අය සහෝදරත්වයෙන් යුතුව ආගමික කටයුතුවල යෙදෙන “සාම පුදබිමක්” බවට කතරගම පුදබිම පත් වී ඇත.

ඇසළ පෙරහර ආරම්භ වන ජුලි මස 19 දින පස්වරුවේ කතරගම පූජා නගරයේ මුස්ලිම් දේවස්ථානයේ “කොඩිය එසවීම” නම් ජාතීන් අතර සමගිය සමාදානය සංකේතවත් කරවන පෞරාණික චාරිත්‍රයක් ඉටු කරනු ලබයි.

මෙම අවස්ථාවට මුස්ලිම් දේවස්ථානය භාරකාර අල්හාජ් එම්. එච්. ඒ. ගපාර් මහතාගේ ආරාධනයෙන් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමි, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස යන නාහිමිවරුන් ද ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හින්දු දේවස්ථානවල පූජක මහත්වරුන් ද සහභාගි වෙති.

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජුලි මස 19 දින පෞරාණික චාරිත්‍ර පුද සිරිත් අනුව කතරගම මහා දේවාලයෙන් ආරම්භ වෙයි.

ගණ දේවාලය කිරි විහාරය ඉදිරිපිටින් අෂ්ඨඵල බෝධින් වහන්සේ ප්‍රදක්ෂිණ කර පෙරහර මහා වාසල් දොරටුවෙන් මහා වීදියට පිවිසේ.

එම වීදියේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිටින් පෙරහර ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණ එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කිරීමෙන් පසුව පෙරහර යළිත් එම වීදියේම ගමන් කර මහා දේවාලයට ගෙවදිනු ඇත.

ජුලි මස 20 දිනට 2 වන පෙරහරේ සිට පිට වීදියේ පෙරහර ගමන්කර වල්ලි අම්මා දේවාලයට ගොස් පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කිරීමෙන් පසුව මහා වීදියේ පෙරහර ගමන්කර මහා දේවාලයට ගෙවදිනු ඇත.

ජුලි මස 24 දිනට යෙදී ඇති 6 වන පෙරහර දිනය පෞරාණික චාරිත්‍ර රැසක් ඉටුකරන දිනයකි. මෙදින මහා දේවාලය ඉදිරිපිට ඇති අතුපන්දලමට අලුතින් අතු දමා සකස් කිරීම සිදු කෙරේ.

මහා දේවාලය අභ්‍යන්තරයේ තිබු කඩොල් ඇතාගේ දළ දෙක දේවාලය තිරය දෙපස තැන්පත් කිරීම, බස්නායක නිලමේ තුමාගේ වලව්වට මහා සංඝරත්නය වැඩම කර දහවල් දානය අටපිරිකර සමඟ පිළිගැන්වීම කතරගම දෙවියන්ට පිං අනුමෝදන් කරවීම සිදු කෙරේ. පෞරාණික චාරිත්‍රානුකූලව කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙරහරේ ගමන් කිරීම ද ඇරැඹෙන්නේ එදින ජුලි 28 සිටය.

ජුලි මස 29 දින ගිනි පෑගීම මහා දේවාලය ඉදිරිපිට මහා වීදියේ සිදු කෙරේ.

අගෝස්තු මස 01 දින අවසාන මහා පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පළමුව ගොස් ඇසළ පෙරහර සමයේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයෙන් ඉටුකරන ලද “පිරිත් නිල” රාජකාරිය වෙනුවෙන් කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තුමා විසින් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති නාහිමියන්ට පුද පඬුරු පිළිගැන්වීම සිදු කෙරේ.

අනතුරුව ආගමික වතාවත් සිදුකිරීම ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් විසින් සිදු කරනු ලබයි.

ආගමික කටයුතුවලින් පසුව දහම් හමුවක් ද පැවැත්වේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට වෙහෙර වීදිය, පිට වීදියේ පෙරහර ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණ පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකිරීමෙන් පසුව පෙරහර මහා වීදියේ ගමන්කර මහා දේවාලයට ;ගවදීම සිදු කෙරේ.

අගෝස්තු මස 02 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි.

උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම්වලින් ද අලි ඇතුන්ගෙන් ද යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කටයුතු සම්පාදනය කර ඇත. මේ සඳහා මුල් දිනවල නැටුම් කණ්ඩායම් 25 ක්ද අවසාන පෙරහරට නැටුම් කණ්ඩායම් 50 ක්ද එක්වන බව බස්නායක නිලමේතුමා කීය.

ඊට අමතරව මුල් දිනවල ඇසළ පෙරහරට අලි ඇතුන් 10 ක්ද අවසාන පෙරහරට අලි ඇතුන් 25 ක්ද එක්වෙති.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්