ඇතැම් දෙමළ දේශපාලන නායකයන්
ඊළාම් හඬක් නැඟීම හෙළා දැකිය යුතුයි

- ඉන්දීය විපක්ෂ නායිකාව

ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් හඬ නඟන දේශපාලනඥයින්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස හෙළා දැකිය යුතු බව ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායිකා සුස්මා ස්වරාජ් මහත්මිය පැවසූ බව ඉන්දියාවේ සුප්‍රකට ‘ද හින්දු’ පුවත්පත වාර්තා කෙළේය. හින්දු පුවත්පතට අනුව ඉන්දීය විපක්ෂ නායිකාව මේ බව පවසා ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ විශේෂ සැසිවාරයකදීය. සුස්මා ස්වරාජ් මහත්මිය ඇතුළු ඉන්දීය දේශපාලන පක්ෂ රැසක නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර උතුරු නැඟෙනහිර පළාත්වල ජනජීවිතය නිරීක්ෂණය කරමින් දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ ඔවුන් සාකච්ඡා කෙළේය.

විස්තර »

 

ඉතිහාසයේ ප්‍රථම වරට බඩ ඉරිඟු පිටරට යවයි

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 10,000 ක් ලබන 22 වැනිදා තායිවානයට යැවීමට සියල්ල සූදානම් බවත් සහල් ටොන් 50,000ක් ද ළඟදීම රට යවන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. මෙම බඩ ඉරිඟු තොගය රුපියල් කෝටි 35,000 පමණ වටිනා බවත් හාල් තොගය රුපියල් කෝටි 150,000 වටිනා බවත් ඇමැතිවරයා කීය. බඩඉරිඟු වලින් හා සහල්වලින් රට ස්වයංපෝෂිත වීම නිසා මේ පියවරගත හැකිවූ බවද ඇමැතිවරයා කියයි.

විස්තර »

ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන වැඩ මැතිවරණ බලාගෙන නොවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මැතිවරණ පැවැත්වීමේ අරමුණු ඉලක්ක කරගෙන පවත්වන්නක් නොවන බව පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඊයේ (12) අනුරාධපුරයෙන් ආරම්භ කළ බවද අද (13) දිනයටත් එම කටයුතු සිදුකරන බව ද ඇමැතිවරයා කීය.

විස්තර »

ලෝක සාමයට මහින්ද ජනපති ආදර්ශයක්

- ලෝක බෞද්ධ සංඝ සම්මේලනය

ලෝක සාමය ඇති කරලීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගන්නා උත්සාහය මුළු ලෝකයටම ආදර්ශයක් බව ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති මිං කුයන් (Ming Kuang) හිමියෝ පවසති. ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ නියෝජිත භික්ෂූන් පිරිස අනුරාධපුර කැලැත්තෑව සමාධි බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ එම අදහස් පළ කළහ.

විස්තර »

චක්‍රලේඛය කඩා ළමයින් ගත්තොත් විදුහල්පතිට දඬුවම්

අ.පො.ස උසස් පෙළ සඳහා සිසුන් ඇතුළත් කිරීමේදි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරන විදුහල්පතිවරුන්ට විරුද්ධව දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විස්තර »

පැයකට ත්‍රිරෝද රථ 72 ක්

පැයකට ත්‍රිරෝද රථ 72 ක් අලුතින් ලියාපදිංචි කරනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා සිළුමිණට කීය. පසුගිය ජනවාරි මාසයේ පමණක් අලුතින් ත්‍රිරෝද රථ 12799 ක් ලියාපදිංචි කර ඇතැයි පවසන ඒ මහතා; 2011 වසරේදී ත්‍රිරෝද රථ 138426 ක් අලුතින් ලියාපදිංචි කර ඇතැයි කීය.

විස්තර »

ශ්‍රී.ල.නි.ප. ස්වර්ණමය කාලය රාජපක්ෂ යුගයයි

-ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි. කම්කරු ජනතාව මේ රජය සමඟ සිටින බව ලක්ෂ 10 අධික පිරිසක් මැයි දින රැලියට සහභාගිවීමෙන් ද තහවුරු කර තිබෙනවා. ජනතාව සමඟ සිටිමින් කටයුතු කරන රජයක් විදියට අපේ රජය මැතිවරණවලට මුහුණදීමට භය නැතැයි ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විස්තර »

මාස විසිහතරකදී නිධන් හොරු 841ක් අත්අඩංගුවට

ගතවූ මාස 24ක කාලයේ දී නිධන් වස්තු හෑරීමේ යෙදී සිටි කොල්ලකරුවන් අටසිය හතළිස් එක් දෙනකු පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් එමඟින් රුපියල් කෝටි හතරක ආදායමක් රජයට ලබාදීමට හැකි වූ බවත් පොලිස් මූලස්ථානය පවසයි.

විස්තර »

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ මෑණියන් වූ නන්දා සමරසිංහ දිසානායක වීරතුංග මැතිනිය අභාවප්‍රාප්ත වූවාය.

විස්තර »



 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්