පොල්ල ගැනීමට පෙර බල්ලන් හඳුනා ගනිමු

 
 

ඉන්ධනවලට සහන රැසක්!

 
 

රනිල්ගේ ඇමෙරිකානු හඬ

 
 

රටේ නිදහස වෙනුවෙන් ජනමතය ගොඩ නැඟූ ඩී.ආර්. විජයවර්ධන

 
 

මේ සතියේ සිට ධීවරයන්ට ඉන්ධන සහනාධාර ලැබෙනවා

 
 

‘අරාබි වසන්තය’

 
 

සිනා කතා

 
 

එළවළු වවා ගමට බෙදන සද්ධානන්ද හාමුදුරුවෝ

 
 

අතීතයේ ගිනිදලු සවුන්දරම්මාගේ හද පතුලේ යළි ඇවිළෙයි

 
 

චෙරි බ්ලොසම් ශ්‍රී ලංකාවේ

 
 

ටිකිරි හමුව

 
 

විශාදයට හොඳම ඔසුව ව්‍යායාම

 

»
»
»
»
»
»
»
»
»
වොලිබෝල්

වොලිබෝල්

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා අතුරින් වොලිබෝල් ක්‍රීඩාවට අද හිමි වී ඇත්තේ විශේෂ ස්ථානයක්. වොලිබෝල් ක්‍රීඩාව අප රටේ ප්‍රචලිත සහ ජනපි‍්‍රය වී තිබුණු යුගයක් තිබුණා. ඒ... 1960, 1970 දශකවලදී. අද ක්‍රිකට්වලට තිබෙන තැන එදා තිබුණේ වොලිබෝල් ක්‍රීඩාවට.

සෑම ගමකම ක්‍රීඩා පිටියක් තියෙනවා. සෙල්ලම් කරනවා. තරගාවලි පැවැත්වෙනවා. සුහද තරග පැවැත්වෙනවා. කොළඹ පාසන්ස් පාරේ ප්‍රධාන තරගාවලි පැවැත්වෙනවා. ඒ දශක තුළ එවැනි ප්‍රචලිත සහ ජනපි‍්‍රය ක්‍රීඩාවක් ලෙස ළඟට ඇවිල්ලා තිබුණේ මලල ක්‍රීඩාව පමණයි.

1980 - 1990 දශකය වෙන කොට ඒ තත්ත්වය වෙනස් වුණා. 80 දශකයේ මැද භාගය පමණ වන විට. වොලිබෝල් ගමෙන් ඈත් වුණා. සමහර තැන්වල හිර වුණා. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පවා ඒ රැල්ල වෙන පැතිවලට හැරෙව්වා.

1982 වසරේ ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන කොටත් ලංකාවේ තිබුණේ එකම රූපවාහිනි නාළිකාවයි. එකම ගුවන් විදුලි නාළිකාවයි. ප්‍රධාන ජාතික පුවත්පත් හතරයි. එතෙක් ඒවායෙන් කියැවුණු ලියැවුණු වොලිබෝල් තරග වෙනුවට ක්‍රම ක්‍රමයෙන් ක්‍රිකට් ලියැවෙන්න පටන්ගත්තා. වොලිබෝල් ක්‍රීඩාවට නම් දරාපු සමහර ක්‍රීඩකයන් පිටියෙන් සමුගත්තා.

කලින් සති අන්ත නිවාඩුව එළඹෙන තුරු ගමට ගිහිල්ලා ගමේ පිට්ටනියේ සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටිය, ගුරු මහත්වරු ලිපිකරුවන් ගමේ පිට්ටනියෙන් ඈත් වුණා. හැබැයි 80 දශකයේ මුල් භාගය වන විට වොලිබෝල් ක්‍රීඩාවේ පාලනය ගෙනි යන්න ආපු චරිත රත්වත්ත මහත්තයා, තරුණ සේවා සභාව හරහා නව තාක්ෂණය, නව උපක්‍රම, ශිල්පීය ක්‍රම සමඟ ගම්වලින් තෝරාගත් වොලිබෝලයට දක්ෂ තරුණ පිරිසක් බිහි කළා. චරිත රත්වත්ත යුගයේදී නව තාක්ෂණය ලැබු සමහරුන් විදේශ රටවල ගියා. වැඩි පිරිසක් පාසල් ක්‍රීඩා උපදේශකයන් ලෙස සේවයට ගියා. තවත් සුළු කොටසක් ත්‍රිවිධ හමුදාවට පොලීසියට ගියා. ඉන් පස්සේ අසූව දශකය ක්‍රම ක්‍රමයෙන් ගෙවි යද්දී වොලිබෝල් ක්‍රීඩාව ඇල් මැරුණ තත්ත්වයකට පත්වුණා. මෙහෙම ගිහින් අනූව දශකය ලබද්දි ආර්. පේ‍්‍රමදාස ජනාධිපති තුමා, ශ්‍රී ලංකාවට ජාතික ක්‍රීඩාවක් නම් කිරීමේ උදාර අරමුණකට යොමු වුණා. වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වුණා. වොලිබෝලයේ පාලනයට පත්වූ පිරිසට ක්‍රීඩාව අර කලින් තිබුණු තත්ත්වයට ගේන්න අසීරු වුණා. වොලිබෝලයේ මුල් පුටුවට පැමිණ වකවානුවේ ශ්‍රී ලංකාව ආසියාතික කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වෙද්දී රෝනී ද මැල් මහතා වොලිබෝල් මූලස්ථානයක් ලබා දුන්නා. ඉන් පස්සේ වොලිබෝලය විවිධ නිලධාරීන් අතට පත්වුණා. දෙදාහ වසරත් ලැබුවා. වොලිබෝලය ගැන විශේෂ යමක් සිදුවුණේ නැහැ. පැමිණි අනුග්‍රාහකයොත් තමන්ට නිසි අලෙවි ප්‍රතිලාභ නැති නිසා මඟ ඇරියා. කොහොම නමුත් 2012 වසරට එළඹෙද්දි වොලිබෝල් ක්‍රීඩාව ගැන සහතික කීපයක්ම ලැබිල තියෙනවා. ජාතික ශූරතා තරගාවලියට වැඩිභ සහභාගිත්වයක් ලැබිල තියෙන්නේ වොලිබෝල් ක්‍රීඩාවෙන්. වසරකට පුහුණු සංචිත හතරක් නඩත්තු කරන එකම පාලනය වොලිබෝල් වෙලා. ආසියාතික මට්ටමින් පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පිරිමි සහ කාන්තා තරගාවලි හතරකට වාර්ෂිකව සහභාගි වෙන ක්‍රිඩාව වොලිබෝල් වෙලා. තරගාවලි සහ විදෙස් සංචාරවලදී ක්‍රීඩා අමාත්‍යාංශය කියන විදියට, කරදරයක් නැති සම්මේලනය වොලිබෝල් වෙලා. කණ්ඩායම් තරග අතුරින් දකුණු ආසියාවේ වැල්ලේ ශූර ශූරියන් ඉන්න රට ශ්‍රී ලංකාව වෙලා.

අවුරුදු ගණනාවක ඉතිහාසයට වොලිබෝල් ක්‍රීඩාවෙන් ආසියාවේ පළමු රටවල් අට අතරට පැමිණෙන්න වොලිබෝල් සමත් වෙලා. මේ සියල්ලටම වඩා, වසර කීපයක් තිස්සේ ලංකාවේ ප්‍රධාන අලෙවි ආයතන තුනක් සමඟ නොකඩවා අනුග්‍රාහක දම්වැලකින් බැඳී සිටින එකම ක්‍රීඩා සම්මේලනය වොලිබෝල්.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ
සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා

මේ වගේ වාතාවරණයක් යටතේ පවතින වොලිබෝල් ක්‍රීඩාවේ ඉදිරි ගමනට මහඟු සවියක් දුන් වොලිබෝල් නෞකාවේ කප්පිත්තා ආ ගමන ගැනත් ඉදිරි ගමන ගැනත් පිළිබඳ කථාබහකට යොමු වුණා. ඒ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා.

* ඔබතුමා වොලිබෝලය ගැන ලොකු තෘප්තියකින් වගේ ඉන්නේ.

ඇත්ත වශයෙන්ම මම වොලිබෝලයත් එක්ක මේ දක්වා ආපු ගමන ගැන තෘප්තියකින් ඉන්නේ. මම ඊළඟට උත්සාහ කරන්නේ මේ තෘප්තිය සංතෘප්තියක් බවට පත්කරගන්න.

* ඒ කොහොමද ඒක කරන්නෙ?

අපි වෙරළ වොලිබෝල් වලින් පිරිමි කාන්තා අංශ දෙකෙන්ම දකුණු ආසියාවේ ශූරයෝ වුණා. ඊළඟට මම කල්පනා කරන්නේ ආසියාවේ කොතනට ද යන්නේ කියලා. ඒ වගේම පිරිමි වොලිබෝල් අංශයෙන් ආසියාවේ පළමු අට ඇතුළට ආවා. දැන් කල්පනා කරන්නේ එතැනින් තවත් ඇතුළට යන්නෙ කොහොමද කියලා. අනෙත් කල්පනාව තමයි අපි ආසියාවේ කෙළවරකට වෙලා තියෙන කාන්තා වොලිබෝල් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නේ කොහොමද කියලා.

* පසුගිය දිනවල ක්‍රීඩා ඇමැතිතුමා නීතියක් ගේන්න හැදුවා දේශපාලඥයින්ට ක්‍රීඩා මුල් පුටු තහනම් කරන්න.

ඔව් එහෙම වුණානම් මගේ ලබාගන්න තිබෙන සංතෘප්තිය, සංවේගයක් වෙන්න ඉඩ තිබුණා. මම ගිය අවුරුද්දේ නම් නැවත වොලිබෝල් සභාපති පදවියට පත් නොවි වෙන කෙනෙකුට බාර දෙන්නයි හිටියේ. ඒත් ඒ සැරේත් මාවම යෝජනා කළා. ඉතින් ඒ තනතුර අරන් වොලිබෝලය අංශ දෙකකින් ජාත්‍යන්තරයට ඔසවා දෙන්න මමත් දායක වුණා. මේ අවුරුද්දේ ලබන කොටම මම හිතාගෙන හිටියේ මට සභාපති කමෙන් අයින් වෙන්න ඕනැ කියලා.

ඒත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව උන්නතියට විප්ලවීය තීරණ ගන්න අපේ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ගේන්න හදපු යෝජනාවක් තමයි දේශපාලඥයින්ට ක්‍රීඩා සම්මේලනවල මුල් පුටුවලට පැමිණීම වළක්වන යෝජනාව.

එතුමාගේ ඒ අදහස ක්‍රීඩාවේ උන්නතියට වෙන්න පුළුවන්. තනතුරුවල රැඳි ‘බකන් නිලා හිටිය’ දේශපාලනඥයොත් ඉන්න ඇති. එන්. එම්. පෙරේරා, ගාමිණි දිසානායක, රොනි ද මැල්, ටිරෝන් ප්‍රනාන්දු, ඩී. පී. වික්‍රමසිංහ, රෙජි රණතුංග, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, මර්වින් කුරේ වගේ ඇමැතිවරු විතරක් නෙමෙයි චරිත රත්වත්ත ඔවුන් ක්‍රීඩා සම්මේලනවල මුල් පුටුවල ඉන්නා කාලේ මොනව හෝ සේවයක් කළා. මම වුණත් තනතුරට ඇවිල්ල නිකන් හිටියේ නැහැ. ඒ නිසා මට හිතුණා මට මේ අවුරුද්දෙත් සභාපති වෙන්න ඕනැ කියලා. හැබැයි තරගයකින් තොරව. ක්‍රීඩා ඇමැතිතුමාට මම කිව්වා ක්‍රීඩාවට දේශපාලඥයින් වශයෙන් ගොඩාක් දේ ලබාගන්න කරන්න පුළුවන් ශක්තියත් බලයත් තියෙනවා කියලා. තාවකාලිකව හරි ඒ යෝජනාව නැවැත්වීම පිළිබඳව මම ජනාධිපතිතුමාටත්, ක්‍රීඩා ඇමැති තුමාටත් ස්තුතිවන්ත වෙනවා.

* මේ වසරෙත් වොලිබෝල් සම්මේලනයේ සභාපති වෙන්නයි බලාපොරොත්තුව.

ඔව්, මම මේ අවුරුද්ද මගේ ‘අධිෂ්ඨාන වසර’ කියලයි මම නම් කරගෙන ඉන්නේ. මම අර කලින් කිව්වා වගේ වෙරළ වොලිබෝලයෙන් ආසියාව තුළ තැනකට යන්න පිරිමි වොලිබෝලයෙන්, සුපර් එයිට් වළල්ලෙන් රිංගන්න, කාන්තා වොලිබෝලයෙන් ආසියාවේ මැදට එන්න, මගේ අධිෂ්ඨාන වසරේ ප්‍රධාන අරමුණු තුනක්. මම දැන් ආසියාතික වොලිබෝල් සම්මේලනයේත් උප සභාපතිවරයෙක්. මේ තනතුර හරහා මට පුළුවන් වෙයි ශ්‍රී ලංකාවට යමක් ලබාගන්න. මම ඔලිම්පික් කමිටුවේ උප සභාපති වශයෙන් ඒ හරහාත් මට පුළුවන් වොලිබෝලයට යමක් කරන්න. මම ළඟදි කියුබාවෙ සංචාරයකට ගියා. එහේදී මට මුණ ගැසුණා එරට වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා. එයා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු වෙලා ඉඳලා ලෝක ශූරතාවලි දෙකකින් රන් පදක්කම් ;දකක්ම රටට අරන් දුන්න කෙනෙක්. එයා මට පොරොන්දු වුණා කාන්තා වොලිබෝල් ක්‍රීඩාවට පුහුණුකරුවෙක් ළඟදීම ලංකාවට එවන්න.

මම අපේ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඉන්නා රැකියා නැති කීප දෙනකුටම රැකියා ලබාදීමේ වැඩ පිළිවෙළක් ද සකස්කර ගෙන තියෙනවා. දැනටමත් මගේ කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව, විදේශ සේවා කාර්යාංශය ඇතුළු ආයතන දෙපාර්තමේන්තු කීපයකම රැකියා අරන් දීලා තියෙනවා. මේ අවුරුද්දේ තව පිරිසකට රැකියා ලබාදීමයි මගේ අදහස.

* සමහරු චෝදනා කරනව අද ගමේ වොලිබෝල් අඩුවෙලා කියලා.

ඒ චෝදනාවේ සත්‍යයක් නැහැ. අපි පාසල් හරි ජාතික ශූරතාවයක් හරි කරන කොට ක්‍රීඩා සමාජ දහස් ගණනක් ඉදිරිපත් වෙනවා. කෝ අනෙත් ක්‍රීඩාවල ජාතික ශූරතාවයට එහෙම පිරිසක් ඉදිරිපත් වෙනවා. වොලිබෝල් ක්‍රීඩා සමාජ පුහුණු වෙන්නේ ගමේ නොවෙයි ද? ඒ වුණත් පොදුවේ බලන කොට වොලිබෝල් තමයි අද සැම තැනම ප්‍රචලිත වෙලා තියෙන්නේ.

* ඔය මොනව කළත් වොලිබෝලයෙන් සාර්ක් කලාපයේ ඉන්නේ පස්සෙන්.

පාපන්දු වගේ නෙමේ අපිට ආසියාතික හෝ අනෙකුත් ජාත්‍යන්තර සංගම්වලින් මූල්‍යමය උපකාර ලැබෙන්නේ නැහැ. අපි ඒ සංගම්වලට වාර්ෂිකව සාමාජික ගාස්තුත් ගෙවන්න ඕනැ. ආසියාවේ පවත්වන ශූරතා තරගාවලි සඳහා සහභාගි නොවුණොත් දඩ ගෙවන්නත් ඕන.

අනෙත් එක අපි සාර්ක් කලාපයේ වෙරළ වොලිබෝල් වලින් ඉන්නේ රන් පදක්කම් කරේ එල්ලගෙන. පිරිමි වොලිබෝල්වලින් රිදි පදක්කම ලෝකඩ පදක්කම අපිට තියෙනවා. කාන්තා වොලිබෝල් වලින් අපි වරක් රන් පදක්කම දිනුවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා